A – 9 මාර්ගයේ වැලිකන්ද මංසන්දියේ ඇතිවූ දරුණු රිය අනතුරකින් එක් අයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
යුද හම්දාවට අයත් ප්‍රයිමුවර් රථයක් හා යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
පොලිසිය සදහන් කර ඇත්තේ පල්ලෙකැලේ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යුද හමුදා රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී ඇති බවයි.
අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ 58 හැවිරිදි උකුවෙල ප්‍රදීශයේ පදිංචි කරුවකු වන යතුරුපැදි කරු මාතලේ රෝහලට ඇතුලත් කොට ඇති අතර එවිටත් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
අනතුර සම්බන්දව යුද හමුදා රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදු කරන බව සදහන් වේ














































