වෛද්‍යවරයෙකු විසින් බම්බලපිටිය ඩුප්ලිකේශන් මාර්ගයේ පිහිටා ඇති සුඛෝපබෝගී නිවසේ සේවය කිරීම සදහා මෙහෙකාරියක් අවශ්‍ය බවට දැන්වීමක් පළ කර තිබූ අතර පසුගිය 25 වනදා කාන්තාවක් මෙහෙකාර සේවය සදහා බව පවසමින් එම නිවසට පැමිණ ඇත.
මෙම කාන්තාව සේවයට ආ පළමු දිනම මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුළදී එම නිවසේ තිබූ රන් භාණ්ඩ සොරා ගෙන පලාගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් මෙම සැකකාර කාන්තාව වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකාරිය දෙමටගොඩ සියපත් සෙවන නිවාස සංකීර්ණයේ පදිංචි 38 හැවිරිදි අයෙක් බව කියයි.
සැකකාර කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ එම රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා ඇති බවයි.එම උණු කරන ලද රන් භාණ්ඩ සොයා ගැනීමට ද පොලීසිය සමත් වූ බව වාර්තා වේ.
මෙම සැකකාරිය මෙලෙස මෙහෙකාරකමට ගොස් හෝමාගම , අංගොඩ , තලංගම , වත්තල , මහබාගේ , දෙමටගොඩ , ජා ඇල , නිට්ටබුව , ආදී ප්‍රදේශවලින්ද දේපළ සොරකම් කර පසුව ඇප ලබා ගත් කාන්තාවක් බව සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන අතර සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .