ඊයේ (09) දින කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර 28 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු කඳුළු ගෑස් විදින තුවක්කුවක් පිපිරීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර නිවසට එල්ල වූ ප්‍රහාරයකදී තුවාල ලැබීමෙන් ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාරද මිය ගොස් තිබෙනවා.
කොළඹ ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 216ක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. ඉන් 05 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.













































