අද (27) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අදිකරණයේදී පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විභාග වන අවස්ථාවේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ව්ත්ති කුඩුවට නොනැගි සම්බන්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හට අවවාද කිරීමෙන් අනතුරුව ව්ත්ති කුඩුවට නැග ඇති බව වාර්තාවේ.
අවවාද කොට ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණි ගමගේ විසිනි.
එම නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විත්ති කුඩුවෙන් පිටත රැදී සිටි අවස්ථාවේ අධිකරණයේ අවධානය යොමු කොට විරෝධය පලකොට ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෆයිසර් මුස්තාපා ඔහු විත්ති කුඩුවට නොනැගීමට හේතු දැක්වූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය විසින් නීතීඥ ෆයිසර් මුස්තාපා හට එසේ නොනැගී සිටීමට ඇති අවස්ථාවන් ගැනද පැහැදිලි කොට දී ඇති බව වාර්තා වේ.