පසුගිය 22 වනදා සිට මේ දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවුන් 22කගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .
එම දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාප කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ බටහිර වෙරළ තීරය ආශ්‍රිතව මෙම කැස්බෑ මරණ වාර්තා වී ඇති බවයි.
අද (25) දිනයේ ද මියගිය කැස්බෑවුන් සිව් දෙනෙකුගේ සිරුරු ගාලු මුවදොර, පානදුර සහ වැල්ලවත්ත යන වෙරළ තීරවල තිබී සොයා ගත් බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය ද විමර්ශන ආරම්භ කර ඇති බවත් , අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .