English
සිංහල
21:40 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුධ හමුදාවේ ප්‍රොරෝමාර්ෂල්ගේ නීතිවිරෝදී ක්‍රියා. යුධ හමුදාවෙන්ම චෝදනා.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • සමස්ථ යුධ හමුදාවේම  විනය අවදානමක.
    • අතීත චෝදනා.
    • එක හමුදාවක් නීති දෙකක්.
    • යුධ හමුදා වාහන අවභාවිතා කරලා මාණ්ඩලික රථයෙන් තෙල්බා  විකුණනවා දැයි සැකයක්.
    • ආයුර්වේද කොමසාරිස්ගෙන් කනේ පහරක්.

    යුධ හමුදාවේ ප්‍රොරෝමාර්ෂල්වරයා පමණක් නොවේ, මහජන මුදලින් වැටුප් ලබන ඕනෑම නිලධාරියෙකු, පුද්ගලයෙකු රාජකාරිය තුල අයත් වන්නේ මහජනතාවටය. රාජකාරියෙන් පරිභාහිරව ඔවුන්ට පුද්ගලික ජිවිතයක්ද තිබේ. නමුත් ඔවුන් රාජකාරිය සිදුකිරීමේදී බලය, අභිමතය මෙන්ම රාජකාරියද තුලනාත්මකව ගැලපිය යුතුය. හමුදාවල් වල උසස් නිලධාරීන්ද තම පහලින් සිටින නිලයන් වෙනුවෙන් පවා තම රාජකාරිය ගැලපිය යුත්තේ එසේමය. අංක එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. දෙවෙනිව රට පොදු නීතියයි. තෙවෙනිව යුධ ගුවන් හෝ නාවික හමුදා පනතයි. ඒ හැර බොහෝ නුගත් හමුදා නිලධාරින් සිතා සිටිනා අකාරයට හමුදා නීතියක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය තුල නැත. අදාළ පනත්, අදාල හමුදාවල් නොහොත් පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත බලාධිකාරියන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් භාවිතා කල යුතුය. ශ්‍රී ලංකා යුධ හමුදාව තුල මහජන සේවයේ යෙදී සිටින සමහර දුෂිත ජේෂ්ඨ හමුදා නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල වන්නේ අප ඉහතින් සදහන් කල බලය, අභිමතය මෙන්ම රාජකාරිය තුලනාත්මකව ගැලපීමට ඉගෙනගෙන නැති බැවිනි. එසේ අකුරටම හෝ සාමාන්‍ය දුරටවත් තම රාජකාරිය සිදුකරන්නේ මහජන ආයතන මෙන්ම මහජන තනතුරු ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ ආකාරයෙන් ලිවීමට සිදුවන්නේ නැත. ඒ අනුව මෙම ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රොරෝමාර්ෂල් නමැති තනතුරක් හොඹවන යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකුට විරුද්ධව අපට ලැබී තිබෙන තොරතුරු ජනාධිපති, ආරක්ෂක ලේඛම්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුධ හමුදාධිපතිවරයාගේ අවධානයට මෙන්ම නිසි පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙනි. එසේ නොමැති වුවහොත් ජනාධිපතිවරයා වෙහෙසෙන යහපත් රාජ්‍ය නිර්මාණය කිරීමට නොහැකි වනු ඇත.

    සමස්ථ යුධ හමුදාවේම  විනය අවදානමක.

    අවි ගත්තෝ අවියෙන්ම නසින නමුදු  හමුදාවන්හි එසේ නොවන්නේ එම ආයතන ස්ථාපනය කර තිබෙන්නේ මහජනතාව ආරක්ෂා කිරීම වෙනුවනි. ඒ වෙනුවෙන් ඔවුන්ට මනා විනයක් සහිතව යුධ පුහුණුව ලබා දෙයි. විනයක් නොමැති හමුදාවක් යනු රටේ පවතින නීතියට අනුව තම රාජකාරිය සිදු නොකරන කණ්ඩායමකි. ඔවුන් අයත් වන්නේ නීත්‍යානුකූල හමුදාවට නොවේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු විශිෂ්ඨම හමුදාවක් බව අප අමුතුවෙන් ලිවිය යුතු නැත. කෙසේ නමුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ නීති විරෝදී ක්‍රියා නිසා සමස්ත යුධ හමුදාවේම විනය පිරිහෙමින් පවතී. ඒ අනුව මේ දුෂිත කණ්ඩායමේ පාලනයෙන් යුධ හමුදාව ඉතා ඉක්මනින් ගලවා ගැනීමට කටයුතු කිරිම අප ඉහතින් සදහන් කල සියලුම බලධාරීන්ගේ වගකීම වේ. ඒ වෙනුවෙන් ඉතා ඉක්මනින් සමාජ විද්‍යාඥයන්ගෙන් සහ ප්‍රජා සංවර්ධන විශේෂඥයන්ගෙන් සැදුම් ලත් ගවේශනාත්මක මණ්ඩලයක් පත්කර පිරිහිමට හේතු සහ එය නිවැරදි කිරිමට හැකි අයුරුද සෙවිය යුතුය. එය යුධ හමුදාවේ නිලධාරීන්ට පමණක් කල හැකි කරුණක් නොවේ.

    අතීත චෝදනා.

    වත්මන් යුද හමුදා විනය ආරක්ෂාඅධිපති මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා 2004 වර්ෂයේ යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු  කළ සමයේ ධන  කුවේරයකුවූ ෆෙඩ්රික් ඔබේසේකරයන්ගෙ රාජගිරිය ඔබේසේකරපුර සුප්‍රසිද්ධ ඔබේසේකර වලව්ව භාරව කටයුතු කළ සරත් විජේවර්ධන නැමැති පුද්ගලයා සමග  නොයෙකුත් අනීතික ක්‍රියා සිදුකරමින්  ඔහුගේ පෞද්ගලික උවමනා එපාකම් සහ පලිගැනීම්   නිල බලය අවභාවිතා කරමින් දුෂිත කටයුතු කල බව විවිධ තොරතුරු ඔස්සේ අපට වාර්තා වී තිබේ. 

    එහිදී සරත් විජේවර්ධනගේ ඉල්ලීම මත යුද හමුදා නිලධාරීන්  බොහොමයක් අපහසුතාවයන්ට ලක් කරමින් ඔහුනට බොරු චෝදනා ගොනුකර අනීතික දඬුවම් ලබාදීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබුණු බවද කියා වේ. මේ සඳහා සරත් විජේවර්ධන මොහුට මිල මුදලින් සංග්‍රහ කළ බවද අතර එකල මොහු මහරගම ප්‍රදේශයේ සුවිසල් නිවසක්ද ඉදිකළ බව අපට ලබා දී තිබෙන තොරතුරුවලට අනුව පැහැදිලිය.

    නිවසක් තියා ඉඩමක් වත් තිබී නැති ඔහු  හෝමාගම කැන්දලන්ද හමුදා විවාහක නිවාසයක ජීවත්වූ සමයේද විවිධ චෝදනා එල්ලවී තිබේ. සමහර චෝදනා ඔහුගේ පෞද්ගලික ජීවිතය හා බැදී තිබෙන බැවින් ඒවා මහජන තනතුර සමග බැදී නැති බැවින් ඒවා අප විසින් කපා හරින ලදී. අපට මෙහිදී වැදගත් වනුයේ යුධ හමුදාව නොහොත් මහජන බලාධිකරියත් එහි මහජන තනතුරුත් ආරක්ෂා කිරිම පමණි.

    එක හමුදාවක් නීති දෙකක්.

    ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුට අයත්  මේජර්වරයකු වන තාරක ගනේෂ් කිසිදු වග විභාගයකින් තොරව දින  කිහිපයක් රහසිගතව පොල්හේන්ගොඩ කඳවුරේ  සිරකර ශාරීරික මෙන්ම මානසික පීඩන දිගින් දිගටම එල්ල කල බව අප මීට පෙර වාර්තාකරන ලදී. ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන අප වාර්තා කළේය. යුධ හමුදා පනතට අනුවවත් එසේ කල නොහැක. උසස් හමුදා නිලධාරීන්ගෙන් බුද්ධිමත් මෙන්ම උගත් හමුදා නිලධාරීන් එය එසේ කල නොහැකි බව දනී. නුගත් හමුදා නිලධාරීන් එසේ කරනුයේ අතීතයේ සිටම සිටි සමහර දුෂිත නිලයන් සිදුකල ක්‍රියාවන් උදාහරණ ලෙස රැගෙනය. කෙසේ නමුත් එය එසේ කිරිම වැරදි බව අප පෙන්වා දී තිබේ. එම චෝදනාවද කෙලින්ම එල්ලවන්නේ ප්‍රොරෝමාර්ෂල්වරයාටය. අපගේ එම වාර්තාව වැරදි බවට යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිදු නිවේදනයක් අප වෙත ඒවා නොමැත. ඉන් කියවෙන්නේ එම වාර්තාව නිවැරදි බවයි.

    අපි වෙනුවෙන් අපි අරමුදලේ ව්‍යවස්ථාවන් අමු අමුවේ උල්ලංඝනය කරමින් කූට ලේඛණ සකසා රාජ්‍ය මුදල් මිලියන ගණනක් වංචාකල  මේජර් නදීරා විජේසිංහට විරුද්ධව පරීක්ෂණයක් කිරීමටද ප්‍රොරෝමාර්ෂල්වරයා තවමත් කටයුතු කර නැත

    එක පසකින් නිර්දෝෂී මේජර්වරයෙකු දින ගණනාවක් තිස්සේ සිරගත කිරීමත්, සෙබලියන් දූෂණය කල බව කියවෙන අපරාධකාරයකු  වන මේජර්වරයාටද එරෙහිව පරීක්ෂණයත් නිසි අයුරින් සිදු නොවීම යුධ හමුදාවේ ජේෂ්ඨතම , කණිෂ්ඨ නිලධාරීන් මවිතයට පත්ව සිටි. ඔහු සාක්ෂි වසන් කර  සාක්ෂිකරුවන්  බිය ගන්වමින්  ස්ත්‍රී දූෂණ අපරාධ වලින්  නිදොස්වී නිදහස් වීමට අවශ්‍ය වාතාවරනය සකසමින් මේ  මොහොත වන විටදීද රඳවා ප්‍රශ්න කිරීමකින් තොරව කන්තෝරුවක  වැඩට  යන්නේකුසේ උදේ 8ත්  හවස 5ත් අතර පරීක්ෂණ කටයුතු වලටත් සහභාගී කරවා  ගැනීම හාස්‍යජනකය. ඒ අනුව දුෂිත නිලධාරීන් දෙදෙනෙකුට සාක්ශි තිබියදී ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීමත්, වරදක් නොකළ බව කියවෙන නිලධාරීයෙකු සිරගත කිරිමත් අතර බලය, අභිමතය මෙන්ම රාජකාරියද භාවිතාකර තිබෙන්නේ නීතිවිරෝදී ලෙසමය.

    නීතියේ සමානාත්මතාවය සහ  පරීක්ෂණයන් වල විනිවිදභාවය අභියෝගයට ලක් කරමින් සමස්ථ යුධ හමුදාවේම විමර්ශනයන් සිදු වන  ආකාරයේ අනීතික භාවය මනාව පිළිබිඹු කරමින් යුක්තිය සාධාරණය සබැඳිව සැකයක් මතුවන අයුරින්  මෙම  විනය ආරක්ෂාධිපති  තනතුරු අවභාවිතා කරමින් ක්‍රියා කිරීම සමස්ථ යුධ හමුදාවේම  විනයට සහ නීති පද්ධතියට එල්ල කර තිබෙන්නේ මරු පහරකි. එක් අයෙකු අපරාධ චෝදනාවක් නොමැතිව සිරකරගෙන සිටිමත්, අපරාධ චෝදනා සාක්ශි සහිතව අප අනාවරණය කරන ලද නිලධාරියා සිරගත නොකරමින් ඔහුට රිසි සේ පරීක්ෂණ වලට් සහභාගි වීමට ඉඩ ලබා දීමම නීති විරෝදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කල යුත්තේය” යන වගන්තියට ප්‍රොරෝමාර්ෂල්වරයා පයින් ගසා තිබේ. තමන්ට හිතවත් අයට එක ආකාරයක් මෙන්ම හිතවත් නොවන අයට තවත් ආකාරයට සැලකීමම අපට මෙසේ තොරතුරු ලැබීමට ප්‍රධානතම හේතුව වේ.

    යුධ හමුදා වාහන අවභාවිතා කරලා මාණ්ඩලික රථයෙන් තෙල්බා  විකුණනවා දැයි සැකයක්.

    විනය ආරක්ෂා ධිපති මේජර් ජෙනරාල්වරයා කුමන ස්ථාවරයක සිට හමුදාව තුළ වාහන අවභාවිතා කරන අයවලුන් හට නීතිය ක්‍රියාත්මක කරනවාද යන්න අභියෝගයට ලක්වන්නේ මොහු යුද හමුදා වාහන අවභාවිතා කරමින් ක්‍රියා කිරීමයි.

    ඔහුට හිමි ගන්වා තිබෙන මාණ්ඩලික රථය වන Axio  වර්ගයේ කාර් රථය නිවසේ ගාල් කරමින් යුදහමුදා මුලස්ථාන විනය ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය සතු කයිරෝන් ජීප් රථය සහ සුසුකි වර්ගය කාර් රථය හුදෙක් තම පවුලේ කටයුතු සඳහා  අනීතිකව යොදා ගන්නා බවටද තවත් චෝදනාවක් එල්ල වේ. ඒ සදහා අවශ්‍ය චයාරුප මෙන්ම වීඩියෝ කිහිපයක්ද අප වෙත ලැබී තිබේ. නිවසේ ගාල් කර ඇති මාණ්ඩලික රථය සඳහා  ඉන්ධන වැය නොවන පසුබිමක හිමි ගන්වනු ලබන සම්පූර්ණ ඉන්ධන කෝටාව  ලබාගැනීමෙන් ගම්‍යවන්නේ එම ඉන්ධන නීති විරෝධී ලෙස  වාහනෙන් නැවත පිට කර විකිණීම විය හැකි බවට යුධ හම්දාවට ආදරය කරන්නෝ සැක පහල කරන නමුත් එසේ කරන බවට අපට අවශ්‍ය සාධක ලැබී නැත. මහජන වාහන අවභාවිතාකරන බව පැහැදිලිය.

    ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස යාපනයේ රාජකාරි කළ කාලසීමාවේද  භට පිරිස් වල අවශ්‍යතාවයන් සඳහා යුද හමුදාවෙන් ලබාදී තිබු වෑන් රථයක් අනීතිකව කොළඹ ප්‍රදේශයේ ගාල්කර පවුලේ අයවලුන් නෑ හිත මිතුරන් ආදියට විනෝද චාරිකා වන්හි යෙදෙමින්  ඔවුනගේ සුඛ විහරණයට  ලබාදීම ද කර තිබේ.

    ආයුර්වේද කොමසාරිස්ගෙන් කනේ පහරක්.

    විනයආරක්ෂාඅධිපති  බලයෙන් සකලවිධ ශ්‍රී  ලංකාවේ සියලුම ආයතන තමාට පාලනය කළ  හැකි යැයි  සිතා ක්‍රියා කිරීමට මේජර් ජෙනරාල්වරයාට කිසිදු නීතිමය දැනුමක් නැතිබවට සිදු වූ ආසන්නතම සිදුවීම වන්නේ, මැයි මස 2 වන දින දියතලාව යුද හමුදා පොලිස් කඳවුරේ නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සෙවනගල ආයුර්වේද රෝහලට කඩා පැන තිබීමය. ( ඒ පිලිබදව වෙනමම වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කෙරේ. එම සිද්ධිය පිලිබදව අපගේ ගවේෂණයන් අවසන් කර නැත). කෙසේ නමුත් එසේ කිරීමට අණ දීමටවත් ප්‍රොමාෂල්වරයාට නොහැක. මෙවැනි හමුදා නිලධාරීන් සිටිය යුත්තේ යුධ හමුදාවේ නොවේ. නිවසේය. සියල්ලම කප්පාදු කර ඔවුන් නිවසට යැවීමට අවශ්‍ය සාක්ෂි ඕනා තරම් තිබේ.

    බීමතින් බ්‍රිගේඩියර් වරයකුට පහර දී විනයාරක්ෂක අධ්‍යක්ෂක විම.

    හමුදාවක විනය පිළිබඳ ප්‍රධානියා බේබද්දෙක් නම් ඉන් එම හමුදාවේ විනාශය ගැන තේරුම් ගත හැක්කේ දේශමාමක මිනිසුන්ට පමණි. අසීමාන්තික බේබද්දකු බව කියවෙන මොහු පසුගිය දිනක යුද හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු නිලධාරී නිවසේදී බීමතින් එම රෙජිමේන්තුවේම බ්‍රිගේඩියර් වරයෙකුට කණිෂ්ඨ  නිලධාරීන් ඉදිරියේදී සිදුකරනු ලැබූ පහරදීම බරපතළ වනුයේ ඒ තුළින් සමස්ත යුදහමුදාවෙම විනය සබැඳිව ක්‍රියාකරන එකම  රෙජිමේන්තුවවන එම රෙජිමේන්තුවෙ කනිෂ්ඨ නිළධාරීන් හට ලබාදුන් වැරදි පූර්වාදර්ශය නිසාවෙනි.

    විනය ආරක්ෂාඅධිපති  වීමට මත්තෙන් යාපනයේ ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති වශයෙන් කටයුතු කරන සමයේ නිලධාරීන්ට හා සෙසු නිලයන්ට අනේකවිධ බලපෑම් හිරිහැරයන් හා මානසික පීඩනයන් එල්ල කරමින් අනීතිකව තම බලය අවභාවිතා කර කටයුතු කිරීම හේතුකොටගෙන මොහු පිළිබඳ  පැමිණිලි විශාල ප්‍රමාණයක්  ජනාධිපති වෙත යොමුවී තිබූ අතර ජනාධිපති ලේකම්  කාර්යාලයෙන්  එම චෝදනා සහ පැමිණිලි සොයා බලා  මොහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට යුදහමුදා මූලස්ථානයට ඒවා තිබුනත් ඒවා ක්‍රියාත්මක නොවූ බවද පෙන්වා දෙයි.

    තවද මිලේනියම් සිටි මහා පාවාදීම පිළිබදවද මොහුට චෝදනා එල්ල වේ. තවත් චෝදනා විශාල ප්‍රමාණයක් ඔහුට විරුද්ධව අප වෙත ලැබී තිබේ. එවන් වටපිටාවක් තුල මෙවැනි නිලධාරීන් විසින්ම යුධ හමුදාවේ තත්වයට සිදුවන හානිය නතරකරගත යුත්තේ මේවා ජාත්‍යන්තරයට යාමේදී සිදුවන්නේ සමස්ත යුධ හමුදාවම ඉලක්කකරගෙන සිදුවන බැවිනි. එබැවින්, මහජන බලය භාවිතා කරමින්, ඔවුන් සිදුකරනා නීතිවිරෝදී  ක්‍රියාවලට ඔවුන් තනි තනිවම වගකිව යුතුය. වගකීම පමණක් නොවේ, ඔවුන්ට එරෙහිව කටයුතුකළ යුතුය. එසේ නොවන්නේ නම්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ම්ලේච්ච හමුදාවක් බවට පත්වෙමින් යුධ, ගුවන් මෙන්ම නාවික හමුදාවන් වල විශ්‍රාමික හමුදා නිලධාරියෙකුටවත්, ඔවුන්ගේ දරුවෙකුටවත් කිසිම විදේශ රටකට යාමට නොහැකි තත්වයක් නිර්මාණය වනු ඇත. එයට හොදම උදාහරණය වන්නේ , රන්ජන් රාමනායකගේ නඩු තීන්දුවෙන් පසු මෙරට අධිකරණවල සේවය කරන ගෞරවනීය විනිසුරුවරුන්ට සිදු වූ දැඩි අපහසුතාවයයි. ( ඒ පිලිබඳව ශ්‍රී ලංකාවේ කිසිදු වාර්තාවක් පල වුයේ නැත)

    ( යම් වරදක් තිබේ නම් කරුණාකර එය නිවැරදි කරගන්න. එය යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගේ වගකීම වේ. ඒ සදහා මෙම පුවතට යටින් ඉංග්‍රිසි භාෂාවෙන් රතු අකුරින් යොදා තිබෙන සටහන ප්‍රයෝජනයට ගන්න )

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version