වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම පිලිබදව ශ්‍රී ලංකා වාසින්ගෙන් අති බහුතරයක් පක්ෂ බේදයකින් තොරවම අප්‍රසාධය පළකර තිබුණි. නමුත් එම ගිනි තැබීමට පෙර විශේෂ සිදුවීම් කිහිපයක් සිදු විය. විශේෂ කාර්ය බලකාය මාධ්‍යවේදීන් 8 දෙනෙකුටම පහර දීම, ජනතාව එම දෙසට ගමන් කිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිටි ආරක්ෂකයන් වැටවල් උඩින් පැන පලා යාම පිලිබදව වීඩියෝ දර්ශන වලින් දැක ගැනීමට හැකි විය. ආරක්ෂකයන් පලා යන විට මහා ජනතාව එම ස්ථානයේ නැවතී සිටින අයුරුද දර්ශනය වූ අතර සිවිල් ඇදුමින් සැරසුණු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවට කියවෙන පුද්ගලයෙකුද එහි සැරිසරන අයුරු දර්ශනය විය.
මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු වූ ආකාරයද දැඩි ලෙස විවේචනයට ලක් වන්නේ මැයි මස 9 වැනිදා සිද්දිය සමගයි. කෙසේ නමුත් මුල් අවස්ථාවේ සිටම මෙම ගිනි තැබීම සමගි බලවේගයෙන් කල බවට සමාජ මතයක් නිර්මාණය වී තිබුණි. එය හුදෙක් සමාජ මතයක් විනා සාක්ෂි කිසිවක් අනාවරණය වී නොතිබුණි. නමුත් අප ඉහලින් වාර්තා කර තිබෙන සිද්දීන් වලට පැහැදිලිවම වීඩියෝ දර්ශන දක්නට තිබේ.
“ලංකාදීප” පුවත්පත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබෙන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පසුගිය ජුලි 09 වැනිදා අලාභහානි සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරාගේ පුත් ඉවාන් පෙරේරා රටින් පළා ගොස් ඇති බවයි.
එම පුවතට අනුව හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ද SJB විධායක කමිටු සාමාජිකයෙකු බව ද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝමාල් පෙරේරා මහතා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද හෙබවීය.
පසුගිය මැතිවරණයේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයට (SJB) සම්බන්ධ විය. ඔහු එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස ද කටයුතු කරන බව වාර්තා වේ.
පසුගිය 09 වැනිදා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසු “අපි ජනාධිපති මන්දිරය වටලා දැන් අපි යනවා රනිල් වික්‍රමසිංහගේ නිවස වටලන්න” යනුවෙන් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කර තිබූ ඉවාන් පෙරේරා අවට සිටි තවත් පිරිසකට ආරාධනා කර තිබුණා. ඔවුන් සමඟ එකතු වීමට රට. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා අගමැතිගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලැබෙන තුරු නිවසින් පිටතට නොයන ලෙස ඔහු එම වීඩියෝව හරහා ඉල්ලා සිටි බවද කිය වේ.
කෙසේ වෙතත් දේශපාලන කෝණයෙන් බැලීමෙන් සැබෑ අපරාධකරුවන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක නිලධරීන් එම ස්ථානයෙන් පලා යාම ආදී ගැටළු වලට විසදුම් සෙවීම සිදු නොවනු ඇත. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලුම පරීක්ෂණ කල යුත්තේ විනිවිද භාවයකිනි. මෙතෙක් කල් දේශපාලනය නිසා විනාශ වූ සියලුම දේවල් දැන්වත් වෙනස් කල යුත්තේ තම තමන්ගේ සත්‍ය හැසිරීම්වලින් පමණි.
සැබවින්ම ඔහු ගිනි තැබුව නම්, ඒ සඳහා සැක කිරීමටත් ඒ සදහා අවශ්‍ය නිශ්චිත සාක්ෂිත් මත පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම නොකෙරුනහොත් නැවතත් දිනයක අදාළ පරීක්ෂණය කල නිලධාරීන්ගේ බෙල්ලට දේශපාලන තොන්ඩුව වැටෙනු ඇත.
 
	    	



























 
		    

















