කුවේටයේ ගෘහ සේවයට ගිය සේවක සේවිකාවන් 47 දෙනෙකු එහිදී සිදු වූ හිරිහැර හා රෝගාබාධ හේතුවෙන් අද (25) දින උදෑසන නැවත දිවයිනට පැමිණි බව වාර්තා වේ.
මොවුන් මස්කට් නුවර පිහිටි ගුවන් තොටුපලකින් U.L.230 දරණ යානයෙන් කටුනායක ගුවන්තොටුපලට පැමිණි බව සදහන් වේ.
දිවයිනට පැමිණි පිරිසට කුවේටයේදී සිදු වූ හිරිහැර හේතුවෙන් නැවත දිවයිනට පැමිණි බවත් ඒ පිළිබදව ඔවුන් එරට තානාපති කාර්යාලයට දැනුම් දුන් බවත් වාර්තා වේ.















































