English
සිංහල
01:20 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ තොත්ත බබා පිළිතුර!, සහ  ජාතික ආරක්ෂාව අනතුරට පත්ව තිබෙන හැටි.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • සිසුන්ගේ ඔළු පලන්න යුද හමුදාවත් එක්ක ආපු පොලුකාරයෝ…!
    • උන් කව්ද කියන්න හමුදා ප්‍රකාශකයා දන්නෙ නැතිලු…!
    • බැටන් පොල්ල හොයන්නත් බෑ
    • පිටුපසින් ගත් ඡායාරූප
    • ඉස්සරහ හිටියෙ නෑ
    • පොලු සඟවාගැනීමේ උත්සාහයක්
    • වෙනත් කණ්ඩායම්
    • පොලු  හමුදා කණ්ඩායම රජයේ නිල හමුදා භටයන් නොවේ නම්
    • ඡායාරුප සංස්කරණය කර තිබේ නම්.
    • දැවැන්ත විනාශයක සලකුණු. බොරුව සහ තෙවෙනි ඇස සහ සාකච්චා
    • ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ජිනීවා ගැටයට හිර කිරීම

    රටක අනාගතය විසදිය යුත්තේ එහි ආරක්ෂක අංශද ආරක්ෂා කරගෙනය. එසේ නොමැති වුවහොත්  සිදුවන විනාශයන් නැවත සැකසිය නොහැක. පසුගිය 07 වැනිදා ශිෂ්‍ය විරෝධතාව මර්ධනය සදහා පොලු රැගෙන පැමිණියේ යුධ හමුදාවේ පිරිසක්ද යන්න පිළිබඳව හඳුනාගැනීමට විමර්ශනයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් පවසන ලදී.

    යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන විරෝධතා මර්දනය සඳහා යෙදවීම මෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිටියදී හමුදාව ඉදිරියට යැවීමේ නියෝගය පැමිණියේ කාගෙන්ද යන්න පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

    ‘පිටුපසින් ගත් ඡායාරූප’

    එම ඡායාරූප පිටුපසින් ගත් ඒවා නිසා අදාළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකිව සිටින බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා, එම නිල ඇඳුම යුද හමුදා නිල ඇඳුම බව පෙනීයන්නේ යැයි ද පවසා තිබේ.

    ‘බැටන් පොල්ල හොයන්නත් බෑ’

    අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිත කිරීම සඳහා පොලිසිය භාවිත කරන ආකාරයේ බැටන් පොල්ලක් හමුදා සෙබළුන්ට ද ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ. අදාළ ඡායාරූපවල ඇත්තේ එම බැටන් පොල්ල බව තහවුරු කළ හැකි දැයි විමසීමේදී බ්‍රිගේඩියර්වරයා සඳහන් කලේ පිටුපසින් ගත් ඡායාරූප නිසා එය ද නිශ්චිත ව තහවුරු කළ නොහැකි බවයි.

    ‘ඉස්සරහ හිටියෙ නෑ’

    සාමකාමී විරෝධතා පාලනය සඳහා පොලිසිය සහ කැරලි මර්දන අංශ තිබියදී මෙසේ යුද හමුදා භට කණ්ඩායමක් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ එය ද විමර්ශනයට අදාළ බවයි. පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙවැනි අවස්ථාවල ඉදිරියෙන් සිටින බවත්, යුද හමුදාව මේ අවස්ථාව වන විට ඉදිරි රාජකාරි සඳහා යොදවා නොසිටි බවත් අප කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් පැවසීය.

    ‘එතැන ම ද ?’

    කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, මෙම ඡායාරූප අදාළ සිදුවීම අවස්ථාවේදී ගත් ඒවා ද, එසේත් නැත්නම් වෙනත් ස්ථානයක ගත් ඒවා ද යන්න සහ සංස්කරණය කළ ඒවා ද වැනි සියලු කරුණු විමර්ශනයට ඇතුළත් බවත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

    “තැන මෙන්න !!!

    යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන අදාළ විරෝධතාව මර්දනය කරන අවස්ථාවේ ඉදිරියෙන්ම සිටියහ. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය විය. එම පිරිස ස්ථානගත කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයත් – කලා පීඨයත් අතර ය.

    “පොලු සඟවාගැනීමේ උත්සාහයක්”

    මුලදී ඉදිරියෙන් සහ පසුව පිටුපසින් සිටි මෙම පිරිස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අතරතුරදී පොලු සඟවාගැනීමේ උත්සාහයක යෙදෙනු ද නිරීක්ෂණය කළ හැකි විය.

    මෙම පිරිස යුද හමුදා භට කණ්ඩායමක් ද, වෙනත් කණ්ඩායමක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතු වී තිබේ. එය මතුකර තිබෙන්නේ යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක විසිනි. ඔවුන් සතුව ගිනි අවිද තිබේ.

    “වෙනත් කණ්ඩායම්”

    2022 මාර්තු 9 දා සිට මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වූ අවස්ථාවලට වෙනත් කණ්ඩායම් පැමිණ පහර දුන් අවස්ථා ද තිබිණි. නමුත් මේ අකාරයෙන් ගිනි අවි සහිතව නිල ඇදුමට යටින් පොලු සඟවා ගත් කණ්ඩායම් පිලිබඳව අපට වාර්තා නොවීය.

    “ කරුණක්”

    කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙම කණ්ඩායම හමුදා සෙබළුන් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පැවසීම ඉතා හොදය. එය යුධ හමුදාව හිර නොවන සැබෑම පරීක්ෂණයක් විය යුතුමය.  

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින්  (07) පැවැත්වූ මෙම විරෝධතා පාගමන ලිප්ටන් වට රවුම ආසන්නයෙන් ආරම්භ කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලය අසල දී එය දරුණු ලෙස මර්දනය කෙරුණු අතර, එහිදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී එහි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටි ශිෂ්‍යයන්ට ද පහර දී තිබිණි. එසේ ම විශ්වවිද්‍යාලය තුළට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කර තිබිණි.

     “ප්‍රහාර”

    මීට විරෝධය පළකරමින (08) එම ස්ථානයේ දී විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන්පසු පැවති සාමකාමී පාගමනට ද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි. එම ප්‍රහාරවලින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සිසුහු ද බලවත් පීඩාවට පත්වුහ.

    “පොලු රැගත් කණ්ඩායම හමුදා භටයන් නොවේ නම්”

    මෙම පිරිස හමුදා භටයන් නොවේ නම් එය තවත් බරපතල වන්නේ ජාතික ආරක්ෂාවට එය හිඩැසක් බැවිනි. මෙම පිරිස හමුදාවේ වුවත් එය සහනයකි. ඒ ඔවුන් කවුරුන්ද යන්න හදුනාගත හැකි බැවිනි. ඔවුන් හමුදාවේ නොවේ නම් එය ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයකි. ඔවුන් සතුව පොලු පමණක් නොව, ගිනි අවිද තිබේ. එසේ නම් වහාම ඔවුන් අත් අඩන්ගුවට ගත යුතුය.

    “ඡායාරුප සංස්කරණය කර තිබේ නම්”.

    සමහර විට මෙම පරීක්ෂණයෙන් මෙම චායාරූප සංස්කරණය කල ඒවා බව යුධ හමුදාව පැවසිය හැකිය. නමුත් ඒම ප්‍රතිපලය සමග වීඩියෝ දර්ශන සමාජයට එකතු වුවහොත් යුධ හමුදාවේ පරීක්ෂණය තව දුරටත් බොරුවක් බවට පත්වනු ඇත.

    “අපගේ අතීත සටහන්”.

    වර්තමාන තරුණ පරපුර මර්ධනයෙන් යටපත් කිරීමට නොහැකි පරපුරක් බව අප මීට පෙර මෙම වෙබ් අඩවිය තුලම ලියා තිබෙන අතර දිගින් දිගටම සිදුකරන මර්ධනය ලේ වැගිරීම් දක්වා ගමන් කරනා බවද අප වාර්තා කලේ 2022 අගෝස්තු මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත් වී පැය 24 ක් ගතවීමටත් පෙර එල්ල කල ප්‍රහාරයෙන් පසුවය. එසේම අප පැහැදිලිවම සදහන් කර තිබෙන්නේ මෙම පහරදීම් නිසා දැවැන්ත හානියක් සිදුවන බවත් එය නුසුදුසු බවත්ය.

    “බොරුව සහ තෙවෙනි ඇස සහ සාකච්චා”

    බොරුව සදාකාලිකව නොපවතී. අනීතික ක්‍රියා නිසා අවසානයේ දඩුවම් විදින්නේද එම ක්‍රියාව කල පුද්ගලයන්මය. අතීතයේ මර්ධනයන් සිදුකලත් වර්තමානයේ මර්ධනයන් සිදුකිරීම, තවත් තෙවැනි ඇසක පටිගත වන බව හොදින් මතක තබා ගත යුතුය. ආරක්ෂක අංශ ප්‍රධානීන් කල යුත්තේ මෙම ශිෂ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන් එක මේසෙකට රැගෙනවිත් සාකච්චා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසදීමට කටයුතු කිරිමය. ජනාධිපතිවරයා රට ගොඩනැගීමට දරන වෙහෙසට මෙම උද්ඝෝෂන සුදුසු නැති බව අප කවුරුත් පිළිගනී. නමුත් අනීතික මර්ධනයන්ද සුදුසු නැත. ඉන් ජනතාව කුපිත වන අතර විවිධ කල්ලි විසින් නැවත වරක් රට අගාධයට රැගෙන යාමට කටයතු සිදු වේ. මේ සියල්ලම සිදුවන්නේ අනීතික මර්ධනයන් නිසාය. කිසිම අරගලයකට හෝ දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙක් වෙනුවෙන් ලිපි නොලියන අප දකින දේ ලියයි. දකින දේ සමග විද්‍යාත්මක ගැලපීම් සිදුකරනුයේ අපට මේ රට අවශ්‍ය බැවිනි. එසේම රටේ සියලුම ආරක්ෂක අංශ අනාගතය වෙනුවෙන් කීර්තිමතව තබා ගත යුතුය.

    “දැවැන්ත විනාශයක සලකුණු” එබැවින් මේ සිදුවන්නේ තවත් දැවැන්ත විනාශයක් කර රට ගෙන යමින් මහජනතාව දිනපතාම ජනාධිපතිවරයාට මෙන්ම ආරක්ෂක අංශ කෙරෙහි වෛරයට පාත්‍ර වන ක්‍රියාවන්ය. රට සාමකාමීව පවත්වාගෙන යාමට නම් මේවා මෙසේ නොවිය යුතුය. ජාතික තරුණ පරපුර සත්‍ය මත සිට පාලනය කල යුතුය. ඒ හැර මේ ගමන් කරන්නේ තරුණ පරපුර විනාශ කිරිමේ කටයුත්තක් දෙස බැවින් එය සිදුවීමට ඉඩ නොතැබීමට ආරක්ෂක ප්‍රධානීන් කාටයුතු කල යුතුමය.  

    ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ජිනීවා ගැටයට හිර කිරීම

    මේ සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නායකයන් අවධානය යොමුකළ යුත්තේ මේ අකාරයෙන් ආරක්ෂක අංශවලට එරෙහිව චෝදනා එල්ල වීම, ඔවුන් ම්ලේච්ච් ලෙස ප්‍රහාරයන් එල්ල කිරිම ආදිය පසුපස ශ්‍රී ලංකා හමුදාවන් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයන් වලට රැගෙන යාමට අවශ්‍ය සාක්ෂි සකසන්නේද යන්න වෙනමම සොයාබලිය් යුතුය. එබැවින් ආරක්ෂක හමුදා ආරක්ෂා කල හැක්කේ සාමකාමී කටයුතු වලින් පමණක් බව අවධාරණය කරගත යතුව තිබේ.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version