ගංජා කිලෝග්‍රෑම් 195ක් මීයන් විසින් කා දැමූ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත.
ඒ අදාල ගංජා තොගය පොලිස් භාරයේ තිබියදී ය.
මෙම ගංජා තොගය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස උත්තර් අධිකරණය නියෝග කර ඇති අතර එහිදී පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත්තේ සිය අත්අඩංගුවේ තිබු ගංජා තොගයෙන් කිලෝග්‍රෑම් 195ක් මියන් කා දමා ඇති බවයි.
කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද ගංජා වෙනත් මාර්ගයන් ඔස්සේ ජාවාරම් කිරීම වැලැක්වීමේ උපක්‍රමයක් වශයෙන් මෙසේ මියන් කෑ බවට කරුණු වාර්තා කර ඇති බවයි.















































