English
සිංහල
03:40 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රට ගිනි තැබූ දේශබන්දුගෙන් පොලිසියට පාඩමක්.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    ආරක්ෂක අංශවලින් දිගින් දිගටම අපට චෝදනා එල්ලකලේ ආරක්ෂක අංශවල වැරදි ලියන බවත්, ඒවා රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට හානිවන බවත්ය. නමුත් අප ඒවා ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අංශවල චෝදනාවලට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා තිබේ. කෙසේ නමුත් අප දිගින් දිගටම ආරක්ෂක අංශවල වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි සහිතවම අනාවරණ කරමින් සදහන් කලේ බලය අහිමිවන විට ඔවුන්ව බේරාගැනීම සදහා කිසිවෙකුත නොමත්වන බවයි. ඒ ආකාරයෙන් යහමග යාමට හැකිවන ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාටද අප අවාධාත්මක ලිපි පළකර තිබේ. එසේම බලය සහ මුදලට ලොල් වූ ඔහුගේ ක්‍රියාකලාපය නිසා ඔහුට අත්වන ඉරණම පිළිබඳවද අප මීට පෙර අවධාරණය කර තිබේ . ඒ සියල්ලම එකම කතාවකින් අවසන් කිරීමට සිදුවන අකාරයේ ඉතිහාසගතවන අතුරු නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාකරණය තීරණය කලේ ඊයේය (10).

    විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නියෝග ලබාදුන් අතර ඔහුව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ද එහිදී නියෝග ලබා දුන්නේය. මොහු විසින් පසුගියදා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ද විභාග කිරීමට මෙහිදී අවසර හිමිව විය. එය මූලික අයිතිවාසිකම් විෂයෙහි ලා අප සජීවීව දුටු විශේෂ නියෝගයකි.

    විජිත මලල්ගොඩ සහ එස්.තුරේරාජා යන මහත්වරුන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී.මෙම පෙත්සම තුළින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පසුගිය අගෝස්තු මස 17 වනදා තමන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙතෙක් අධිකරණය වෙත ඉදිරිපත් නොකර රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

    එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසූරු විජිත් මලල්ගොඩ මහතා අත්අඩංගුවට ගැනුනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම නීතිමය ක්‍රියාපටිපාටියට සම්පූර්ණයෙන් පරිබාහිර බව සඳහන් කරමින් දැඩි දෝෂාරෝපණයට ලක් කරන ලදී.එහි දී වැඩිදුරටත් විනිසුරු මලල්ගොඩ මහතා කියා සිටියේ පුද්ගලයෙකු රැඳවුම් නියෝග භාරයට පත් කිරීම ඉතා පරෙස්සම්සහගතව නීතියට අනුකූලව සිදුකළ යුතු බවත් මෙහිදී ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව එය සිදුකර ඇති බවයි. තවමත් විභාගය අවසන් නොමැති මෙම නඩුවෙන් දේශබන්ධු තෙන්නකෝන් සහ එහි වග උත්තරකරුවන්ගේ අනාගතය පැවසීමට අපට නීතියෙන් අවසර නැත.

    එහි දී අධිකරණය අමතමින් විනිසුරු එස්.තුරේරාජා මහතා කියා සිටියේ පුද්ගලයන් රැඳවුම් බාරයේ තබාගන්නා විට ඒ සෑම පියවරක්ම සිදුවිය යුත්තේ නීතිපතිවරයාගේ දැඩි අධීක්ෂනය යටතේ වන බව පැවසූ අතර වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම යටි අරමුණකින් කළ ක්‍රියාවක් බවත් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම එහි මූලික අරමුණ බවත් විනිසුරු මලල්ගොඩ මහතා පෙන්වා දී ඇත.

    එමෙන්ම පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ පෙත්සම්කරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි වන බවයි. නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන ්මහතා ප්‍රකාශ කළේ අදාළ විධිවිධාන අනුව පෙත්සම්කරුවන් රැඳවුම් බාරයේ තබාගෙන ඇති බවයි.

    එහි දී අධිකරණ ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත මලල්ගොඩ මහතා ප්‍රකාශ කළේ “අපි පුද්ගලයන්ගේ නිදහසට ගරු කරන්න අවශ්‍යයි.මේ ආකාරයට අහිංසක පුද්ගලයන්ගේ නිදහස අවහිර කරන්න ඉඩ දෙන්න බැහැ.මේ ආකාරයට පුද්ගලයන් රැඳවුම් බාරයේ තබා ගැනීම වැරදිසහගතයි.එය ව්‍යවස්ථාවට පටහැනියි.ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි.පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා විට ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු විමර්ශනය කර අවසන් කර එය සිදු කළ යුතුයි.නැතිව කිසිදු හේතුවක් නොමැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ නීති විරෝධීව රඳවා තබාගෙන පසුව තොරතුරු විමර්ශනය කිරීම වැරදියි.” යනුවෙනි. නමුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නීතියට ගරු නොකරන දූෂිත පොලිස් නිලධාරින් සිදුකරන්නේම එයයි. පරීක්ෂණ අවසන් කර තොරතුරු සමග සාක්ෂි එකතුකිරීමෙන් පසුව පුද්ගලයන් අත් අඩංගුවට ගත යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත තුල මනාව සදහන් කර තිබේ.

    අනතුරු වසන්ත මුදලිගේ මහතාගේ මූලික අයිතිවාසිනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන් අතර ඔහුව මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරන ලෙස නියොත් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග ලබා දෙන ලදී. ඉතිරි පෙත්සමකරුවන් වන අන්තර් භික්ෂු ශිෂ්‍ය බල මණ්ඩලයේ ගලේවෙල සිරිධම්ම හිමි සහ හසාන් ජීවන් ගුණතිලක යන අයඅයගේ පෙත්සම් සංශෝධනයට අවසර දෙමින් පසුවට කල්තබන ලදී.

    වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේ ය.

    මෙම ‌ෙඵතිහාසික තීන්දුව ලබා දීම සඳහා ඉදිරිපත්ව සිටි නීතීඥයන් අතරට  තනුක මාධව නන්දසිරි, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනතා නීතිඥ නුවන් බෝපගේ, ජනතා නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ, නීතිඥ චතුර වෙත්තසිංහ, නීතිඥ ඉනෝකා හෙන්දවිතාරණ, කිවියර නීතිඥ රිවිහාර පින්නදූව යන අය ඇතුළත් විය.

    මේ අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්.ගමගේ යන අය එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව අරගල සමයේ සියලුම ආරක්ෂක අංශයන් නියෝජනය කරමින් නීතිවිරෝදී ක්‍රියාවන් සිදුකල සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ට පාඩමක් කියාදීමට මෙම නඩුවේ අතුරු නියෝගයන් ඉතාම විශේෂ ස්ථානයක් ගෙන තිබේ. එසේම මෙම නඩුවේ අවසානයේ ලබාදෙන තීන්දුවද සමස්ත ජනතාවගේම නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කරන විශේෂ නඩුවක් වීමට ඉඩකඩ තිබේ. නඩුවේ අනාවැකි කීමට අපට අවසර නැතිනමුත් නඩුවේ තීන්දුව කුමක් වුවත් එය සමස්ත සමාජයම අධිකරණයට දැඩි සේ ගරු කරන සේ දේවත්වයේ ලා සලකන තීන්දුවක් වනු ඇත.

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version