ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඔස්සේ ලබාදෙන සේවාවන් ප්‍රමාදයකින් තොරව පහසුව කරගැනීම සඳහා කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා හා මාර්ගගත ක්‍රමය යටතේ සේවා සැපයීම ආදිය මේ වන විට මෝටර්රථ දෙපාර්තමේන්තුවේ වේරහැර ඇතුළු කාර්යාල කිහිපයක පමණක් ක්‍රියාත්මක වේ.
අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ වාහන ලියාපදිංචි නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ වාහන පැවරීම වැනි එක්දින සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරන ලෙසටයි.
දියවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා පැතිර ඇති ශාඛා කාර්යාල ජනතාවට එම සේවා ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය දන්වා ඇත්තේ.















































