කතාබහ කරන විට ඉතාම නිහතමානිව කතාකරන ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් අමත්‍යවරයා කුමක් හෝ නොකියන හේතුවක් මත හෝ නොතේරුම් කම නිසා ජනතාවට ප්‍රසිධියේම බොරු කියූ සහ ඛනිජ තෙල් ඇමතිගේ දෙමාපියන්ට තෙරුවන් සරණයි කීමට තරම් ජනතාව නිහතමානී විය.
ඔහුගේ ප්‍රථම බොරුව ප්‍රකාශ වුයේ මැයි මස 26 වැනිදාය. එදා සිට මේ දක්වාම කාංචන විජේසේකර මහතාගේ දේශපාලන දිවිය අහිමිකිරීමට තරම් ප්‍රබල බොරු ගනනාවක්ම ඔහුගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ විය.
විවිධ ඉන්ධන මිල සූත්‍ර, ඉන්ධන බෙදා හරින පිරවුම් හල් ප්‍රසිද්ධ කිරීම ආදී බොහෝ දේවල් සිදු වුයේ ඔහුගේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන රාජ්‍ය සේවකයන්ගේ නූගත් කළමනාකාරිත්වය යටතේය.
ඉන්ධන ලංකාවට නොපැමිණෙන බව දැන දැනත් පසුගියදා නැවතත් කූපන් ක්‍රමයක් හදුන්වා දුන්නේය. ලංකාවට ඉන්ධන පැමිණෙන්නේ නැතිබව අමාත්‍යවරයා දන්නේ නැතිනම් එය දන්නේ පුරවැසියන් වන අපද?. කෙසේ වුවත් මේ විනාශයන් පිටුපස සිටින සහ වගකිව යුතු පුද්ගලයන් තවමත් ජනතාව සමග බුරුවා ගසයි.
රටවැසියන්ට බොරු කීමේ ප්‍රතිපලය කෙතරම් දරුණුද යත්, ශ්‍රී ලංකාව මේ තත්වයට පත්වීමට හේතුවද එයමය. සත්‍යවාදී නායකයන් නොමැතිවීමෙන් සත්‍යවාදී නොවන රාජ්‍ය සේවයක් මෙන්ම අවස්ථාවාදී ජනතාවක් බිහිවිය. එහි ප්‍රතිපලය කෙතරම් දරුණුද යත් රජයට සහ දේශපාලකයාට මෙන්ම රාජ්‍ය සේවකයන්ටම බැන වදින සාමාන්‍ය වැසියන්ගේ නිවෙස් වල අඩුම තරමේ ඉන්ධන ලීටර් 10 ක් වත් තිබේ. එබැවින් රට ගිනි තැබීමට වගකිව යුත්තේ දේශපාලන සහ රාජ්‍ය නිලධරීන් පමණක්ම නොවේ, අයහපත් පුරවැසියන්ද එහි කොටස් කරුවන්ය.













































