English
සිංහල
13:05 සෙනසුරාදා, අප්‍රේල් 18, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මේ උදාවන්නේ ශ්‍රී ලාංකික අපගේ අඳුරුම යුගය විය හැක. මිනිසුන් දිවිනසා ගන්නා යුගයක ඇරඹුම නුදුරේදීම දැක ගත හැක.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම යුගයට අපට තව නොබෝ දිනකින් මුහුණ පෑමට සිදු විය හැකි අතර ඒ පිළිබඳ වැදගත් අදහස් රැසක්‌ රසික ජයකොඩි මහතා විසින් මෙසේ සදහන් කර තිබෙනු අපට හමුවිය.

    “ගෝඨාභය රාජපක්ෂ 13 වැනිදා ඉල්ලා අස්වන බවට නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇති බවට මීට සුළු මොහොතකට පෙර වාර්තා පළ වුණා.

    මට තේරෙන විදියට තවදුරටත් බලයේ එල්ලී ඉන්න ගෝඨාභයට හැකියාවක් නැහැ. මේ වෙලාවේ ජනප්‍රිය වෙන්න කැමති conspiracy theorist ලා කුමක් කිව්වත් ගෝඨාභයට දැන් ගෙදර යනවා හැරෙන්න වෙනත් විකල්පයක් ඉතිරි වෙලා නැහැ.

    ගෝඨාභය ඉවත් විය යුත්තේ මේ රටේ ආර්ථික අර්බුදය මේ තරම් ඔඩු දුවන්නට වැඩි ම දායකත්වයක් දැක්වූයේ ගෝඨාභයත් ඔහු ගේ තක්කඩි උපදේශකයිනුත්, රාජපක්ෂ පවුල වටා සිටි දූෂිත, ජාවාරම්කාර කල්ලියත් වීම නිසයි.

    මේ නිසා කුමන නිර්ණායකය යටතේ බැලුවත් ගෝඨාභයට තවත් එක තත්පරයක්වත් බලයේ ඉන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ගෝඨාභය යනු ලංකා ඉතිහාසයේ ජනතාව විසින් පන්නා දැමූ පළමුවෙනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙනවා.

    ඒත් ගෝඨාභය පන්නා දමන්නට පාරට පැමිණි ජනතාවගෙන් අති මහත් බහුතරයක් තවමත් විශ්වාස කරන්නේ ගෝඨාභය ඉවත් වුණොත් රටට මෙයට වඩා හොඳ කලක් උදා වනු ඇති බවයි.

    ඒ කියන්නේ ඔවුන් ජූලි 13 වැනිදායින් පසු මෙයට වඩා සුවපහසු, සැපත් ජීවිතයක් බලාපොරොත්තු වෙනවා – සහන බලාපොරොත්තු වෙනවා.

    ගෝඨාභය ගිය පසු විදේශ රටවල් ලංකාවට ආධාර එවනු ඇතැයි ද, විදේශ රටවල ලාංකිකයන් එතැන් සිට ලංකාවට ඩොලර් පොම්ප කරනු ඇතැයි ද ඔවුන් අවංකව ම සිතා සිටිනවා.

    ඒ මිනිසුන් මෙහෙම සිතා සිටින්නේ ලංකාව වැටී ඇති අගාධයේ තරම ගැන ඔවුන් ට තවමත් කිසිම අවබෝධයක් නැති වීම නිසයි. ඒ කියන්නේ තමන් මේ අපායේ කොයිතරම් ගැඹුරට වැටී ඇත්දැයි යන්න පවා ඔවුන් දන්නේ නැහැ.

    ඔවුන් මෙතෙක් කල් ගොඩනගාගෙන සිටි බොහෝ බලාපොරොත්තු තවත් සති කිහිපයක් ඇතුළත ඔවුන් ගේ ඇස් ඉදිරියට ම සුණු විසුණු වෙලා යනවා.

    දැන් ලංකාව තියෙන්නේ එහෙම ලේසියෙන් ගොඩගන්න පුළුවන් තැනක නෙවෙයි. ඉදිරි කාලය තුළ කවුරුන් ආණ්ඩුව හැදුවත් නැතත් රට මේ ප්‍රපාතයේ තවත් ගැඹුරට තල්ලු වීම සක්සුදක් සේ පැහැදිලියි.

    මා හිතන විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) කිසියම් සහනයක් ලැබෙනවා නම් ලැබෙන්න හිතනවාට වඩා දීර්ඝ කාලයක් ගතවෙනවා – ඇතැම් විට එයින් කිසිම සහනයක් නොලැබී යන්නටත් පුළුවන්.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහනයක් ලැබෙන්නේ ණය සම්බන්ධයෙන් තිරසරභාවයක් ඇති වුණොත් විතරයි. එහෙම වන්නට නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා කරන්නට ලංකාවේ ආණ්ඩුව දැනටමත් ජාත්‍යන්තර උපදේශක සමාගම් පත් කරගෙන තියෙනවා.

    එහෙත් දැන් දැනගන්නට ලැබෙන විදියට චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට සූදානම් නැහැ. චීනයේ තර්කය වන්නේ තමන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් පකිස්ථානය ඇතුළු තවත් රටවල් තමන්ගෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නත් සිදුවිය හැකි බවයි. ඒ නිසා චීනය කියන්නේ අවශ්‍ය නම් ණය ගෙවන්නට පමණක් තවත් ණයක් දිය හැකි බවයි.

    චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළොත් ජපානය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඉන්පසු අනෙක් හැමෝමත් ඒ ස්ථාවරයට ම එනවා.

    මේ ප්‍රශ්නය විසඳාගන්නා තුරු IMF වෙතින් ලංකාවට උදව් ලැබෙන්නේ නැහැ.

    මේ නිසා ම ඉතා ම අඳුරු කාලයකට ලංකාවේ මිනිසුන්ට ඉදිරියේ දී මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ අඳුර ලංකාවේ බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නවාට වඩා අඳුරුයි.

    ඉදිරියට එන අඳුරු කාලය තුළ ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔබ බලා සිටියදී මහපාරට වැටෙනවා. ග්‍රීසියේ එසේ මහ පාරට වැටුණු හුඟ දෙනෙක් දිවි නසාගත්තා. ලංකාවේ එහෙම නොවෙන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

    ඒත් තවමත් ලංකාවේ බොහෝ මිනිසුන් වෙසක් බලනවා වගේ ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය බලන්න යමින්, ඒවායේ ඇති පොදු දේපළ ද විනාශ කරමින්, ගෝඨා පිහිනූ පූල් එකේ පිහිනමින්, ගෝඨා නිදාගත් ඇදේ බම්ප් වෙමින් ග්‍රාම්‍ය ලෙස හැසිරෙනවා මිස මෙතැනින් එහාට ඇති ප්‍රශ්න විසඳාගන්න මැදිහත්වෙන්නේ කෙසේදැයි සිතන්නේ නැහැ.

    ලංකාවේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් සමාජ තීරුවේ මිනිසුනුත් මේ ග්‍රාම්‍යකම් උත්කර්ෂයට නංවමින්, ඒවායෙන් ආස්වාදයක් ලබමින් දිය සැළියේ නටන කකුළුවන් මෙන් හැසිරෙනවා. අප සමාජයක් විදියට එබඳු මෝඩ චූන්වල ගිලෙන්නට ඉතා ම කැමැතියි.

    ඒත් ඇත්තට ම සිතුවොත් සැබෑ අරගලය, විධිමත්ව ආරම්භ විය යුත්තේ මේ මොහොතේයි. ඒත් මේ රටේ අති බහුතරයකට ඒ ගැන ගාණක්වත් නැහැ.

    මා ජනප්‍රියවාදී දේශපාලනය නොකරන්නේ ලංකාවේ මිනිසුන් ගේ තියෙන මේ අවුල ගැන දන්නා නිසයි. ඒ නිසා මිනිසුන් අසන්නට කැමති කතා කියමින්, ඔවුන් ගේ ඔලමොට්ටලකම් සාධාරණීකරණය කරන දේශපාලනය මා පිළිකුල් කරන නිසයි.

    කොයිතරම් කටුක වුණත්, කොයිතරම් අමානුෂික වුවත්, කොයිතරම් නිර්දය වුණත් අප සත්‍යයට මුහුණ දිය යුතු යැයි මා විශ්වාස කරනවා. එයට වඩා දේශපාලනයක් මා දන්නේ නැහැ.

    මේ මොහොතේ දේශපාලනය කරන කෙනෙකුට කරන්න පුළුවන් නරක ම දේ ලාබ ජනප්‍රියවාදියෙකු වීමයි. මේ වගේ අන්ධකාර කාලයක ඔවුන් තමනුත් විනාශයට යමින්, අන් අයත් විනාශයට ගෙනයනවා.

    ලංකාව ඇත්තට ම මේ ගමන් කරමින් සිටින්නේ අන්ධකාර දශකය තුළටයි. අඩු තරමේ දශකයකින් හෝ මෙයින් එළියට එනවාද, එහෙම නැත්නම් දශක හතරක් පහක් ම මේ අන්ධකාරයේ සිරවෙනවාද යන්න තීරණය වන්නේ මේ මොහොත අප තේරුම් ගන්නා විදිය මතයි.”

    –

    රසික ජයකොඩි
    11 – 07 – 2022

    Tags: විශේෂවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    Uncategorized

    ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

    පෙබරවාරි 9, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කරයි!  දේශපාලන උවනාවක් දැයි සැකයක් ! සේවකයින්  විරෝධය පාති!

    පෙබරවාරි 3, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version