චීන රජයෙන් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී ඇත.
එම උපකරණ තොගයේ වටිනාකම රු. මිලියන 127ක් පමණ වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම වෛද්‍ය උපකරණ තොගය ක්ෂණිකව මෙරටට ලබා දීමට කටයුතු කර ඇත.
ඒ අනුව මෙම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාරදීම අද (10) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදුවිය.
ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත එම වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන් මහතා විසින් නිලවශයෙන් භාරදී ඇත.