පසුගිය 21 වනදා හටගත් පුද්ගලික ප්‍රශ්ණයක් මත මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයකුගේ අත් දෙක කඩුවකින් කපා රැගෙන ගිය සැක කරු අද (26) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව වාර්තා වේ.
ඒ මෙම සැකකරු නීතීඥයකු මාර්ගයෙන් පසුගිය 24 වනදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසුව බව සදහන්වේ.
එම සැකකරු හා ඔහුට මෙතෙක් සැගව සිටීමට උදව් කල අයෙක්ද අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.














































