English
සිංහල
01:03 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මේ මරණයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතුමයි – විපක්ෂ නායක සජිත්

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ මෘග ආණ්ඩුව, මේ දුර්දාන්ත ආණ්ඩුව, මේ ඒකාධිපති ආඥාදායක ආණ්ඩුව, මේ මිනීමරු ආණ්ඩුව මේ මරණයට වගකිවයුතු බවත් ඒකට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අනිවාර්යෙන් වගකිවයුතු බවත් ඊයේ (27) කුලියාපිටියේ දී පැවැති “නිරුත්තර රටකට උත්තරය’මෙයින් පැවති ජන හමුවට සහබාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    මේ පිලිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

    කතාව ආරම්භයේ දීම ඉතාමත් ශෝකජනක පුවත් කියන්න ඕන.අපේ දේශපාලන මතිමතාන්තර, අපේ දර්ශනය හා ප්‍රතිපත්ති පිළිබඳ බරපතල වෙනස්කම් තිබුණත් අපත් සමග විපක්ෂයේ කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ මැතිවරණය ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂණයේ දී එයට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා නිවිතිගල ගම් ප්‍රදේශයේ නිමල් අමරසිරි මැතිතුමා ජීවිතක්ෂණයට පත්වූ බව.මේ මෘග ආණ්ඩුව, මේ දුර්දාන්ත ආණ්ඩුව, මේ ඒකාධිපති ආඥාදායක ආණ්ඩුව, මේ මිනීමරු ආණ්ඩුව මේ මරණයට වගකියන්න ඕන. ඒකට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතුමයි.

    ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යූහය තුළ මහජන ඉල්ලුම මහජන පැතුම වෙනුවෙන් මහපාරට බැස්ස නිමල් අමරසිරි මහතාට එල්ල කළ ඒ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට පක්ෂයක් ලෙස බලවේගයක් ලෙස විරෝධය පළ කරන බවත් ජාති ආගම් කුල මළ පක්ෂ පන්ති භේදයකින් තොරව මැතිවරණයක් ඉල්ලා කරන අරගලයට වෙනුවෙන් අපි ද සටන් වදින බව කියන්න කැමතියි.

    වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇවිත් නාඩගම් නටනවා. එයා කියනවා ඡන්දෙට සල්ලි දෙන්න බෑලු. ඡන්දෙට සල්ලි නෑලු. සල්ලි තිබුණත් දෙන්න ඡන්දයක් නෑලු. හැබැයි ඒම කියන ගමන ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා බාර දෙනවා. ඒත් පක්ෂයේ නායකයා රටේ ජනාධිපතිවරයා කියනවා ඡන්දෙට සල්ලි දෙන්න බෑලු. සල්ලි නෑලු. ඡන්දෙත් නෑලු. මම අහනවා ඡන්දයක් නොමැතිනම් තමන්ගේ පක්ෂය නාමයෝජනා දුන්නේ ඇයි?

    මේ ජනාධිපතිවරයාගේ එකම අරමුණ ඉලක්කය තමයි මැතිවරණය කල් දැමීම. ඔබගේ ඡන්ද අයිතිය උදුරාගැනීම. එය මානව අයිතියක්. එය මූලික අයිතියක්. නමුත් මේ රට විනාශ කළ රාජපක්ෂ පවුලේ අතකොලුවන් 134ක් එකතුකර ගෙන පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවෙලා ඒ හයිය අතට අරගෙන එයා තීන්දු කරනවා එයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ධුරය, මැතිවරණ කොමිසම, මුද්‍රණාලායේ ප්‍රධානියා ලෙස රටම නටවනවා. මම කියන දේ මත මමත්වය ඇති කර ගෙන. මේ මමත්වය තුළ බදු බර වැඩි කරලා විදුලි බිල සියයට 250කින් වැඩි කරලා තෙල් මිල වැඩි කරලා. දැන් මිනිසුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. අම්මලා තාත්තලට දූදරුවන්ට කන්න දෙන්න පොත් අරන් දෙන්න සපත්තු අරන් දෙන්න පොත් බෑග් ගන්න හැකියාවක් නැ.

    පාසල් ගැන කතා කරන කොට කුරිරු ත්‍රසාතවාදීන් ඝාතනය කළ ලයනල් ජයතිලක මහතා. අධ්‍යාපන සේවා ඇමතිවරයා ලෙස නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් පොත් බෙදා දීම සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒත් අද එදා දුන් පොත් පත් අද අහිමි වෙලා. පාසලකට යන්න බෑ ආහාර නැතැව කලන්තේ දානවා. ලයනල් ජයතිලක ශ්‍රී නාමයය සදා අමාරණීයි. නමුත් අද කුලියාපිටියේ ජනතාවත් වයඹ පළාතේ ජනතාවත් මුළු රටේම ජනතාව තමන්ගේ ජන ජීවිතය ගරා වැටිලා කඩා වැටිලා. සුන්බුන් වුණ දේශයක් ජනතාවට උරුම කර දුන්නේ මේ රට විනාශ කළ රාජපක්ෂවරු.

    අද මේ ක්‍රියාත්මක වෙන්න රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව. රාජපක්ෂලා රකින ආණ්ඩුව. රාජපක්ෂලාගේ ජන පීඩක ජන ඝාතන ප්‍රතිපත්තිය. වෙනසක තිබෙන්නේ අද ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නොවීමයි. ඒත් රනිල් වික්‍රමසිංහ කියන්නේ රාජපක්ෂලාගේ ජනාධිපති. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහට කියනවා දැන් කවුරු කැමති වුනත්අකැමැති වුණත් ඔබේ අතේ ලේ තැවරුනා.

    මේ රටේ මහජන අයිතිය නැති කරන්න විනාශ කරනන් ගිහින් මැතිවරණ සිතියම හකුලන්න ගිහින් ඔබේ දෑතේ ලේ තැවරී අවසානයි. අපි ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මේ රටේ සකලවිධ බලවේග ඒකරාශී කර ගෙන රටේ ජනතාවගේ ඡන්ද අයිතිය ජය ග්‍රහණය කරනන කැපවෙනවා.

    මේ ගරාවැටුණු දේශය ගොඩ ගන්න කෙසේද? මේකට උත්තරය මොකද්ද? මේකට ඇති එකම උත්තරය විවෘත ආර්ථික මානුෂිය ධනවාදී උත්තරය පමණයි. අපේ රට තුළ මේ ගරාවැටුණු දේශය කොමියුනිස්ට් වාදයෙන් මාක්ස් වාදයෙන් ලෙනින් වාදයෙන් ස්ටාලින් වාදයෙන් ට්‍රොක්සි වාදයෙන් ගොඩ ගන්න බැ. මේ රට තුළ මානුෂිය ධනවාදි සමාජ ප්‍රජාතන්ත්‍රවදී ප්‍රතිපතතියක් ක්‍රියාත්මක කළ යුතු යි. ඒ තුළින් අපි මේ රටේ ධනය උත්පාදනය කරලා නිපදවන ධනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හරහා සෑම ජන කොට්ඨාසයකටම බෙදී යන ආකාරයට ආදායම් සහ සම්පත් සමසේ බෙදී යන ආකාරයට මේ වැඩ පිළිවෙළ සකස් කිරීමයි අපේ ක්‍රමය.

    රටේ නිෂ්පාදනය ක්‍රියාවලිය සම්පූර්ණයෙන් රජය අතට ගත්තොත් අපේ රටේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන්ට වෙන්නේ. මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 60කට ආසන්න ප්‍රමාණයක් දායක වෙන්න ඔවුන්. විශාල ප්‍රමාණයකට රැකියා දෙනවා. ගෝඨාභයගේ දුර්දාන්ත ප්‍රතිපත්ති නිසා මේ රජයේ දුර්දාන්ත පොලී අනුපාත නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා. සියයට 30-35 පොලියට ඒවා නඩත්තු කරන්න බැහැ. ඒවා කර ගෙන යන්න බැහැ. අලුත් කර්මාන්ත බිහි කරන්නත් බැහැ.

    ලෝකයේ නව ව්‍යාපාර ආරම්භ කරනවා. අපිට කරනන බැහැ. ඒ මේ පොලිය නිසා. විකල්පය කොමියුනිස්ට් වාදය නොවේ. විකල්පය පෞද්ගලික කර්මාන්ත රජයට පවරා ගන්න එක නොවෙයි. අපේ විකල්ප කණ්ඩායම් කියාගෙන යනවා ඒ අය බලයට ආවම රට ගොඩ ගන්නවලු. මගේ පියා බිහි කරපු ඇගලුම් කම්හල් 200 නිසා ඩොලර් ටික හම්බෙනවා. ඒ 200 රජයට ගත්තොත් ඒවා වැහෙනවා. ඒ නිසා මේ අන්ත සමාජවාදී ප්‍රතිපත්ති තුළින් මේ රට ගොඩගන්න බැහැ. වෙන්නේ එක දෙයයි. මේ බංකොලොත්භාවයෙන් තවත් වැටෙන එක විතරයි.

    මේ රටට අවශ්‍යයි අලුත් දර්ශනයක් වැඩපිළිවෙළක්. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් තනි පුද්ගලයකුට නොවෙයි කණ්ඩායමකට. ඒ දක්ෂ පක්ෂ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සතුවයි. බය වෙන්න එපා.

    මේ අවස්ථාවේ පැහැදිලි වෙනසක් ඕන. අපනයන නිෂ්පාදන කර්මාන්ත කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනයට යා යුතුයි. දුප්පත් කම තුරන් කිරීමට වැඩපිළිවෙළකට යා යුතුයි. ඩිජිටල් කේන්ද්‍ර කර ගත් ආර්ථීකයකට වැඩපිලිවෙලකට යා යුතුයි. පරිගණක විද්‍යාවට තොරතුරු තාක්ෂණයට මුල්තැන දිය යුතුයි. මේ හැමදේම කරන්න අපේ රටේ අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් කරන්න ඕන.

    අපි මෙහෙම කතා කරනකොට ලෝකයේ දියුණු රටවල තාරුණයය නව තාක්ෂණයෙන් ඉදිරියට යනවා. කෘතීම බුද්ධිය නවීන තාක්ෂණය බයෝ තාක්ෂණය බිග් ඩේටා වැනි නව සංකල්ප තිබෙනවා. අපි මේ රටේ ඩිජිටල් පරිවර්තන යුගය බිහි කළ යුතුයි. කුලියාපිටිය කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපනයෙන් සශ්‍රීක පුරවරයක් බවට අධ්‍යාපන කලාපයක් ඇති කරනවා. තොරතුරු තාක්ෂණයෙන් ඩිජිටල් විප්ලවයක් ඇති කරනවා.

    මගේ පියා ඇගලුම් කම්හල් විප්ලවයක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵල අදටත් අපි විඳිනවා. මම මේ රටේ තාරුණ්‍යය කේන්ද්‍ර කර ගත් තොරතුරු තාක්ෂණ විප්ලවයක් ඇති කරනවා. වයඹ පළාත තොරතුරු තාක්ෂණ පුරවරයක් බවට පත් කරනවා.

    පුළුවන් නම් අන්තර්ජාලයේ හොයලා බලන්න ඇමෙරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තයේ තිබෙන සිලිකොන් වැලි කියලා ප්‍රදේශයක්.එය තොරතුරු තාක්ෂණ පරිගණ විද්‍යා කෙන්ද්‍ර කර ගත් පුරවරයක්. මේ සිලිකොන් නිම්නයේ ඉන්න මෘදුකාංග ඉංජිනේරුවන් ඉන්නේ ඉන්දීය ජාතිකයන්. දශක කිහිපයකට පෙර ඉන්දියාවේ චන්ද්‍රබාබු නයිඩු, එස්. එම්. ක්‍රිෂ්ණා වැනි ඇමතිවරු තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ක්‍රියාත්මක කළා. මෘදුකාංග ඉංජිනේරුවන් බිහි වුණා. එසේ බිහි වූ අය දැන් ඇමෙරිකාවේ සේවය කරලා ඉන්දියාවට විශාල විදේශ විනිමයක් ගේනවා. ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම තාක්ෂණය පිළිබඳ කළමනාකරණය පිළිබඳා වෙනමම ප්‍රවීණ ආයතන තිබෙනවා.

    ඒ නිසා අපි අදහස් කරනවා බලයට ආවම පළමු වටය යටතේ දිස්ත්‍රික්ක 25ම කළමනාකරණ ආයතන තොරතුරු තාක්ෂණ ආයතන 1 බැගින් ආරම්භ කර පසුව ප්‍රාදේශීය ලේකම් උප ලේකම් බල ප්‍රදේශ 341කටම කළමනාකරණ හා තාක්ෂණ විද්‍යාල ආරම්භ කර නව තාක්ෂණයෙන් දැනුමෙන් සන්නද්ධ වුණ ශ්‍රී ලංකා ෆස්ට් යන සංකල්පය කරා යන ජව සම්පන්න තාරුණයක් පුරවැසි පරපුරක ඇති කරන්න අපේක්ෂා කරනවා.

    මතක තියා ගන්න මේ රටේ වෙනස සිදුවිය යුත්තේ එකතැනකින් විතරන් නොවේ. මුල ඉදලම අධ්‍යාපනය වෙනස් විය යුතුයි. පෙරපාසල් අධ්‍යාපනයේ සිය විධිමත් අධ්‍යාපනයක් ක්‍රියාත්මක කරනවා. මේ රටේ තාරුණයය ලොව ජය ගන්න තාරුණයක් බවට පත් කරනවාමයි. ඒ වගේම රාජපක්ෂලා රකින්නට ආව මේ සෙවනැලි ආණ්ඩුවට මේ ජනාධිපතිවයාට සහ ආණ්ඩුවට කියනවා, ඔබලා හැමවෙලේම රටේ සල්ලි නැ නැ ගගා බදු වැඩි කර ඉන්නවා. ඇයි ඔබට රජයක් ලෙ ස මේ රටේ හොරා කෑව මුදල් ටික අල්ලන්න බැරි. හොරු අල්ලන්න බැරි ඇයි කියලා අහනවා. හොරු අල්ලන්න බැරි එකම හේතුව මේ රටේ ජනාධිපතිවරයා හොරු විසින් පත් කළ කෙනෙක්. ඉතින් හොරු අල්ලයි කියලා හිතන්න බැහැ. ඒත් අපි හොරු අල්ලලා හොරු හොරා කාපු මුදල් ටික නැවත අපි ලබා ගන්නවාම

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version