English
සිංහල
20:57 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රත්නපුරෙන් එලියට ආ, දේවාලවල දුෂිත යක්කු, ප්‍රේතයෝ සහ කුම්භාන්ඩයෝ!

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රාජ්‍ය අමාත්‍ය ජානකගේ අණින් ස්ථානමාරු!

    මහජන උද්ඝෝෂණ!

    නිලවරණවලදී සල්ලි බෙදුව අයුරුත් අනාවරණය වේ!

    ප්‍රාදේශීය ලේකම්වරයෙක් නුවරඑළියේදී පැහැරගෙන!

    බස්නායක නිලමේ ලෙස පත්වීමට අවශ්‍ය නම් දියවඩන නිලමේගෙන් අවසර අරගෙන එන්න!

    ඔලුවක් තිබුණට මොළයක් නැති රාජ්‍ය පරිපාලන ලේකම්ලා!

    රත්නපුරෙන් එළියට ආ, දේවාලවල දුෂිත යක්කු, ප්‍රේතයෝ සහ කුම්භාණ්ඩයෝ!

    රත්නපුරය ප්‍රධාන කොටගත් සබරගමුව පුරාණයේ පටන් ම රටේ ආරක්ෂාවට දායකත්වයක් දැක්වූ පළාතකි. විදේශ ආක්‍රමණිකයකුට එරෙහි ව රත්නපුරේ බළකොටුවක් පළමු වරට තනන්නේ පොළොන්නරුවේ රජ වූ පළමුවන විජයබාහු  රජු යි. වර්ෂ 1067 දී චෝල ආක්‍රමණිකයන්ගෙන් දරුණු පරාජයක් ලැබූ විජයබාහු රජු සබරගමුවට අයත් කෑගල්ලේ වාතගිරි පර්වතය (වාකිරිගල) මත ආරක්ෂක බළකොටුවක් තනාගෙන සේනා සංවිධානය කළ බව සඳහන් වේ.

    ඉතිහාසය එසේ ලියවී තිබියදී, රත්නපුර ජනතාව තමන්ගේ යුක්තිය ඉල්ලමින් නැගී සිටින අතරතුර බොහෝ හොරුන්ගේ මෙන්ම දුෂිතයන්ගේ සැගවුණු ක්‍රියාවලින් එළිදක්වමින් සිටින්නේ අතීතය මතක් කරමිනි. එදවස පරදෙස්සන්ගෙන් රට බේරා ගත්තා සේ මේදවස දුශිතයන්ගෙන් රට බේරාගැනීම වෙනුවෙන් රත්නපුරේ මිනිසුන් නැගී සිටින බවක් දක්නට තිබේ. එය විශේෂ වන්නේ එම නැගී සිටීම සමගම විශේෂ දුෂණ විශාල වශයෙන් එළිදරව් වීමයි. සමාන දේවාලයේ නිලවරණය හේතුවෙන් මේ බොහෝ කරුණු රාවණා පරපුරේ අපට වාර්තා වන්නේ අපගේ ගුප්ත ගවේෂණ හේතුවෙනි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ  බලංගොඩ බොල්තුෙඹි සමන් දේවාලයේ බස්නායක නිලමේ  නිලවරණයේදී බලපෑම් මත සහ අල්ලස් ලබාගෙන ඡන්දය ලබා නොදීම හේතුවෙන් වැලිගෙපොල සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරුන්  රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික් මහජන නියෝජිත සහ රාජ්‍යය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් රාජ්‍යය අමාත්‍යවරයා වන ජානක වක්කුඹුර මහතා බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරයි.  ඒ අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් කීපදෙනෙකුට ය. ඒ පිළිබඳව අවශ්‍ය තොරතරු අප ලබාගෙන තිබේ.

    එම ප්‍රාදේශීය ලේකම්වරු දෙදෙනා මෙම අමාත්‍යාංශ ලේකම්වරයා මුන ගැසීමට ගිය අවස්ථාවේදී ද ලේකම්වරයා ලබාගත් දුරකථන ඇමතුමකදී ද ඒ බව ප්‍රකාශ වන ආකාරයේ සාකච්චාවක් සිදුව තිබේ. එම ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනා ද අමාත්‍යාංශ ලේකම්වරයා ගේ කාර්යාලය තුල රැදී සිටියදී එම දුරකථන සාකච්චාව සිදුව තිබේ.

    එම සිදුවීමට එරෙහිව මහජන උද්ඝෝෂණ දෙකක් මේ වන විට පැවතුනු අතර තවත් මහජන උද්ඝෝෂණ දෙකක් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. ඒ එම ලේකම්වරුන් නැවතත් රත්නපුර දිස්ත්‍රික්කයටම ලබා දෙන ලෙසටත්, ඇඹිලිපිටියේ වැඩ බැලූ ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතාම එම ප්‍රදේශයට නැවතත් ලබා දෙන ලෙස ඉල්ලමිනි. දේශපාලන බේදයකින් තොරවම එම උද්ඝෝෂණ පැවැත්වීම විශේෂත්වයක් ගෙන තිබේ.

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කොටස් දෙකකට බෙදා තිබේ. ඒ රාජ්‍ය පරිපාලන  ස්වදේශ කටයුතු සහ පළාත්  සභා හා පළාත් පාලන  ලෙසයි. එහි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු  කරනු ලබන්නේ අශෝක ප්‍රියන්ත මහතාය. පළාත් සභා සහ පළාත්  පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස  කටයුතු කරනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්  ජනතා නියෝජිත ජානක වක්කුඹුර මහතාය. මෙම දෙදෙනාටම සිටින්නේ එකම ලේකම්වරයෙකි. ඒ ප්‍රදීප් යසරත්නය. ප්‍රදීප් යසරත්නගේ දක්ෂකම් දැන් ටිකෙන් ටික එළියට එන්නේ රාජ්‍ය සේවයේ විනාශය පිළිඹිඹු කරමිනි.

    රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ නියෝගයෙන්ම එම ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනාට මෙම ඉරණම අත් වූ බව අමාත්‍යවරයාම ඔහුගේ සමිපතයෙකු සමග ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශයද, තවත් වැදගත් කරුණු ගණනාවක්ම අපට ලැබී තිබෙන සාක්ෂි වල ඇතුලත්ව තිබේ. එම ප්‍රකාශවලට අනුව පැහැදිලිවම පෙනීයන්නේ ඔවුන් සියල්ලෝම එකම දුෂිත කණ්ඩායමක කොටස්කරුවන් බවයි

    දියවඩන නිලමේවරයාගේ අවශ්‍යතාවය මත මෙම ප්‍රාදේශීය ලේකම්වරුන් මාරු කිරීමේ කටයුත්ත සිදු කරන බවත්, සමන් දේවාලයේ නිලවරණයට ඉදිරිපත්විය යුත්තේ දියවඩන නිලමේවරයාගේ අවසරය මත බවත්, රත්නපුර මහා සමන් දේවාලයේ පැවැත්වෙන ඉදිරි නිලවරණයේදී යෝජනා ස්ථිර කිරීමට ප්‍රාදේශීය ලේක්ම්වරුන්ට ඉඩ නොතබන බවත් ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරයි (පටිගත කිරීම් ලබාගෙන තිබේ)  කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හෝ දියවඩන නිලමේවරයාට  මෙහිදී චෝදනා කර පලක් නැත. සියලුම ලිපිවලට අත්සන් තබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාය. එහි වගකීම භාරගත යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි. ඔහු දේශපාලන නායකයන්ගේ වැරදි උපදෙස් වලට නටන පඹයෙක් බව අප මීට පෙරම පෙන්වා  දී තිබේ. අමාත්‍යවරුන් වැරදි දෙයක් කරන ලෙස යෝජනා කරන විට එය වැරදි බවට පෙන්වා දෙමින් අමාත්‍යවරුන් පවා නිසි මඟ රැගෙන යාමට  රාජ්‍ය නිලධාරීන් දැනගත යුතුය. එහි ආදීනව පෙන්වා දීමට රාජ්‍ය නිලධාරීන් ට හැකි විය යුතුය . මෙම ප්‍රශ්නය මෙතරම් උඩුදුවා ගොස් තිබෙන්නේ ද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිට කොන්දක් නැතිකමත් ඔහු පරිපාලනයේ දක්ෂයෙකු නොවන බවත් රටටම පෙන්වා දෙමිනි. එපමණක්ද රාජ්‍ය පරිපාලන නිලධාරින් කෙසේ නම් විශ්වාස කරන්නද යන්නද දිනෙන් දින පෙනෙන්නට තිබේ.

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන අශෝක් ප්‍රියන්ත මහතා පුවත් පතකට වැරදි ප්‍රකාශයක් ලබා දී තිබුනි. ඒ රාජ්‍ය සේවා කොමිෂම විසින් දෙවන  ශ්‍රේණියට අයත් රාජ්‍ය පරිපාලන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරුන්  බවට  පත් කිරීමට නිර්දේශ නොකරන බවය. එය අමූලික බොරුවක් බව අප  පෙර දිනම වාර්තා කල අතර ශ්‍රී ලංකාව පුරාම සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් දෙසීයක් පමණ රාජ්‍ය   පරිපාලන දෙවැනි ශ්‍රේණිය ට අයත් නිලධාරීන් ය. ඔවුන් සියලු දෙනාටම පත්වීම ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂම විසින් බවත්, අමාත්‍යවරයා කිසිවක් නොදැන කවුරුන් හෝ දුන් තොරතුරු මත එය කල බවත් අප පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත්, ප්‍රාදේශීය ලේකම්වරුන්  ලෙස පත්විය යුත්තේ පලවෙනි ශ්‍රේණියේ නිලධාරීන් බවට ද නීතියක් පවතී. නමුත් එසේ පත් කිරීමට අවශ්‍ය තරම් රාජ්‍ය පරිපාලන නිලධාරීන් සිටියේනම් එසේ නොකර පලවන  ශ්‍රේණියේ නිලධාරීන් පත් නොකර දෙවන ශ්‍රේණියේ නිලධාරීන් පත් කිරීමම පුරුද්දක් ලෙස කරගෙනවිත් තිබෙන්නේ රාජ්‍ය පරිපාලන  අමාත්‍යාංශය විසිනි.

    අප මේ පිලිඳව තවදුරටත් සොයා බැලීමේදී කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ප්‍රාදේශීය ලේකම්වරයා ද දෙවන ශ්‍රේණියට අයත් නිලධාරියෙකි. ඔහු පත්ව තිබෙන්නේ කිසිදු සම්මුඛ පරීක්ෂණයක් ද නොමැතිවය. එසේම දෙහිවල දඹුල්ල ආදී ප්‍රදේශ වල සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් ද පත්ව තිබෙන්නේ කිසිදු සම්මුඛ පරීක්ෂණයක්වත් නොමැති වන අතර ඔවුන්ද දෙවැනි ශ්‍රේණිය ට අයත් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ය. එවැනි දේශපාලන වුවමනාවන් මත පත්ව සිටින දෙවෙනි ශ්‍රේණියේ නිලධාරින්ද විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම්වරුන් බවට පත්ව සිටිති.

    එය එසේ කිරීම අමාත්‍යාංශයේ වරදක් විනා රාජ්‍ය සේවා කොමිෂමේ වරදක් විය නොහැක.  එය වරදක් නම් රාජ්‍ය සේවා කොමිසම විසින් එය නොකරනු ඇති බවට අපට   පෙනෙන්නට තිබෙන්නේ මහනුවර උඩපළාත  ප්‍රාදේශීය ලේකම්වරියගේ  සිදුවීම වැරදි ලෙස සිදු වී ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව එය මේ වන විට දෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබෙන බැවිනි.

    මේ  සියල්ල එසේ සිදුවන විට  හිටපු බස්නායක නිලමේ වරයෙකු බව කියැවෙන ඇමටියගොඩ නැමති  තවත් දුෂිත හිටපු බස්නායක නිලමේවරයෙකු ද ප්‍රකාශ කරනුයේ  රත්නපුර මහා සමන් දේවාලයේ මීට පෙර පැවති බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හතර දෙනෙකු මුදල් ලබා ගත් බවය. ඔවුන්ට ඡන්දය ලබා දීමට ප්‍රතික්ෂේප කල තවත් ප්‍රාදේශීය ලේකම්වරයෙකු නුවර එළියේදී ඔවුන් විසින්ම පැහැරගෙන ගොස් තිබේ. නිලවරණයෙන් පසුව ඔහුව මුදාහැර තිබේ.

    එසේ මුදල් ලබාගත් ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ නම් කියවෙන පටිගත කිරීම් දෙකක්  අප සතුව පවතින අතර ඔහු ප්‍රකාශ කරන්නේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා රත්නපුර මහා සමන් දේවාලයේ වර්ථමාන බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර වෙනුවෙන් අල්ලස් මුදල් රැගෙන ඔහු සමඟ බවය. එම ඇමටියගොඩ නමැත්තා බොල්තුෙඹි සමන් දේවාලයේ නිලවරණය වෙනුවෙන් ද ලක්ෂ 10 බැගින් ප්‍රාදේශීය නිලධාරීන් ට ලබා දීමට උත්සාහ දරා තිබේ. එය ඔහුම ප්‍රකාශ කරයි. අල්ලස් ලබානොගෙන ප්‍රාදේශීය ලේකම්වරුන් ඡන්දය ලබා දුන් බවට ඔහු ප්‍රකාශ කරන අතර පැල්මඩුල්ලේ ප්‍රාදේශීය ලේකම්වරයා ද මුදල් ලබා ගත් බව ඔහු ප්‍රකාශ කරයි. කෙසේ නමුත් රත්නපුරේ අනෙක් ප්‍රාදේශීය ලේකම්වරුන් මුදල් ලබාගත් බවට සාක්ෂි ඉදිරිපත්කරන ලෙස අප කල අභියෝගයට පිළිතුරු ලබා දීමට ඔහු අපොහොසත් විය.

    එසේම ඇමටියගොඩ නමැත්තා ප්‍රකාශ කලේ රත්නපුරින් ඉවත් කළ ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනා කිසිසේත්ම නැවතත් රත්නපුරයට නොගන්නා බවයි. රත්නපුර සමන් දේවාලයේ මීලඟට පැවැත්වෙන නිලවරණය වෙනුවෙන් මිගාර ජයසුන්දර ඉදිරිපත් නොවන බවත් ඒ වෙනුවට නිලංග දෑල ගේ ඥාතියකු වන  පුද්ගලයකු ඉදිරිපත් වන බවත් ඔහු ප්‍රකාශ කරයි. ඔහු නමින් මහින්ද දෑල බවද ඔහු ප්‍රකාශ කරයි. ඔහුට අනුව රත්නපුරේ ප්‍රාදේශීය ලේකම්වරුන් ස්ථානමාරු කරනුයේ මහින්ද දෑල නම් පුද්ගලයෙකු සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස පත් කිරීමටයි. ඉන් පෙන්නුම් කරන්නේ දුෂිතයන් සියල්ලෝම එකට එකතුව සිටින බවයි. ඔවුන්ගේම අවාසනාවකට බොහෝ තොරතුරු ජනගත වෙමින් හොරුන්ගේ සහ දුෂිතයන්ගේ පැවැත්ම ටිකෙන් ටික විනාශ වෙමින් තිබෙන බව ඔවුන් තවමත් වටහාගෙන නැත.  

    එසේම මෙහිදී අපට තවත් කරුණක් අනාවරණය වේ.  ඒ බළන්ගොඩ බොල්තුෙඹි ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා තේරීමට   පසුගියදා  පැවති නිලවරණය ට ඡන්දය ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනෙකු ට  බලපෑම් කර තිබෙන බවයි. එසේ බලපෑම් කර තිබෙන්නේ බළන්ගොඩ හිටපු  ප්‍රාදේශීය ලේකම්වරයා වන ඩබ්ලව්. එච්. එම්. බි.එස්. බණ්ඩාර, අමිල විජේරත්න හා චම්පික නිරෝෂ් ධර්මපාල යන ප්‍රාදේශීය ලේකම්වරුන් ටය. මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙන  අනුරාධ ජයකොඩි මහතාටද දුරකථන ඇමතුම් ලබා ගෙන  තිබුනත් එය අමාත්‍යවරයාගේ දුරකථන අංකයක් නොවන් බවත් එම ඇමතුමට පිලිතුරු ලබා දී නොමැති බවත් පසුව අනාවරණය වී තිබේ. එම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ බොල්තුෙඹි සමන් දේවාලයේ නිලවරණය වෙනුවෙන් පැවති ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රහසිගත සාකච්ඡාවකදීය . එසේම මෙම ලේකම්වරුන් තිදනාම රත්නපුර මහ සමන් දේවලයේ නිලමේවරයා වන මිගාර ජයසුන්දර තෝරාගැනීම සඳහා ලක්ෂ 35 බැගින් අල්ලස් ලබාගත් බව ටද එම මුදල් ලබාදුන්නේ ඇමටියගොඩ  නම් හිටපු දුෂිත බස්නායක නිලමේවරයා බවත් ඔහු විසින් ම ප්‍රකාශ කරයි.

    එසේම  ගෝඨාභය රාජපක්ෂ සමයේ කාර්යමණ්ඩල ලේකම්වරයකු ලෙස සේවය කල සුගීෂ්වර බන්ඩාර යන අයද මුදල් ලබා ගත් බව ද ප්‍රකාශ කරන්නේ ඇමටියගොඩ නම් දුෂිත නිලමේවරයාය. ඒබළන්ගොඩ අලුත් නුවර දේවාලයේ පැවති බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය වෙනුවෙනි.

    මේ සියල්ල එකට ගත්විට  පැහැදිලි වන්නේ, හිටපු නිලෙමේවරුන්, ඉන්නා නිලමේවරුන්, ඇමතිවරුන් , ලේකම්වරුන් සහ මුදලාලිලා එකම  රෑනක හොරු රැලක් බවයි. යම් අයෙක් හෝ ආයතනයක් හෝ කැබිනට් මණ්ඩලය හෝ අප මෙම වාර්තා කරන සිදුවීම පිලිබඳව නිසි  විමර්ශනයක්  සිදු කරන්නේ නම් අප සතුව තිබෙන සියලුම සාක්ශි ලබා දීමට අප කටයුතු කරනු ඇත. විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නේ නම් පමණක්   ඒවා ලබාදීමට අප කටයුතු කරන්නේ එය ජාතික අවශ්‍යතාවක් බැවිනි.

    ඒ අනුව මෙම ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනා ස්ථාන මාරු කර යැවීමට කටයුතු කර තිබෙන්නේ මහජනතාවගේ ආදරණීය නියෝජිතයෙකු වන ජානක වක්කුඹුර විසින් බවත්  එය ඉදිරියේ දී පැවැත්වෙන රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීම නිලවරණය ඉලක්ක කරගෙන කර තිබෙන බවටත් අවශ්‍ය සියලුම සාක්ෂි අප සතුව තිබේ. කෙසේ නමුත් එම වැරදි දූෂණ ක්‍රියාවලියට අත්සන තබා තිබෙන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාය. එය සම්පූර්ණයෙන්ම දේශපාලන හා දුශිත  පලිගැනීමකි. ඔවුන් ලබාදුන් අල්ලස් මුදල් ලෙස ලබාගත්තේ නම් ඔවුනට මෙවැනි ඉරණමක් අත් වන්නේ නැත.

    එසේම ගම්පළ උඩපළාත ප්‍රාදේශීය ලේක්ම්වරියට සිදුව ඇත්තේ ද අමාත්‍යවරුන් විසින් භුක්ති විඳි මහජන දේපල රජය නොහොත් මහජන බාරයට ගැනීමයි. ඒ හේතුවෙන් ඇයටද එම ඉරණමම අත්ව තිබේ. එයද දේශපාලන වුවමනාවන් මත සිදුව තිබෙන නමුත් අත්සන් තැබීමේ වගකීම තිබෙන්නේ ප්‍රදීප් යසරත්න ලේකම්වරයාටය.

    මෙම සිද්ධිය නිසා අපහසුතාවයට පත්ව සිටින  ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනාගේම  සමස්ථ පෞද්ගලික  ජීවීතයම අවුල් වී තිබේ. ඔවුන්ගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු පවා අඩාලව තිබේ. රාජ්‍ය පරිපාලන නීතී පවා උල්ලංඝනය කරමින්  නිසි ක්‍රම්වේද වලින් බැහැරව පලිගැනීමක් ලෙස මෙම  ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බැවින් එසේ සිදුව තිබේ. රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම ලබා දිය යුත්තේ  කෙසේද යන්න නීති මාලාවක්  තිබේ. එම නීතීන් නොදන්නා රාජ්‍යය පරිපාලන ලේකම්වරුන් මෙන්ම  දිස්ත්‍රික් ලේකම්වරුන් ද  රටට සාපයක් බව අප මීට පෙරම පෙන්වා දී තිබේ. රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨතම   නිලධාරීන් විසින් රාජ්‍ය පරිපාලනයේ කණිෂ්ඨ නිලධාරීන් තුට්ටුවට දැමීම තුලින් එම ප්‍රධාන ලේකම්වරුන් රටට සේවය කරන්නේ කෙසේද යන්න මනාව වටහා ගත හැක. කෙසේ වුවත් මෙම සිදුවීම පිටුපස සිටින සැබෑ දුෂිතයන් සියල්ලෝම ඉතාම සතුටින් සිටින බව අපට පෙනෙන්නට තිබේ. නමුත් මේ ආරම්භ වෙමින් තිබෙන්නේ සොබාදහම නඩු අසන කාලයයි. මෙතරම් තොරතුරු ජනගත වන්නේ ඒවායේ ආරම්භය සනිටුහන් කරමින් බව ඥානවන්තයන් හඳුනාගෙන තිබේ.

    රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ මෙවැනිම දුෂිත ස්ථාන මාරුවකට විරුද්ධව 2003 වර්ෂයේ රාජ්‍ය පරිපාලන නිලධාරියකු විසින් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 17 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2003.01.10 වන දිනැති ලිපියෙන් නීතිපති විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව අමාත්‍යවරුන් ට රජයේ ඉහළ නිලධාරීන් මාරු කිරීමට කිසිඳු බලයක් නොමැති බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් විසින් තීන්දුවක් ලබා දී තිබේ. ඒ මහනුවර ගඟබඩ කෝරලේ එකල හිටපු ප්‍රාදේශීය ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා විසින් තමා අනිසි හා  නීත්‍යානුකූල නොවන අයුරින් ස්ථාන මාරුකිරීමට එරෙහිව ගොනුකර තිබූ 2003/05 දරන නඩුවේදී ය.

    මේ සියල්ල සිදුවන්නේ දශක ගණනාවක් තිස්සේ සිදුවන දුෂිත ක්‍රමවේදයකට අනුවය. රට දැන් ඉල්ලන්නෙ දූශිත නොවූ දේශපාලනඥයන් , රාජ්‍ය නිලධාරීන් මෙන්ම මුදලාලිලෑ මෙන්ම මිනිසුන්ය.  දශක ගනණාවකටම පෙර සිටම කරගෙන ආ දූශිත ක්‍රමයන් මේ වනවිට එලිවෙමින් පවතී. එය නව රටක් නිර්මාණය කිරීමට ඉතාම හොඳ කියාවලියකි. සිංහයන් සේ සුදු ඇඳගෙන ,නිලමේ ඇඳුම ඇඳගෙන, ජාතික ඇඳුම ඇඳගෙන ඔවුන් සිදු කරන්නේ සමස්ත පීඩිත පංතියම  තව දුරටත්  පීඩාවට ලක් කිරීමටය. සුදු කරපටි ඇඳගත් ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම අනෙකුත් ලේකම්වරුන් ද එසේමය. කෙසේවෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හත්දෙනෙකු නව  මඟක් ගැනීමට කටයුතු කර තිබේ. මීට පෙර මුදල් ලබාගත් අයද නව මගක් තෝරාගෙන තිබේ. පෙර වැරදි තිබුනත් නව මඟක යාමට ඔවුන් තීරණය කිරීම පිලිබඳව අගය කළ යුතුය .

    අයුක්තියට එරෙහිව කට්ටක් කමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙන්නේ විශිෂ්ඨ රාජ්‍ය නිලධාරින් දෙදෙනකි. අප එයට ඉහලින්ම ගරු කරන්නේ නව මගක් ඔවුන් ප්‍රර්ථනා කරන බැවිනි. එසේම මෙම නිලධාරින් කිසිම දිනයක වරදක් කරනු ඇතැයි අප කිසි සේත්ම විශ්වාස නොකරන්නේ, ඔවුන් ඉල්ලන්නේ යුක්තිය බැවිනි. ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ මේ වන විට විශිෂ්ඨ නඩු තීන්දු ප්‍රකාශ කරමින් සිටි. ස්වාධීන කොමිෂන් සභා මෙන්ම අපට විශිෂ්ඨ අධිකරණයක් නොතිබුනේ නම් මෙම ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනාටම අඩුම තරමේ දෙවියන්ගේ පිහිටවත් නොලැබෙන්නේ  දුෂිත සියල්ලෝම එකතුව ලංකාවෙන් දෙවියන් පවා එලවාගෙන තිබෙන බැවිනි.

    එසේම ගරු  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ මෙම නිලධාරීන්ට යුක්තිය ඉටු වී නැවතත් රත්නපුරට පැමිණෙන තෙක් යුක්තිගරුක රාජ්‍ය නිලධාරින් මෙන්ම සිවිල් වැසියන්ද දහස් ගණනාවක් බලාගෙන සිටි. ඔවුන් මේ වන විටත් උද්ඝෝෂණ දෙකක් සිදුකර තිබේ. තවත් මහජන උද්ඝෝෂණ දෙකක් සිදුකිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටි. දහස් ගණන් වැසියන් බලා සිටින්නේ යුක්තිය දෙවඟනගේ දෙනෙත් ඇරෙන තෙක්ය. එසේම දුෂිත රැල්ලේ සියල්ලෝටම කෙසේ හෝ දඬුවම්ද ලැබේවා වා යන්නද ඔවුන්ගේ පරම පවිත්‍ර පැතුම වී තිබේ.  

    (යම් වරදක් තිබේ නම්, ඒවා නිවැරදි කිරීමට අප නිරන්තරයෙන්ම කටයුතු කරනු ඇත. මාධ්‍ය සදාචාරය රකිමින් අපගේ සියලුම පුවත් පළකිරීම් සිදුකෙරේ. එබැවින් යම් වරදක් තිබේ නම් අපගේ ක්ෂණික ඇමතුම් සේවයට කතා කර තොරතුරු ලබා දි එය නිවැරදි කරගන්න. රජයේ මාර්ගෝපදේශවලට අනුව සියලුම පළකිරීම් කර තිබේ)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version