ශ්‍රී ලංකා රජය මෙරට කෘෂිකාර්මික සැපයුම් දාමය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව සමග අමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය ගිවිසුමකට එළඹ ඇත.
අද (03) දිනයේ අදාළ ගිවිසුම වෙත අත්සන් තබා ඇත.
ඒ අනුව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාට්වික් ෂෝපර් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් විසින් අද මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ඒ සඳහා එක්ව ඇති බව වාර්තා වේ.
මෙම ගිවිසුම යටතේ තෝරාගන්නා ලද දිස්ත්‍රික්කයන්හි මිලියන 16ක ජනතාවට ප්‍රතිලාභ හිමිවන අතර එමගින් මෙරට රජය ක්‍රියාවට නංවන ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන හිමිවේ.