English
සිංහල
14:59 සඳුදා, පෙබරවාරි 2, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රට බංකොලොත් කල හොරුන්ට දඩුවම් නොදී අරගලකරුවන් හිරේ යැවීම වැරදි – පාඨලී චම්පික රණවක

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රාජ්‍ය ආයතනවලට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරගෙන විශ්වාසය දිනාගන්නා මට්ටමකට ආණ්ඩුව පත් කරගන්නවා විනා පක්ෂවලින් මන්ත්‍රිවරුන් හෝ ඔවුන්ගේ හිතවතුන්, නිලධාරීන් ගැනීමෙන් රටේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ද හෙතෙම පෙන්වා දෙයි. ජනාධිපතිවරයාගේ ඊළඟ රාජාසන කතාවේ දී එම වැඩපිළිවෙළ, විවෘතභාවය, සහ අවංකභාවය ප්‍රකාශ නොකළහොත්  රටේ ජනතාව ඔහුව ද, ධූරයෙන් ඉවත් කිරීම සඳහා අරගල කරනවාට සැකයක් නොමැති බව රණවක මහතා අවධාරණය කළේය.

     අද (27) පාර්ලිමේන්තුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා සිදු කළ කතාව පහතින්..

    “අපිට ඇහෙනවා මේ හදිසි නීතිය මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පිටතින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්, විදේශ කුමන්ත්‍රණයක් තිබෙනවා. එය මර්දනය කිරීම සඳහා, ආරක්ෂක අංශවලට නව බලතල අවශ්‍යයි කියන ඒ අදහස. අනිත් පැත්තෙන් මේ රටේ 55 ලක්ෂයක් පවුල් පාරට ඇද වැටිලා තියෙනවා. ඒ 55 ලක්ෂයේ දුක් වේදනාව මත ඒ  මිනිස්සු හිතන ආකාරයට අනුව ඒ අය අද අරගල බිමට බැහැලා තියෙනවා. අපිට අද තෝරා ගැනීම තියෙන්නේ මෙතන.

    ඇයි මේ රටේ 55 ලක්ෂයක් පිරිස විශේෂයෙන්ම අපේ තරුණ පරපුර පාරට බැහැලා ජනාධිපති මන්දිරයේ, අග්‍රාමාත්‍ය මන්දිරයේ, ජනාධිපති කාර්යාලය අල්ලගන්න මේ ආකාරයට දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ක්‍රියාත්මක වුණේ. දරුවන්ට කිරිපිටි නැති, වැඩිහිටියන්ට බේත් නැති, ඒ වගේම අම්මාවරුන්ට පොළට ගිහිල්ලා බඩු ටික ගන්න විදිහක් නැති, ඒ වගේම තෙල් නැති, ගෑස් නැති, විදුලි බලය නැති රටක්, බංකොලොත් රටක් ඇති වෙච්ච නිසයි. මේ අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා අපිට ඒ බංකොලොත් රට ඇති වුණා. 2020 මාර්තු 7 වෙනිදා මහ බැංකුවට, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පණිවිඩයක් ලැබුණා ඔබේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේ නැත්නම් ඉතා ඉක්මනින් අමාරුවේ වැටිලා, බංකොලොත් භාවයට ලක් වෙන්න නියමිතයි කියලා. ඒක නොතකා හැරියා මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති.

    අපේ රටේ තියෙනවා මොනිටරි ලෝ ඇක්ට් එක 1950 ඉඳන්. මේ රට බංකොලොත් භාවයට පත් කිරීම සඳහා වගකිවයුතු ඒ මහ බැංකු අධිපතිලාට, මූල්‍ය මණ්ඩලයට කවුරුවත් නැහැ නඩු දාන්න. 2002 දි අපි සම්මත කර ගත්තා ෆිස්කල් රෙස්පොන්සිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක්. ඒ මගින් මේ රටේ ණය පාලනය කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ ලේකම්ට, මුදල් අමාත්‍යාංශයෙ ලේකම්ට ලැබුණා. ඒ දීලා තිබුණු ඉලක්ක අනුව 2013 දී අපේ රටේ ණය බර වෙන්න ඕනේ දළ ජාතික ආදායමෙන්, නිෂ්පාදනයට සාපේක්ෂව 60% යි. අද කීයද? 120 යි. එතකොට ඒ වගකීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ලා, මුදල් ඇමතිලා, භාණ්ඩාගාර ලේකම්ලා ඉටුකරලා තියෙනවද? අද මේ ජනතාව දුක් විඳින්න එක හේතුවක් ඒක නේද? රාජපක්ෂ පවුලට අමතරව, ඒ මහා ජාතික මංකොල්ලයට අවශ්‍ය රැකවරණය ලබාදීපු අයට මූල්‍ය පනත යටතේ හෝ මූල්‍ය කළමනාකරණ පනත යටතේ හෝ දඬුවම් දෙන්නෙ නැතිව අරගල බිමේ ඉන්න තරුණ, තරුණියෝ හිරගෙට යවන්න. මොකක්ද ආණ්ඩුවකට තියෙන සදාචාරාත්මක අයිතිය?

    මම බොහොම පැහැදිලිව කියනවා, ඉදිරියේ ඉතාම බියකරු තත්වයක් තියෙන්නේ. අපි මේ බංකොලොත්භාවයේ තාමත් පසුපසින් යාමයි සිදුවෙන්නේ. පහුගිය 25 වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම  ගිගා වොට් පැය 38 යි. ගිගාවොට් පැය 50ක ඉල්ලුමක් තිබුණ රටක් 38 ට වැටිලා තියෙනවා. මේ විදුලි කප්පාදුව හින්දා නෙමෙයි. 20% කින් විදුලි බල ඉල්ලුම අඩු වෙලා තියෙනවා කියන්නේ, ආර්ථිකයත්, ඒ වගේම ප්‍රමාණයකින් සංකෝචනය වෙලා තියෙනවා කියන එකයි. පළවෙනි මාස 3 ඇතුලේ 1.6 ක ආර්ථික සංකෝචනයක් තිබුනේ. දැන් ඒක 20% සීමාවට ගමන් කරමින් තිබෙනවා. සැප්තැම්බර් මාසේ වෙනකොට මේ ඉන්දියානු ණය හෝ වෙනත් පැත්තකින් මේ ණය ලැබුනේ නැත්නම් මේ රට ඉතාමත්ම භයානක අඳුරු අගාධයකට යනවා විතරක් නෙවෙයි අපි දැකපු අප්‍රේල් 9, මැයි 9, ජුනි 9, ජුලි 9 සතියෙන් සතිය එන්න පුළුවන් ඉදිරි කාලයේදී. අපි ඒක මතක තබා ගත යුතුයි.

    ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටත කවුරුන් හෝ බලය ස්ථාපිත කරන්න උත්සාහ කරනවා නම්, ඒක නතර කිරීමේ වගකීම ආරක්ෂක අංශවලට තිබෙනවා. නමුත් ඒ අතරේ අපේ සානුකම්පිතභාවය තියෙන්න ඕනේ. නියම වගකිවයුත්තන් එළියේ සිටියදී මේ ගැන හඬ නගන, දුක් විඳින ජනතාව මර්දනය කිරීම සඳහා මේක යොදා ගැනීම සාහසික අපරාධයක් බවයි මගේ හැඟීම.

    තරුණයෙක් හැටියට මීට අවුරුදු 30කට කළින් අපිත් විශ්ව විද්‍යාලයේ හිටියා. ඒ  අවස්ථාවේදී අපි දැක්කා මර්දනය කොහොමද එල්ල වුණේ කියලා. අපි පිටකොටුවට ගියහම දර පොලු වලින් අපිට ගැහුවේ. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්. අද මේ හුඟක් කතා කරන ගුණරත්නම් චරිතය, රංජිතම් ගුණරත්නම්, අපට කොළඹ විශ්ව විද්‍යාලයේ පිට්ටනියට එන්න කියලා කිව්වා. අපි නැවත අත්දෙක වන වනා උද්ඝෝෂණ වලට එන්නේ නැහැ කියලා. ශිෂ්‍යයෝ මහා ආවේගයෙන් අත්පුඩි ගහලා පිළිගත්තා. මොකක්ද ඉරණම? ජයවර්ධන ජනාධිපතිතුමා නම් සාමකාමීව මිය පරලොව ගියා. නමුත් 66,000 ක් මහ පාරවල්වල ආදාහනය වුණා. මහා ඛේදවාචකයකට රට ගියා. ඒ නිසා මම මතක් කරන්න ඕනේ. වෙඩි තබලා මේ ප්‍රශ්නය යටපත් කරන්න හදනවා නම් උතුරේ අත්දැකීමත් ඒකයි. දකුණේ අත්දැකීමත් ඒකයි. නැවත මේ රට ලේ විලක් කරා ගෙනියන්න ඉඩ තියන්න එපා. රංජිතම් ගුණරත්නම්ලා තව දහස් ගාණක් බිහි කරන්න ඉඩ දෙන්න එපා. අපේ ජීවිත වලින් අපි ලබාගත්ත ඒ අත්දැකීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහපොළොවේ මරා දාලා, දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටෙන් පිටමන් කරලා, එක තරුණ පරපුරක්ම විනාශ කරපු ඒ ක්‍රියාවලිය නැවත ඇති වෙන්න දෙන්න එපා. මොකද අපිත් වගකිවයුත්තෝ. මේ රට මේ බංකොලොත්භාවයට ගේන්න.

    ජනාධිපතිතුමා එන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට නම්, එතුමාගේ විවෘත භාවය, එඩිතරභාවය, අවංකභාවය පෙන්නන්න ඕනේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියන එක අපි පෙන්නලා දුන්නා. ඒක තමයි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව, අනාගත ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අවම එකඟතාවයක් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ඇතිකර ගැනීම. ඒ වගේම 224 දෙනාම මේ අමාත්‍ය මණ්ඩලවලට සම්බන්ධ වෙන විධායක කාරක සභා ක්‍රමයක් ඇතිකර ගැනීම. විශේෂයෙන්ම මේ රටේ දැවෙන ප්‍රධාන ආයතන, කඩා වැටෙන්න නියමිත බැංකු පද්ධතිය, කඩා වැටෙමින් තියෙන බලශක්ති පද්ධතිය, ඒ ආයතන වලට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරලා, විශ්වාසය දිනා ගන්න වැඩපිළිවෙළකට ගමන් කිරීම. එහෙම නැතුව සැලුන් දොර අරිනවා වගේ, අතනින් මෙතනින්, පක්ෂ වලින් කට්ටිය ගැනීමෙන්, එහෙම නැත්නම් ඒ අයගේ හිතවතුන් ගැනීමේ, නිලධාරීන් ගැනීමෙන් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ.

    අපි බලාපොරොත්තු වෙනවා එතුමාගේ ඊළඟ රාජාසන කතාවේදී මේ වැඩපිළිවෙළ, විවෘතභාවය, අවංකභාවය ඔහු ප්‍රකාශ කරයි කියලා. එහෙම නොවුණොත් මේ රටේ ජනතාව එතුමාවත් මේ ධූරයෙන් ඉවත් කිරීම සඳහා අරගල කරනවාට සැකයක් නෑ. අපි ඉන්නේ ඉතිහාසයේ, අතිශය තීරණාත්මක තැනක මතක තබා ගත යුතුයි.

    ග්‍රීසිය බංකොලොත් වෙලා අවුරුදු 12 ක්, ආජන්ටිනාව බංකොලොත් වෙලා අවුරුදු 10 ක් විටින් විට නැවත නැවතත් බංකොලොත් වෙමින්, අතිශය අන්තවාදී ආණ්ඩු පිහිටවමින්, ප්‍රජාතන්ත්‍රවාදී සීමා වලින් ඔබ්බට ගමන් කරමින් තිබෙනවා. අපි වගකීමෙන් මේ මොහොතේ කටයුතු නොකලොත් අපි අවංක නොවුනොත්, එඩිතර නොවුනොත්, දූරදර්ශීභාවයකින් තොරව, එකමුතුභාවයකින් තොරව කටයුතු කලොත් මේ රට නැවතත් ලේ ගංගාවකට ගමන් කරනවා. ඒ නිසා මම නම් විරුද්ධයි මේ හදිසි නීතියට එයට එරෙහිව මම ඡන්දය පාවිච්චි කරනවා. මොකද මගේ දරු පරපුර ලේ සාගරයක ගිල්ලවන්න කිසිම ආකාරයකින් මේ රටේ මූල්‍ය වංචා කරමින්, මේ රට කොල්ලකාපු පරපුරුවලට නොහැකි නිසා.”

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version