පානදුර දකුණ පොලීසිය පවසන්නේ මොදරවිල මහල් නිවාස සංකීරණයේ තුන්වන මහලේ නිවසකට යම් කිසි පිරිසක් විසින් ගිනිතබා ඇති බවයි.
පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමක් මෙම ගින්නට හේතුව බවයි පොලීසිය සැක පහල කරන්නේ.
ගිනි ගැනීමෙන් දේපළ හානි සිදුවී ඇති මුත් ජීවිත් හානි කිසිත් වාර්තා වී නැති බව සදහන් වේ.
ඊයේ (17) සවස්වරුවේ පානදුර ප්‍රදේශයේ මුල්‍යමය ප්‍රශ්නයක් මුල් කොට දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීම හේතුවෙන් පහර කෑමට ලක්ව දෙදෙනකු පානදුර මුලික රෝහලේ ප්‍රති කාර ලබන බව පොලිසිය පැවසීය
එම පහර දීම මුල් කොට රාත්‍රී 10.30 ට පමණ මෝදරවිල නිවාස සංකීරණයට පැමිණි පිරිසක් පහර දී නිවසට ගිනි තබා ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබේ.
ප්‍රදේශ වාසීන්ගේ හා මොරටු නගර සභාවේ ගිනිනිවෙමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.
තුවාලකරුවන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර පානදුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි