විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට ප්‍රකාශයක් සිදුකර හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට වරදකරු කරමින් ඔහුට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කරන ලදී.
මේ වන විට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම නඩු තීන්දුවට අනුව දඬුවම් විඳිමින් සිටන අතර ඔහුව නිදහස් කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බවට , වර්තමානය වන විට සමාජ මාධ්‍ය හරහා සහ ජනතාව අතර කතාබට ලක්වෙමින් පවතී.
ඔහු නිදහස් කරන ලෙස පසු ගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටි අතර, ආරංචි මාර්ගවලට අනුව ලබන නිදහස් දිනය දා ( පෙබරවාරි 04) ඔහුව නිදහස් කරනු ඇති බවට බොහෝ දෙනෙකු ප්‍රකාශ කරති.













































