හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙසේ ප්‍රකාශ ලබා දී ඇත්තේ රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දණ්ඩලය නියම වී සිටි ජූඩ් ජයමහට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙනි.
















































