අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේ විදුලි බලාගාරයන්ට ගෑස් සැපයීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට අවාසිදායක වන ගිවිසුමකට ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බවයි.
එමෙන් ම එතුමා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙරට විදුලිබලාගාරවලට ගෑස් සැපයීම අමෙරිකානු සමාගමකට 2028 වසර දක්වා ලබා දීම තුළින් ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට බාධාවක් වන බවයි.
ඔහු පවසා ඇත්තේ මෙලෙස 2023 සිට වසර 05කට අමෙරිකානු සමාගමකට ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලැබීම තුලින් ගෑස් නිධි කැනීමට විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් වන බවත්, එය බලශක්ති අමාත්‍යංශයට බලපාන ආකාරය පිළිබඳව මේ වන විටත් ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙන බවත් ය.