යුරෝ මිලියන 1.5ක මුදලක් ශ්‍රී ලංකාව සඳහා මානුෂීය ආධාර වශයෙන් ලබා දීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
එම ආධාර මෙරට ජනතාවට බලපාන සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලබා දීමට කටයුතු කළ බවයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ.
එම ආධාර මුදල් ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා වන ආහාර ,සෞඛ්‍ය ,අධ්‍යාපන සහ ආරක්ෂාව සඳහා ලබා දීමට නියමිත අතර වඩාත් අවදානම් පවුල් ඒකක වෙත එම ආධාර ලබාදීමට නියමිතය.
යුරෝපා සංගමයේ අර්බුද කළමනාකරණය පිළිබඳ කොමසාරිස් ජැනස් ලෙනාචික් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තර්ජනයකට ලක්වෙමින් පවතින අතර සමාජ ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින බවයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම නව මානුෂික අරමුදල තුළින් යුරෝපා සංගමය, වඩාත් අවදානමට ලක්වී ඇති ජනතාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.















































