පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් ස්වාමියා විසින් බිරිදට මුගුරකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ ස්ථානයට යන විටදීත් මරණයට පත් වූ තරුණිය ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇද වැටී සිටි බව පොලීසිය සදහන් කර තිබේ.මෙම කාන්තාව අසළ තිබී පහර දීම සදහා භාවිතා කරන ලද මුගුර හමු වී ඇති බව වාර්තා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව සදහන් කරයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ලඹුටුව , මිල්ලංගොඩ පදිංචි 23 හැවිරිදි කුමුදුනී දේශානි රණසිංහ නැමැති අයෙක් වන අතර මොවුන් දෙදෙනාට අවුරුදු තුන හමාරක දැරියක් සිටින බව වාර්තා වේ.
ඝාතනය සිදු කළ සැකකාර සැමියා පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු අරණායක පොලීසිය විසින් සිදු කරනු ලබයි.