English
සිංහල
05:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මේ අවුරුද්දවත් යතාර්ථයක් කර ගනිමු!.. ඔබේ සතුට තිබෙන්නේ ඔබ සතුවමයි!.. අලුත් ඇදුම් නැතිනම් පරණ ඇදුමෙන්ම සතුටු වෙමු!..

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඔබට සුබ නව වසරක් වේවා යයි, අප මුලින්ම ප්‍රර්ථනා කරන්නෙමු. ඒ පැතුම සමග එම පැතුම යහපත් ලෙස ඉටු වීමට නම් ඔබට කායික සහ මානසික ශක්තිය ඉහලින්ම තිබිය යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා වාසි ඔබට, මට අවශ්‍ය සියලුම දර්ශනයන් අප අදහන ආගම් වල මෙන්ම ආගමික සහ සංස්කෘතික උත්සව වල මනාව අඩංගුව තිබේ. එම දර්ශනය පෙන්වා දී තිබේ. වරද නම් මේ දුකට, සහ පීඩාවට හේතුව අපම බව අප හඳුනාගෙන නොතිබීමය.

    අද තව මොහොතකින්, සූර්යා මේෂ රාශියේ සිට රාශියෙන් රාශියට ගමන් කරලා මීන රාශියට ඇවිත් යලිත් මේෂ රාශියට සම්ප්‍රාප්ත වේ. අප ඔබට මෙහෙම ලීවට එය කුමක්ද?, යන්න ඔබට වෙනමම ඉගෙන ගැනීමට සිදුවේ. නොදන්නා දේ කියවන ඔබට එය විහිළුවක් වන බැවින් එම සාස්ත්‍ර මොනවාද?, යන්න ඔබට වෙනමම ඉගෙන යුතුව තිබේ. එයද ඔබේ මානසික ශක්තීන් ඉහල ගැනීමට උපකාරී වේ.

    ලෝකයේ එකම වෙලාවට වැඩ පටන් අරගෙන, එකම වෙලාවල් වලට වැඩ අවසන් කරන එකම සංස්කෘතික මංගල්‍යය පවතින්නේ සිංහල ජාතිය සහ හින්දු ආගමික ලබ්දිකයන් තුල පමණි. හින්දු ආගම ජාතීන් කිහිපයක්ම අදහන අතර ප්‍රධානතම ජාතිය වන්නේ ශ්‍රී ලංකික දමිළ ජනතාවයි. ඉන් පෙන්නුම් කරන්නේ මෙම ජාතීන් දෙක ශ්‍රී ලංකාව තුල චිරාත් කාලයක් තිස්සේ මෙම සංස්කෘතික මංගල්‍යය සිදුකරගෙන යන්නේ එකම රටක අභිමානය සමග බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට බෞද්ධ දර්ශනය තමා ආගම බවට පත්කරගෙන සිටී. එසේම සිංහල සහ දමිළ ජනතාව අතර ගැටුම් ඇතිකර තිබෙන්නේ විවිධ පටු අරමුණු සහිත සිංහල සහ දමිළ ප්‍රභූවරුන්ම බවද පැහැදිලිය.

    කෙසේ නමුත් විවිද බටහිර ගැතිකම් සහිත පරපුරක් පාලක පන්තිය විසින් බිහි කිරීම නිසා මේ වනවිට රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය එම සිරිත් සහ විරිත් අභාවයට යමින්, ලෝකයේ දුඛ්කිතම ජාතිය බවට ශ්‍රී ලාංකිකයන් පත්ව සිටී. එය මෙරට බොහෝ දෙනෙකුට තවමත් වැටහී නැත. කෙසේ වෙතත් පීඩිත ලක්ෂ ගණනාවක ජනතාවක් මෙම තත්වය හදුනාගෙන තිබුනත්, රට කරවන ඇත්තන්ට එය තවමත් නිසි ලෙස දැනී නැත. ඔවුන්ට කිසිම දිනයක එය දැන ගැනීමට ද අවස්තාවක් නැත. ඒ දුඛ පිලිබඳව දැනුමක් හෝ අත්දැකීමක් ඔවුන්ට නැති බැවිනි. එවැනි අත් දැකීමක් නැති පරපුරක් රටේ පාලකයන් බවට පත්කරනුයේ මෙරට ඡන්ද දායක ඔබමය.ඔබ බැනගත යුත්තේ ඔබටමය.

    සිංහල හින්දු අවුරුද්දත් කාලෙන් කාලෙට විවිධ අර්ථ ඉදිරිපත්කරමින් සමරන්නේ රටේ පාලක පන්තීන්මයි. එවැනි අර්ථ සිය ගනනාවක් ඉදිරිපත් කර තිබුනත් අපේ රටට තවමත් සෙතක් නැත්තේ මෙහි අරුත සහ ස්වභාව ධර්මය සමග පවතින ජීවයේ මනා සබදතාවය පිලිබදව තේරුමක් මෙරට පාලකයන්ට හෝ බහුතරයක් ජනතාවට නොමැති නිසාය. වර්තමාන පරපුර විවිධ ප්‍රශ්න නිසා දුක් විඳිති. නමුත් පැරණි සිරිත් සහ විරිත් සමග මනාව ගනුදෙනු කරන අපේ පැරැන්නන් තවමත් සතුටින් ජිවත් වෙති. ආර්ථික සංවර්ධනයක් නොමැති වුවත් ජිවත් වීමට අවශ්‍යම වන “මානසික සතුට” ඔවුන් සතුව මනාව තිබේ.

    එවන් වූ අපි අලුත් අවුරුද්ද සමරන ගමන් සංස්කෘතියේ හරය අප ආධ්‍යාත්මය තුල තිබෙන බව ලෝකයට පෙන්වීමට සලස්වනවා. බහුතරයක් තරුණ පරපුර මෙන්ම වැඩිහිටි පරපුරේද සැලකිය යුතු ප්‍රමාණයක් එසේමය. කෙසේ නමුත් ශ්‍රී ලාංකික සිංහල ජාතියම සංස්කෘතිය නමැති සංකල්පය නිසා දෙකට බෙදී සිටිති. රටක් ලෙස දියුණුවීමට නම් ප්‍රථමව තම සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුය. එය විනාශවන විට එයට සමගාමීව තම ජාතියද, රටද විනාශ වේ. එය විද්‍යාත්මකව ද පිළිගෙන තිබේ. කෙසේ නමුත් ඒ සංස්කෘතිය පිළිගෙන, එය රැකගෙන අපි එකම ජාතියක් හැටියට සහජීවනයෙන් ඉන්න ඕනි කියන මතවාදය තහවුරු කරන්න ආත්මාර්ථකාමී පිරිස් මේ වන තෙක්ම කටයුතු කර නැත.

    අප කුඩා කාලයේ අපේ වැඩිහිටියන් අපූරු ලෙස එම සංස්කෘතිය අපට ලබා දුන්නා. අලුත් අවුරුද්ද, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, වැනි බෞද්ධ සංකල්ප වටා ගෙතිලා තිබුණා. පරණ අවුරුද්දත් අලුත් අවුරුද්දත් අතර ඇති සංක්‍රාන්ති සමය පුණ්‍ය කාලය ලෙස වෙන් කරලා තිබුනා.පුණ්‍ය කාලය තුල අපි පන්සලට එක රොක් වුනා. අලුත් අවුරුදු ඇරෙඹන්නේ ලිප ගිණි මොලවා ආහාර පීසීමෙන් අනතුරුව ආහාර අනුභවය සහ ගණුදෙනු සඳහා කාලය වෙන් උණා. එක් විදියකට බලන විට මේ සිරිත් විරිත් භාවනාවක්. තවත් ලෙසක දානමය පුණ්‍ය කර්මයකි. අසල්වාසීන්, නෑදෑ හිතමිතුරන් අතර පරණ තරහ මරහ ඉවත්කරලා, අලුතින් ජීවිත පටන්ගන්න කටයුතු කළා. මේ අත්දැකීම් අප ලබා තිබේ. පැරණි සියලුම තරහවන් ඉවත් කිරිම අතිශයින්ම විශිෂ්ඨ වුවත්, දැන් අපට ඒවා දක්නට නැත. පන්සලට ගොස් මල් පහන් පූජා කරන්නේද යහපත් සිතිවිලි වලින් නොවේ. නමුත් ඒ අතර එම අර්තයටම ජීවත් වන පිරිසක් සිටිමද අපට ආඩම්බරයක් විය හැකිය. නැති වී ගිය සබඳකම් නැවත ඇතිකරගනිමින්, ගමේ වැඩිහිටියන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑම එකම පියසකදී සිදු වේ. සියලුම දෙනාට සමව සැලකීම මෙහිදී දක්නට ලැබේ.

    කෙසේ නමුත් අපට අද මේ කිසිවක් දක්නට නැති අතර සමස්ත සමාජයම කිලිටි වී ගොස්ය. එම සංස්කෘතිය විනාශය සමගම ශ්‍රී ලංකික ජන සමාජයේ සතුටද විනාශ වී ගොස් තිබේ. ගමක් නැත. එය වියැකී ගොස් ගෙදර පමණක් ඉතිරි වී තිබේ. ඉතිරිව තිබෙන ගෙදරද අද සතුට නැත. නිවැසියන් දහසක් ප්‍රශ්න සමග දැඩි මානසික ආතතියකින් ජීවත් වේ. කුඩා දූ දරුවන් ඉල්ලන සතුට දීමට වැඩිහිටියන් අපොහොසත්ව සිටී. නිලය, බලය, වංශය, කුලය, ජාතිය ඇතුළු විවිධ මාන්නයන්ගෙන් උදම් වූ සමාජයක් මේ වන විටත් ඇතිව තිබේ. සියල්ලටම වඩා උද්දච්චකම රජකරවන සමාජයක් අපට උරුමව තිබේ. අපේ මාධ්‍ය මෙහෙවරේ ඉලක්කය වන්නේ මේ සමාජයට නැති වී ගිය සතුට ලබා දීමය.

    අපේ පැතුම රාවණා ඉතිහාසය, ඔවුන් රට ගොඩ නැගූ අයුරු නැවතත් ඔබට මනාව ඉගැන්වීමයි. එම ක්‍රමය තුලින් සහ ආගමික දර්ශන තුලින් ඔබට සතුටින් ජිඉවත් වීමට අවශ්‍ය දර්ශනයන් සහ ඒවා විද්‍යාත්මක ක්‍රම ඔස්සේද ඔබට ඉගැන්වීමටයි. අප තවමත් එම ඉගැන්වීම් ආරම්භ කර නැත.

    ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලය සමග එකතුව සිටින සියලුම දෙනාටත්, රට වැසි ලෝ වැසි සියලුම දෙනාටත් ඉදිරි ජිවිත සතුටින් ගත කිරිමට අවශ්‍ය ශක්තිය සහ දිරිය නිබඳවම ලැබේවා. එය අපගේ ප්‍රාර්ථනාවයි!…

    මේ අවුරුද්දේ ඇදුමක්වත් ගැනීමට නොහැකි වූ කදුලෙන් ජීවත්වන දරුවන්, දෙමාපියන් විශාල ප්‍රමාණයක් සිටී. ලබන අවුරුද්ද එසේ නොවේවා යන්නත්, මේ දුක්ඛිත තත්වයෙන් රට ඉදිරියට ගැනීමට පාලක පන්තියට බුද්ධිය පහල වේවා යන්න අපගේ ඊ ළග පැතුමයි!..

    හොරකමට, වංචාවට මුල පුරා සිටින දූෂිත නිලධාරීන්, අයහපත් වෙළෙන්දන් ඇතුළු සමාජයට අහිතකර කටයුතු කරනා සියලුම පුද්ගලයන්ගේ බලය හීන වී ගොස් යහපත් පුරවැසියන් බිහිවීමේ දර්ශනය ජනගත වේවා යන්න අපගේ අවසන් පැතුම වේ!…

    ඡායාරූපය අන්තර්ජාලයෙනි..
    www.ravanalankanews.lk

    Tags: ප්‍රජා පුවත්විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version