පොලිසිය රියදුරන් හා පදිකයින් දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන බවට වාර්තා වේ.මේ අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනය තුලින් දක්වා තිබේ.
එම වැඩසටහන මාර්තු 01 වෙනිදා සිට 30 වෙනිදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරනය වන පරිදි පැවැත්වීමට නියමිත බව කියයි.
පොලිසිය පවසන්නේ එහිදී පහත වැරදි සම්භන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බවයි.
1.රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම.
2.වයස අවුරුදු 18ට අඩු ළමුන් රිය පැදවීම.
3.ආදායම් බලපත්‍ර,රක්ශණ බලපත්‍ර නොමැතිව රිය පැදවීම
4.මාර්ග නීති කඩකිරීම.
5.වටරවුම ආශ්‍රිතව සිදු කරන වැරදි
6.පදික මාරුවල සිදු කරන වැරදි
7.මන්තීරු මාරු කරමින් ධාවනය…ආදී වැරදි බොහොමයක් පිළිබද දක්වන ලදි.