English
සිංහල
20:39 අඟහරුවාදා, නොවැම්බර් 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මේ වසරේ අය-වැයෙන් ජනපතිවරණයට මහමැතිවරණයට කෝටි 1,000ක් වෙන් කෙරේ

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අය-වැය ඇස්තමේන්තු මඟින් මේ වසරේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් (කෝටි 1,000ක්) වෙන් කර ඇතැයි කැබ්නට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදු වන බව හෙතෙම කීවේය. පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ, 2025 වසර සඳහා වන අය-වැය මඟින් ලබාදීමට සිදු වන බව ද ඇමැති මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ බව ඒ මහතා සඳහන් කළේය.

    කෙසේ වුවද 2025 වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම, 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය) ප්‍රකාරව ස්ථාපිත කරන ලද සහ අංක 2354/06 දරන 2023-10-16 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව අවශ්‍ය වන්නේ නම්, අදාළ මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද ඇමැති මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගත් බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීවේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම කරුණු මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීම සඳහා ඇමැති මණ්ඩලය විසින් සිය එකඟතාව ලබාදීමට තීරණය කළ බව ඇමැතිවරයා කියා සිටියේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් අනුව නියමිත කලට අවශ්‍ය මැතිවරණ පැවැත්වීමට රජය කටයුතු කරනවා. ඒ සඳහා තිබෙන ප්‍රධාන බාධකය වෙන්නේ ප්‍රමාණවත් අරමුදලක් වෙන්කර ගැනීමේ ගැටලුව. ඒ ගැටුලුකාරී තත්ත්වය එලෙසින්ම පැවැතියත් 2024 වසර තුළදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් බිලියන 10ක් වෙන්කර ඇති බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. 2025 වසර තුළදී පළාත් සභා, පළාත් පාලන යනාදියේ ඡන්ද පවත්වන්න පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය තිබෙනවා. 2023 වසරේදී විගණනය නොකළ වාර්තා අනුව පසුගිය වසරේ ආදායම් වශයෙන් අපට ලැබිලා තියෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1550යි. රේගු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 922යි.

    සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 169යි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 20යි. මෙය බදුවලින් ලැබිල තියෙන්නේ.

    බදු නොවන ආකාරයට රුපියල් බිලියන 219යි. ප්‍රදාන රුපියල් බිලියන 16යි. තැන්පතු වර්ගවලින් රුපියල් බිලියන 303යි. භාණ්ඩාගාරයට සියලුම ආකාරයෙන් 2023 වසරේදී ඇවිල්ලා තිබෙන්නේ මුදල් රුපියල් බිලියන 3201යි. ට්‍රිලියන 03යි. පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 4394ක්. ට්‍රිලියන 03ක් ලැබෙනකොට ආණ්ඩුව පත්වාගෙන යන්න ට්‍රිලියන 04ක්. පවත්වාගෙන යන්නත් ට්‍රිලියන් 01ක් මදි. වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සහ අනෙක් පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 2160යි. පොලී 2263යි. ඒ පුනරාවර්තන වියදම් ටික රුපියල් බිලියන 4394යි.

    රජයක් විදේශ ණය නොගෙවා හිටියත් අනෙක් ණය ගෙවන් ඕන. ණය ගෙවන්න හා ප්‍රාග්ධන වියදම් දරන්න 2023 වසරේ දී භාණ්ඩාගාරයෙන් වියදම් කරලා තිබෙනවා රුපියල් බිලියන 8898ක්. භාණ්ඩාගාරයෙන් පිටතට ගිය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 13392ක්. 2023 වසරේදී සියලුම ආකාරයන්ගේ භාණ්ඩාගාරයට ගලාගෙන ඇවිත් තිබෙන්නේ ට්‍රිලියන 03යි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාලමක් බර වාහනයක් සමඟ කඩා වැටීමෙන් ගමනා ගමනය සම්පූර්ණයෙන් නතර වෙලා. විෂය භාර ඇමැතිවරයා වශයෙන් මම කාර්ය මණ්ඩලය එතැනට යවලා තිබෙනවා තාවකාලික පාලමක් ඉදිකරන්න. පාලමක් ඉදි කිරීම සඳහා මූල්‍ය සපයා ගැනීම ගැන අපිට ගැටලුවක් තිබෙනවා. ඉතාම අනතුරුදායක පාලම් 30ක් තිබෙනවා.

    එය හැදීම සඳහා මූල්‍ය තත්ත්වය උඩ බැහැ. පුනරාවර්ත වියදම් සඳහාවත් මුදලක් ආණ්ඩුවට ආදායම් වශයෙන් ලැබෙන්නේ නැහැ. කුමන ජනාධිපතිවරයෙක් යටතේ වුවත්, කවර ආණ්ඩුවක් යටතේ වුවත් ලැබෙන මුදල් හා දරන වියදම් ගැන කළමනාකරණය පිළිබඳ දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් අපි ක්‍රම ක්‍රමයෙන් සොයාගත යුතුයි. සියලු අර්බුදයන්ට හේතු දෙකයි. රාජ්‍ය අය වැයේ ජංගම ගිණුමේ හිඟය, ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය. මේ දෙකට උත්තර නැති කිසි කෙනෙක්ට ඉස්සරහට ආණ්ඩු කරන්න බැහැ. ඒ අමාරුවෙන් තමයි මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කරලා තිබෙන්නේ. සංඛ්‍යා දත්ත රහිතව හිතට එන ඕනම දෙයක් කියන්න පුළුවන්. නමුත් සංඛ්‍යා දත්ත එක්ක මේ සියල්ල බලන්න පුළුවන්. විගණනය කළාට පස්සේ රජයේ විගණකාධිපතිවරයා ඉතුරු සංඛ්‍යා මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරයි.


    (දිනමිණ)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version