English
සිංහල
19:56 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රජය අයි.එම්.එෆ් ගිහිල්ලා රටේ ජනතාව මෙච්චර පීඩනයකට ලක් කරාවි කියලා අපි හිතුවේ නැහැ – කිරිඇල්ල.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාර්ලිමේන්තුවට කිසිවක් නොදන්වා හිතුවක්කාර විදිහට ගිවිසුම් අත්සන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අපේ සහයෝගය බලෙන් ලබා ගැනීමට නොහැකි බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවැසීය .

    ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය .

    රජයට අයි.එම්.එෆ්.සමග ඇතිකරගත් ගිවිසුමේ අමතක වෙලා තියෙන කොටසක් මතක් කළ යුතුයි.ඇත්තටම අපිට අයි.එම්.එෆ් යන්න වුණේ මේ ආණ්ඩුව රට බංකොලොත් කර නිසා බව තේරුම් ගන්න ඕන. ඒ වගේම අයි.එම්.එෆ් යෑම අවුරුදු එකහමාරකින් ප්‍රමාද කළා. අපිට අයි.එම්.එෆ් යන එක ගැන ප්‍රශ්නයක් නැහැ නමුත් මම ඇතුළු විපක්ෂයේ අපි මුල ඉදන්ම කිව්වේ අයි.එම්.එෆ් යන්න කලින් විපක්ෂයත් එක්ක සාකච්ඡා කරන්න කියලා .අඩුම ගානේ පාර්ලිමේන්තුවේ වත් සාකච්ඡා කළේ නැහැ.

    ඒ වගේම පාර්ලිමේන්තුවේ මුදල් කමිටු ගනනාවක් තියෙනවා ඒ තුළ වත් සාකච්ඡා කරන්න කියලා කිව්වත් රජය එය පිළිගත්තේ නැහැ හිතුවක්කාර විදිහට ඒක පාක්ෂිකව කටයුතු කළා.

    අඩුම තරමේ සිවිල් සමාජය සමඟ වත් සාකච්ඡා කළේ නැතුව රජය ගිවිසුම අත්සන් කළා.ඒ අත්සන් කරපු ගිවිසුම වත් හරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නෑ කොටසක් පමණයි ඉදිරිපත් කළේ ඒ ඉදිරිපත් කරපු ටික අධ්‍යයනය කරාම අපට පේනවා අයි.එම්.එෆ් එක මුදල් දීලා තියෙන්නේ යම් කොන්දේසියකට යටත්කරලා එහි ප්‍රධානම කොන්දේසි ලෙස රජය නීතියේ උත්තරීතරභාවය සැම විටම ආරක්ෂා කළ යුතුයි වගේම මානව හිමිකම් ආරක්ෂා කළ යුතුයි කියලා සඳහන් වෙනවා ඊට අමතරව සිවිල් සමාජයත් එක්ක ගනුදෙනු කළ යුතුයි කියලත් තියෙනවා. මෙම කොන්දේසි වලට යටත්ව තමයි උදව් කරේ.

    රජය මේ මුදල් ලැබී දවස් කිහිපයක් යනකොට පළාත් පාලන මැතිවරණය කල් දැම්මා එය අපේ රටේ ව්‍යවස්තාවේ වත් මැතිවරණ නීතියේ වත් කිසිම වගන්තියක් නැහැ .රජයේ  හිතුවක්කාර ක්‍රියාවක් ඊට පස්සේ ඒ වෙනුවෙන් අපි අධිකරණයට ගියා එහිදී නියෝගයක් දුන්නා මුදල් අමාත්‍යංශයේ ලේකම්ට මැතිවරණයට අවශ්‍ය මුදල් මුදාහැරලා ඡන්දය පවත්වන්න කියලා.රජය එය ගණන් ගත්තේ  නැහැ.පසුව ඒ නියෝගය දුන්න විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කැඩුවා කියලා වරප්‍රසාද කමිටුව ගෙන්වන්න රජය කටයුතු කළා.ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ගේන්න කටයුතු කළා.

    මාධ්‍ය ආයතන බියගන්වන්න පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට දැනටමත් ගෙන්වලා තියෙනවා එහිදී ඉතාමත් පැහැදිලියි  රජය තමයි මේ ගිවිසුම කඩාකප්පල් කරන්න කටයුතු කළේ කියලා . අපි නෙමෙයි දැන් අපිට දොස් කියනවා අපි මේක කඩාකප්පල් කරන්න හදනවා කියලා. දැනටමත් අයි.එම්.එෆ් එක්ක ඇතිකරගත් ගිවිසුම රජයේ ක්‍රියාවලින් කඩාකප්පල් වෙලා තියනවා ඒ නිසා තමයි අයි.එම්.එෆ් නියෝජිත පිරිසක්  ජුනි මාසයේ ලංකාවට එන්නේ. එම ගිවිසුමේ තියෙනවා මා කලින් කියපු කරුණු ගැන නීතියේ උත්තරීතරභාවය අවධානය සිටින බව මොකද අයි.එම්.එෆ් මුදල් ගත්තා කියලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම් විනාශ කරන්න බැහැ වගේම මානව හිමිකම් උල්ලංඝනය කරන්න බැහැ.නමුත්  ඒ පැත්ත රජය හංගල තියෙන්නේ එම නිසා මාධ්‍යවේදීන්ට මේ මොහොතේ කියනවා රජය පොරොන්දු වෙලා තියෙනවා නීතියේ උරීතරභාවය ආරක්ෂා කරන්න දැනටමත් අවස්ථා පහක නීතියේ උත්තරීතරභාවය කෙලෙසා තිබෙනවා .

    ඒ නිසා මම මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමක් කරනවා මෙයට අවශ්‍ය ප්‍රචාරය ලබා දෙන්න කියලා .මොකද මැතිවරණ කල් දැම්මොත් අයි.එම්.එෆ් එක්ක ප්‍රශ්න ඇති වෙන එක වළක්වන්න බැහැ.

     රජයට 2021 දී අපි කිව්වේ අයි.එම්.එෆ් යන්න කියලා නමුත් ගියේ නැහැ 2021 අය වැය කාලයේදී මම හිටපු මුදල් ඇමැතිවරයාගෙන් අයි.එම්.එෆ් යනවද ඇහුවම නැහැ කිව්වා නමුත් ප්‍රමාද කරලා හරි ගියපු එක අපට ප්‍රශ්නයක් නැහැ හැබැයි ජනතාවට මේ දෙන පීඩනය අපි කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ .

    රජය අයි.එම්.එෆ් ගිහිල්ලා රටේ ජනතාව මෙච්චර පීඩනයකට ලක් කරාවි කියලා අපි හිතුවේ නැහැ අද අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගන්න බැහැ විදුලි බිල දරාගන්න බැහැ රජයට යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරල මේ පීඩනය අඩු කරන්න අපි ගියා නම් මුලින්ම කතා කරන්නේ ජනතාවට දෙන පීඩනය අඩු කරන්න කියලා නමුත් රජය ජනතාව අමතක කරලා රුපියල් ශත ඩොලර් පමණක් ගැන කතා කරලා තියනවා. පසුගිය සති දෙක තුන ඇතුළත පුවත්පත් බැලුවා නම් හැම ආර්ථික විශේෂඥයෙක් ම කියන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනු ගැන සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් තියෙන්න ඕන කියලා එහෙම නැතුව මේක සාර්ථක වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට කිසිවක් නොදන්වා හිතුවක්කාර විදිහට ගිවිසුම් අත්සන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම අපේ සහයෝගය බලෙන් ගන්න බැහැ.

    මම මෙතනට එන්න කලිනුත් අයිලන්ඩ් පත්තරේ ප්‍රධාන ලිපියක දැක්කා ආර්ථික විශේෂඥයින් කියනවා සම්මුතියක් ඇතිකර ගන්න සියලු පක්ෂ එක්ක කියලා නමුත් රජය එවැනි සම්මුතියක් ඇතිකර ගන්න උත්සාහයක් ගත්තේ නැහැ අපි අවස්ථා තුනකදී කිව්වා පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන්න කියලා. ගරු ජනාධිපතිතුමාටත් කිව්වා නමුත් එය සිදු වුණේ නැහැ .මම කිව්වා මුදල් කමිටුවට ඉදිරිපත් කරන්න කියලා එය සිදු වුණේ නැහැ ඒ වගේම අයි.එම්.එෆ් ප්‍රධානියා පෙරේදා කියලා තිබුණා අපේ ගනුදෙනු තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවත් එක්ක කියලා මම අහනවා ආණ්ඩුව මේ ජනතාව ගැන හිතුවද කියලා ආණ්ඩුවට තිබුණා අයි.එම්.එෆ් සමග සාකච්ඡා කරලා අධික බදු බර අධික විදුලි බිල මේ පීඩනය තුනී කරන්න නමුත් රජය එය කරලා නෑ ඒ වගේම තමයි මේ රටේ නීතියේ උත්තරීතරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම වගන්ති උල්ලංඝනය කරලා.

     ඉදිරියේ දී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන කොට මේවට උත්තර දෙන්න නෙමෙයි මම මේක පුවත් පත් වලට දැනුම් දෙන්නේ මොකද මේකේ දැනගන්න මාධ්‍යවේදීන් මේ පැත්ත ගැන හරියට සංවාදයක් ඇති වෙලා නැහැ. ඉතින් පලාත් පාලන මැතිවරණය තියන්න ඕන ඉක්මනින් මැතිවරණ කොමසාරිස් ගරු අග්‍රාමාත්‍ය වරයා හමුවෙලා තියෙනවා. අගමැති තුමා 2012 ඉඳලා අද දක්වා මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති දැන් මේ මැතිවරණය ලං වෙනකොට තමයි සීමා නිර්ණය සඳහා කමිටුවක් පත්කෙරේ එය මැතිවරණය ප්‍රමාද කරන්න කරන වැඩ. නැත්නම් අවුරුදු 10ක් මේ මැතිවරණ ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති හැටියට හිටියා එහිදී පිරිස වැඩියි කියලා හාරදාහා අටදාහක් කරා ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය ලං වෙනකොට සංඛ්‍යාව වැඩියි කියලා සීමා නිර්ණ කමිටුවක් දාලා මැතිවරණය ප්‍රමාද කළා. මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නෙමෙයි ජාත්‍යන්තර සංවිධාන මේවා ගැන අවධානයෙන් ඉන්නේ අපට ජාත්‍යන්තර උදව් අවශ්‍යයි නමුත් මේ විදියට කටයුතු කිරීමෙන් රටම අනතුරේ දැම්ම කියලා මම විශ්වාස කරනවා.

    රජය ගේන්න හදන ප්‍රතිත්‍රස්ත පනත වැදගත්ම ප්‍රශ්නය තියෙන්නේ තුන් වෙනි වගන්තියේ එහි ත්‍රස්තවාදියා කියන්නේ කවුද කියන එක පුළුල් වශයෙන් විග්‍රහ කරල තියනවා කොටින්ම කියනවා නම් සෑම පුරවැසියෙක්ම ත්‍රස්තවාදය හැටියට ගණන් ගන්න පුළුවන් වගන්තියක්. ලෝකයේ කිසිම තැනක ත්‍රස්තවාදියා කියන වචනය අර්ථ නිරූපණය කරලා නැහැ එක්සත් ජාතීන්ගේ කවුන්සලය නැහැ නමුත් අපි ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒ අනුව සෑම පුරවැසියෙක්ම ත්‍රස්තවාදය හැටියට ගණන් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එම පනත සම්බන්ධය මාධ්‍යවේදීන් නිහඬව ඉන්න එක ගැන පුදුමයි.

    ප්‍රශ්නය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආරාධනයක් තියෙනවා සමගි ජන බලවේගයේ සමහර අයට ඒ කණ්ඩායමක් යනවා කියලත් ආරංචි වෙනවා ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ.

    පිළිතුර.

    පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මම ඒ සම්බන්ධව කතා කලා එහිදී කිව්වා අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න සමගි ජන බලවේගය තුළ කිසිම සාකච්ඡාවක් කරල නැහැ අපිට ආරාධනාවක් ලැබිලාත් නැහැ. මට පෞද්ගලික ආරාධනයක් ලැබිලත් නැහැ.

    ප්‍රශ්නය.

    වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැන් එතුමා හොඳයි කියලා ප්‍රතිරූපයක් සමාජය ගොඩනැගෙනවා ඒ ගැන ඔබ දකින්නේ කොහොමද.

    පිළිතුර.

    ගෑස් තිබුණේ එක් දහස් ගානට ඒක පන් දහස් ගානට ගියා දැන් හාරදාහට දෙනවා ජනතාවට සහන දෙන එක ගැන අපි විරුද්ධ නැහැ ඒ ගැන සතුටු වෙනවා නමුත් කියන්න ඕන දැන් ආණ්ඩුව ණය ගෙවන්නේ නැහැ එහෙම උනාම ආණ්ඩුවට සල්ලි ටිකක් අතේ තියනවා අවුරුදු දෙකකට ඩොලර් බිලියන හයක් ගෙවන්න ඕන එය ගෙවන්නේ නැති නිසා මුදල් තියෙනවා ඒ ඉතුරු සල්ලි වලින් ජනතාවට සහන දෙන්න පුළුවන් අපි එකට විරුද්ධ නැහැ අපිත් ජීවත් වෙන්නේ මේ රටේ නමුත් ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරනකොට ජනතාවගේ පීඩනය අඩු කරන්න කතා කරේ නැහැ.

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ඇවිත් පුවත්පත් සාකච්ඡාවක් තිබුණා එහිදී කිව්වා අපි යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ජනමතයක් ඇති ආණ්ඩුවකට තමයි උදව් කරන්නේ කියලා. නමුත් දැන් මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාලය වෙනස් කරලා මේ ප්‍රතිසංස්කරණ කරන්න රාජ්‍ය ආයතන විකිණීමට ආණ්ඩුවට ජනමතයක් නැහැ.

    සරත් සමරනායක

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 20, 2024
    Uncategorized

    දුම්රියක් පීලි පනී.

    මාර්තු 19, 2024
    Uncategorized

    තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.

    මාර්තු 19, 2024
    Uncategorized

    පුවක් අපනයන බෝගයක් කරයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    හෙටත් මුළු රටම රත් වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ලංගම බස් රථයක් පෙරළෙයි.

    මාර්තු 19, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version