අප අද දහවල් සදහන් කල පරිදි රට පුරා ප්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් විරෝධතා විශාල වශයෙන් වාර්ථා වේ.
ජීවන අරගලය අස්සේ ඊයේ රාත්‍රියේ ඉංධන මිල වැඩිකිරීමත් සමගම රට පුරාම අලුතින්ම විරෝධතා රැල්ලක් ඇතිවිය.
ඒ අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. බස් ගාස්තු මෙන්ම පාන් මිලද ඉහල ගොස් තිබේ.
වාර්තා වන අන්දමට සමහර පොලිස්බල ප්‍රදේශවල විරෝධතා කිහිපයක් පවති. සමහර නගරවලද උද්ඝෝෂණ කිහිපයක් පවතී.
බොහො නගරවල ජනතාව ඉතාම සුලුවෙන් දක්නට ලැබේ.














































