ප්‍රංශයට යවන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් සහ ගුවන් ගමන් බලපත්‍ර වංචනිකව ලබා ගත් පුද්ගලයෙකු කටුනායක පොලිසිය විසින් අද (06) අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම පුද්ගලයාට එරෙහිව කටුනායක පොලිසියට පැමිණිලි 8 ක් ලැබී ඇති බවත් , වීරගුල , රාගම , පොළොන්නරුව ආදී පොලිස් ස්ථාන රැසකට ද පැමිණිලි ඉදිරිපත් වී ඇති බවත් සදහන්.
සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි.
මොහු මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.














































