යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව ඇත.
ඒ එරට අගනුවර මාර්ගයේ දී වන අතර ඔහු ගැටුම් පවතින ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක් නිමවා නැවත පැමිණෙමින් සිටියදී ඔහු ගමන් ගත් වාහනය වෙනත් වාහනයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.
අදාළ අනතුරින් ජනාධිපතිවරයාට බරපතළ තුවාල කිසිවක් සිදුව නොමැති අතර අනෙක් වාහනයේ ගමන් ගත් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත.
කෙසේ නමුත් එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.















































