ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් සමගි ජන බලවේගයේ පිරිසටකට කටඋත්තර නැති වී ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්තිය නොවන බවයි.
මේ හේතුවෙන් සමගි ජන බලවේගය බරපතළ ප්‍රතිපත්තිමය ගැටලුවකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීමට සිදුව ඇති බවයි.
මේ අතර පිය උරුමයෙන් ලැබෙන දේශපාලන උරුමයන් සමග දේශපාලනය කරන කුමාරවරුන් සහ වෙන්න ආර්යාවන් සමඟ දේශපාලනය කිරීම කළ නොහැකි බවත් රට ගොඩනැගීම සඳහා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට තමන් ඇතුළු පිරිසක් පියවර ගත් බවත් රණවක මහතා සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින්.