English
සිංහල
13:28 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුද්ධ හමුදාවේ ගිනි අවි කුලියට දීමට තිබේ!. යුද්ධ හමුදාව ආරක්ෂා කරගනිමුද? පොලිසිය වගේ අපකීර්තියට පත් නොකර ඉමුද?

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සමහර නිලධාරින් මෙන්ම භටයන්ද විවිධ පාතාල සබඳකම්වල නිරතවන බව මේ වන විටත් අනාවරණය වී තිබේ. එවැනි කරුණු අනාවරණය වන්නේ යම් සිද්ධියක් වූ පසුවය. එය කනගාටුවට කරුණක් මෙන්ම ඉන් පෙන්නුම්වන්නේ බුද්ධි අංශවල අක්‍රීය බව හෝ බුද්ධි වාර්තාවලට අනුව අවශ්‍ය කටයුතු සිදුනොවන බවයි.

    රට හදන්න නම් මුදල් වියදමකින් තොරව කල යුතු දේවල් විශාල ප්‍රමාණයක් තිබේ.  ඉන් පළමුව කල යුත්තේ මිනිසුන්ගේ මානසික පිඩනයට අවශ්‍ය පිළිතුරු ලබා දීමයි. නමුත් එවැනි දේවල් වෙනුවට සිදුවන්නේ දිනෙන් දින මිනිසුන්ගේ මානසික පීඩනය වැඩිවන ක්‍රියාකාරකම්ය. අප නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට රට හදන්න අවශ්‍යතාවයක් තිබෙන බව පෙනුණත්, ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ට එවැනි අවශ්‍යතාවයක් නැති බවයි. එසේ නොමැතිනම් ඒවා කල යුතු බව ඔවුන් ඉගෙන ගෙන නැත. ජනාධිපතිවරයට තනියෙන් අත්පුඩි ගැසීමට හැකි නම් මන්ත්‍රීවරු 225 ක් රටට අවශ්‍ය නැත. හමුදාධිපතිවරු , පොලිස්පතිවරු මෙන්ම වෙනත් රාජ්‍ය නිලධාරින් අවශ්‍ය නැත.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගිනි අවි 150 කට ආසන්න ප්‍රමාණයක් පාතාලයට දුන් බව ද නොරහසකි. එයට යුද්ධ හමුදාව පමණක් නොව පොලිසියද සම්බන්ධ බවද එකල වාර්තා වල සටහන් වේ. ඒ අතර ඒ කිසිවක් නොදන්නා ගැටයකට හිර වූ මාධ්‍යවේදින් ඇතුළු කණ්ඩායමක්ද සිටිති. ඔවුන් එම සිදුවීමට සම්බන්ධ නැතිබව පසුව අනාවරණය වී තිබුණි. එසේම එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තවමත් යෙහෙන් වැඡෙඹන්නේ පොලිස් දෙපර්තමේන්තුවේමය. එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකාව ම්ලේච්ඡ රටක් බවට පත්වෙමින් තිබෙන්නේ, වර්තමානයේ වැරදි නිසා නොව, අතීතයේ පුද්ගලයන්ගේ වැරදි නිසාය.

    එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් අපට තවත් විශේෂ තොරතුරක් ලැබුණි. එය සිදුව තිබෙන්නේ 2023 නොවැම්බර් මාසයේදීය. ඒ  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පනාගොඩ ප්‍රධාන හමුදා නිලධාරියෙකු විසින් යුධ හමුදාවට අයත් ගිනි අවි පාතාල අපරාධකරුවන්ට කෙටිකාලීනව කුලියට දීමකි. ඔහුගේ නම අපට ලැබී තිබේ. කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකර තිබේද යන්න අපට වාර්තා නොවේ.

    1.  පාතාල ක්‍රියාකාරකම් සඳහා ගිනි අවි ලබාදීම.

    දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල නාදුනන තුවක්කුකරුවන් විසින් සිදු කරනු ලබන පුද්ගල ඝාතන පැහැරගෙන යෑම  මංකොල්ලකෑම් වැනි අපරාධ වල සංඛ්‍යාව මේ වන විටත් ඉහල යාමක්  පවතින අතර බොහෝ අවස්ථාවන්හිදී එම නාඳුනන තුවක්කුකරුවන් භාවිතා කර තිබුනේටී 56 ගිනි අවිය.

    ඒ අනුව කටයුතු සොයාගෙන යාමේදී යුද්ධ හමුදා මේජර්වරයෙක්  තම අණසක යටතේ ඇති අනුඛණ්ඩ කඳවුරු වල ආයුධාගාර  තුළින් ඉතා සූක්ෂම ලෙස  ටී 56 ගිනි අවි පාතාල ක්‍රියාකාරකම් සඳහා පාතාල සාමාජිකයන් වෙත කුලී පදනමට අවස්ථා කිහිපයකදීම ලබා දි තිබේ. නොවැම්බර් මාසයේදී ලැබුණු ආසන්නතම උදාහරණය ලෙස අල්ල, කන්තලේ යුද හමුදා  කදවුරෙන් 2023  නොවැම්බර් මස 2 වැනි දින  සූරියවැව කණ්නාඩි කුමාර නැමැත්තෙකුට සහ සාලිය නමැති පුදගලයෙකුට මෙසේ ටී 56 ගිනි අවි ලබා දී තිබේ.

    2023  නොවැම්බර් මස 2 වන දින  එම අණදෙන නිලධාරියා විසින් අල්ල කන්තලේ නිලධාරී  අණදෙන වශයෙන් කටයුතු කරනු නිලධාරියෙක්ට වාචිකව උපදෙස් ලබාදෙමින් ටී 56 ගිනි අවියක්  එදින සවස 6:30 වනවිට සූරියවැව කණ්නාඩි කුමාරට හා සාලියට ලබා දෙන ලෙස නියෝග කර ඇති අතර එම අවස්ථාවේ කඳවුරේ නොසිටි අදාළ නිලධාරියා ලිඛිත  ලිපියක් නොමැතිව අවියක් ලබාදීමට නොහැකි බව දැනුම් දී තිබේ.  අණදෙන නිලධාරිවරයාගේ දැඩි බලපෑම හමුවේ  කර කියාගත නොහැකිව අසරණ වූ එම නිලධාරියා  එදින කඳවුර තුළ සිටි තවත් නිලධාරියෙක්ට කතා කර කිසිවෙකුට නොහැගෙන ලෙස ටී 56 ගිනි අවියක්  කඳවුරෙන් පිට කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව ක්‍රියාත්මකවූ  එම නිලධාරියා විසින් ආයුධාගාරය භාරව සිටි භටයෙක්ට  නීතිවිරෝදි අණක් නිකුත් කරමින් එම කඳවුරේහිම සේවයේ නියුතු තවත් සෙබලෙකු  ටී 56 ගිනි අවියක් නිකුත් කරන ලෙසට දැනුම්දුන් දී තිබේ.

    එදිනම  රාත්‍රී 7 ට  කඳවුරෙහි කුඹුරට  වන අලි පැමිණ ඇති බව කියමින්  අලි එළවීමට යැයි පවසමින් ඉහත සෙබලා හට නිකුත් කර තිබූ අදාළ ගිනි අවිය බලහත්කාරයෙන් ලබාගෙන  රාත්‍රී 7:30 වනවිට කාන්ති වැව අසලට පැමිණි කණ්නාඩි කුමාරට හා සාලියට ලබා දී තිබේ.

    කුමක් හෝ සාපරාධී ක්‍රියාවකට  යොදා ගත් පසු මෙම ගිනි අවිය නැවත කඳවුර තුළට ලැබී ඇත්තේ 2023 නොවැම්බර් මස 4  වන දින රාත්‍රියේදීය. මේ අයුරින්ම අවස්ථාවන් රැසකදී කුලී පදනමට  ගිනි අවි කඳවුරෙන් පිටකිරීමට මෙම අණදෙන නිලධාරිවරයා කටයුතු කර තිබෙන අතර ඉහත සාක්ෂි මත පරීක්ෂණයක් සිදුකළ හොත්  වැළලීගිය අපරාධ රැසක සුලමුල සොයාගත හැක.

    2. පාතාල ක්‍රියාකාරකම් සහ සාපරාධී ක්‍රියා සඳහා යුද හමුදා වාහන සිවිල් අංක තහඩු යොදා භාවිතා කිරීම.

    2023 මැයි මස 29 වන දින මේජර් යු හ 0117 දරන සුදු පැහැති වෑන් රථය WP CDM 0161 ලෙස අංක තහඩු වෙනස් කර අල්ල කන්තලේ යුධ හමුදා කඳවුරේ සිට කොළඹ දක්වා ධාවනය කර සිවිල් අංක තහඩු සහිතව කොළඹ ප්‍රදේශයේ දින 10ක කාලයක් ස්ථානගත කර සිදුකරනු ලැබූ රහස් මෙහෙයුම් අපරාධ හෝ වෙනත් අකටයුතුකම් සිදු වී ඇති බවට විශ්වාස කෙරේ.

    එසේම යු හ 11587 අංක තහඩු සහිත යතුරුපැදිය අදාළ නිලධාරියාගේම උපදෙස් ප්‍රකාරව 2023 ජූනි මස 24 වැනි දින ව්‍යාජ අංක තහඩු සවිකර දියතලාව හමුදා කඳවුරෙන් පිටත්කර ජුනි මස 25 වන දින කන්තලේ හමුදා කදවුර වෙත පැමිණ ඇති අතර මේ පිළිබඳ අනාවරණය වීමත් සමග ජුනි මස 29 දින රාත්‍රියේ ව්‍යාජ අංක තහඩු සවිකර යතුරුපැදිය යළිත් දියතලාව යුධ හමුදා ගොවිපලට යවා තිබුණි.

    සැක උපදවන මෙම යුධ හමුදා වාහන අවභාවිතාවන් මගින් අපරාධයන් දැනටමත් සිදුවී ඇති නම් නීතිය ඉදිරියේ එවන් අපරාධ ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂිද මෙම අණදෙන නිලධාරිවරයා විසින් ඉතිරි නොකරම මෙම වාහන කඳවුරෙන් පිටතට යාම පිළිබඳව කිසිදු සටහනක් හමුදා පිළිවෙතට අනුව සිදු නොකිරීම ප්‍රශ්න සහගතය.

    යුද්ධ හමුදාව හා සම්බන්ධව අප මින් පෙර වාර්තාකරණ ලද බොහෝ පුවත් වෙනුවෙන් ක්‍රියාත්මකව තිබෙන බවටද අපට පෙරලා තොරතුරු ලැබී තිබේ. ශ්‍රී ලංකා පොලීසිය, හමුදාවන් යනු රටේ මහජන ආරක්ෂාවේ මුදුන් මල් කඩවල් වේ. එම ආයතනවල සේවකයන් දුක් වීඳින්නේ කෙසේද යන්න අප මුතුවෙන් ලිවිය යුතු නැත. රටේ දුක් විඳින නමුත් වැටුප් අඩු ඔවුන් සියල්ලෝම සුරකෂා කල යුතුය. එසේම එම ආයතන විනාශ කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුය. එවිට එම ආයතනත්, ඒවායේ සැබෑ සේවකයන්ටත් යුක්තිය ඉටු වේ. එසේම රටටද යුක්තිය ඉටු වේ.

    (නිසි පරීක්ෂණයක් සිදුවන්නේ නම් අප සතු සියලු තොරතරු ලබා දිය හැකිය. එය පරීක්ෂණවලට පහසුවක් වනු ඇත. නිසි පරීක්ෂනයක් සිදුකරන බවට සනාත කර ඉල්ලීමක් කරන්න. ලිපිය යොමුකරන්න. ravanalankanews3@gmail.com  )

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version