විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුවේදීම රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුට ගෙන ඒමට කටයුතු කරන බවයි.
විපක්ෂ නායකවරයා මේ පිළිබඳ සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා සහභාගී වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඔහු ලද මෙම නිදහසෙන් ඔවුන් සෑහීමකට පත් නොවන බවත්, ඔවුන් රන්ජන් රාමනායක මහතා වෙත සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස ලබාදෙන ලෙස ජනාධිපතිතුමාට යෝජනා කරන බවත් ය.