නාවික හමුදාව, බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්වී සිදුකල මෙහෙයුමකදී 200kg කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමඟ ධිවර යාත්‍රා 02 ක් සිය භාරයට ගෙන තිබේ.
ඒ අනුව දකුණු මුහුදු තිරයේදී මෙම යාත්‍රා 02 ක් හා එහි සිටි සැකකරුවන් පිරිසක්ද සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මේ ආකාරයට ගොඩබිමින් දියඹින් පැමිණෙන්නේ මෙරට දරුවන්ගේ මාරයා බව අප කවුරුත් වටහා ගත යුතුව ඇත. එමෙන්ම දිනෙන් දින මේ ආකාරයට පැමිණෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වගකිවයුත්තන් කඩිනමින් පියවර ගත යුතුව තිබෙන බව සිහිපත් කිරීමට කැමතිය.















































