මේ වන විට බන්ධනාගාර ගතව සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඔහු මෙලෙස ඉල්ලා ඇත්තේ හැකිතාක් තමන්ට ලියුම් එවන ලෙසය.
රන්ජන් රාමනායක,Y අංශය, ශ්‍රී ලංකා බන්ධනාගාරය ,අඟුණකොළපැලැස්ස
යන ලිපිනය වෙත එම ලිපි එවන ලෙසද ඔහු සඳහන් කර ඇති අතර එලෙස තමන්ට එවන සෑම ලිපියක්ම තමන් කියවන බව ද රන්ජන් රාමනායක මහතා පවසා ඇත.
එමෙන්ම හැකි සෑම අවස්ථාවකම තමන් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය තුළ තබන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.
පසුගිය දිනක රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ගිය වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා හමුවේ මෙම ඉල්ලීම සිදුකළ බවයි සඳහන් වන්නේ.















































