DIG රන්මල්ට එරෙහිව දින අටකට පසුව පැමිණිල්ලක්.
DIG රන්මල් කොඩිතුවක්කු මේ දිනවල කතා බහට ලක්වන පොලිසියේ උසස් නිලදාරියෙකි. පසුගිය දිනයක කිරිඇල්ල ප්‍රදේශයේදී තරුණයෙකුට පහර දුන් බව ප්‍රකාශ වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය. නමුත් එය පහරදීමක් නොවන බව අප නීතිමය සිද්ධාන්ත මත පසු විපරමක් සහ අවස්ථාව අනුව වීඩියෝව අධ්‍යනය කිරීමෙන් අනතුරුව වාර්තා කරන ලදී. තවද මේ වන විට ඔහු දඩුවම් ලෙස ස්ථානමාරුවක් යවා ඇති බව සදහන් වේ.
සිද්ධිය වී දින කිහිපයකට පසුව එම පොලිස් නිලධාරියට විරුද්ධව අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එය ඉදිරිපත් කර තිබෙන්නේ නීතීඥ සමාගමක් මගින් බවද වාර්තා වේ. නීතියට අනුව සිද්ධියක් සිදු වූ වහාම එය පැමිණිලි කල යුතු අතර රෝහල් ගතවීමක් හෝ සිදුව තිබිය යුතුය. එසේ පිළිගත් නීතිමය සිද්ධාන්ත ඔස්සේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව වාර්තා නොවේ.
මෙම සිද්ධියට මුහුණ දුන් තරුණයා බීමත්ව සිටි බවද , බෙල්ලේ කුඩා සීරීමක් තිබෙන බවද වෛද්‍ය වාර්තා වල සදහන් වන බවද වාර්තා වේ. ඒ හැර ඔහුට සිදු වූ වෙනත් අපහසුතා කිසිවක් වෛද්‍ය වාර්තා වල සදහන් වන බවද වාර්තා නොවේ . කෙසේ වුවද එම අවස්තාවේ එම තරුණයා කලහකාරී ලෙස හැසිරෙන බව මනාව පැහැදිලිය.
එම තරුණයට වැරදි කිහිපයකින් නඩු පැවරිය හැකි බව අප වාර්තා කරන ලදී. ඔහුගේ පියා නීතීඥවරයෙකු බවද , එම තරුණයාගේ හැසිරීමට විරුද්ධව සමාජ මාධ්‍ය ද තම විරෝදධය ඉදිරිපත් කර තිබිණි. තම පියාගේ රැකියාවේ බලය එම තරුණයා භාවිතා කරමින් සමාජයට කරදයක් වන ලෙස හැසිරුණු බව එහි සදහන් වේ. බීමත්ව සිටියද මහා මාර්ගය තුල වැරදි කිරීමට හෝ අනෙක් මිනිසුන්ට හිරිහැරයක් වන ලෙස හැසිරීම සුදුසු නොවේ.
සංස්කාරක සටහන
ඉහත සිද්ධියේ නවතම තත්වය පිලිබඳ අවධානය යොමු කල විට අපට පෙනෙන්නේ මෙම පැමිණිල්ල තුල කිසිදු නීතිමය පදනමක් නැති බවය. එම තරුණයා බීමත්ව සිටියේ නම් , බීමත්ව කලහකාරී ලෙස මාර්ගය තුල ගමන් කලේ නම් ඔහු නීතිය අතට ගෙන කටයුතු කර තිබෙන බව පැහැදිලිය. නීතිය අතට ගැනීම හෝ මහා මාර්ගය තුල ගමන් කරන අනෙකුත් අයට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමයි.
තම පියා නීතීඥවරයෙකු නම් මෙවැනි දරුවන් සමාජයට බිහිකිරීමේදී යහපත් ලෙස නිර්මාණය කිරීම ඔවුන්ගේ දැඩි වගකීමකි. නීතීඥවරු යනු ශ්‍රී ලාංකික ජන සමාජය තුල සමාජය පිලිබදව වග කිව යුතු කොට්ඨාසයකි. ඔවුන්ගේ දරුවන් නිසි ලෙස සමාජගත කර නොමැති නම් ඔවුන්ගේ සේවාදයකයන්ට යන කල දසාව පිලිබඳව අපට අත්දැකීම් ඕනා තරම් තිබේ. විවිධ වැරදි පිලිබදව පොලිසිය දැඩි ලෙස අපකීර්තිමත් ආයතනයක් ලෙස ජනසමාජය කතා කරන නමුත් සියලු කරනු දෙස වෛරී දෑසින් බැලීමෙන් තව තවත් එම ආයතනය පහලට වැටෙන අතර නීතියේ සමානාත්මතාවය තව දුරරත් බිඳ වැටේ.
කෙසේ හෝ රන්මල් මහතාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙනවා යයි පවසන පැමිණිල්ල තුලින් පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමේ යම් සැලසුමක් තිබෙන බව අපට පෙන්නේට තිබෙන අතර, මෙම පැමිණිල්ල තුලින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හෝ ඉදිරිපත් කිරීමට තිබෙන නඩු වලින් මෙම තරුණයා ගලවා ගැනීම සදහා මෙසේ කටයුතු සිදු වන බවට හෝ වෙනත් යම් උපක්‍රමයක් භාවිතා කරන බව දක්නට තිබේ. එසේත් නොමැති නම් පොලිසියේ උසස් නිලධාරීන් අතර තිබෙන ගැටුම්ද මෙසේ විවිධ උපක්‍රම ඔස්සේ කලඑළි බසිනවාද විය හැකි බව සිතිය හැකි අතර පොලිස් ආරංචි මාර්ගද එය තහවුරු කරන ලදී. පොලිසියේ කුණු එලියට නොදමා පොලිසියේම තබා ගෙන මහජන මුදලින් වැටුප් ලබන පොලිසියේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම පොලිසියේ වර්තමාන ජේෂ්ඨ නිලධාරීන්ගේ වගකීමකි. නීතියේ ආධිපත්‍ය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අකාරය ගැන අප කාගේත් විමසුමට ලක් විය යුතුව තිබේ.
කෙසේ වුවද කිසියම් රාජ්‍ය නිලධාරියෙකුට විරුද්දව පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙන්නේ නම් එම පැමිණිල්ලට විරුද්ධව ආයතන සංග්‍රහයේ II වෙනි කාණ්ඩය යටතේ කටයුතු කිරීම නිසි බලධාරීන්ගේ වගකීම වේ. විශේෂයෙන්ම විධිමත් පරීක්ෂණයක් සිදු කල යුත්තේ ආයතන සංග්‍රහයේ II වෙනි කාණ්ඩය යටතේ වන අතර එහි 13 වැනි ජේදයේ පරිදි මූලික පරීක්ෂණ සිදු විය යුතුය. කෙසේ වුවද එකම වරද සදහා දඩුවම් දෙකක් ලබා දීමට නීතිමය වශයෙන්ද බලතල නැත. සියල්ලම විසදිය යුත්තේ ශ්‍රී ලංකාවේ සාක්ෂි නීතිය අනුවය.
අප මීට පෙර පලකල පුවත.















































