English
සිංහල
13:16 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රනිල්ට නොතේරෙන බව තිස්ස කියයි. වරද රනිල්ගේද?, පොහොට්ටු ආණ්ඩුවේද?

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ‘‘රටේ තිබෙන අර්බුද හමුවේ ජනතාව කබලෙන් ලිපිට වැටිලා ඉවරයි – අර්බුදවලට විසඳුම් දෙන්න ආණ්ඩුව විකල්ප තීරණ ගැන හිතලා නෑ‘‘ – තිස්ස අත්තනායක

    බොහෝ දෙනෙක් විවේඡන සහ දෝෂාරෝපණ පමණක් එල්ල කරන බවත් සමගි ජනබලවේගය විවේචන , දෝෂාරෝපණ එල්ල කරන ගමන් රට ගොඩගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය.

    ඊයේ (29) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.

    ඉදිරි මැතිවරණවලදි නායකත්වය , ප්‍රතිපත්ති සහ කණ්ඩායම යන කරුණු තුන ප්‍රධානවන බවත් එම කරනු සමගි ජනබලවේගය සතුව තිබෙන බවත් ඒ අවුන ඕනෑම අභියෝගයක් භාරගන්න සමගි ජනබලවේගය සූදානම් බවත් තිස්ස අත්තනායක මහතා කීය.

    සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානය නිර්මාණය කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කරමින් පවතින බවත් බිඳවැටි ඇති රට ගොඩගන්න ජාතික වැඩපිළිවෙලක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවත් රටට තිබෙන අවසාන බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම වසරට වඩා 2024 වසර තුළ දරුණු තත්ත්වයන්ට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවන බවත් ආණ්ඩුව ජනතාව ගැන සොයා බලන්නේ නැතිව ආදායම් පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තිය මේ සඳහා සෘජුවම බලපාන බවත් වැට් බදු අය කිරිම හරහා 2024 දී රටේ ආර්ථික තත්ත්වය දරුණු වීමට ඉඩ තිබෙන බවත් ඉන්ධන , ගෑස් , විදුලිය සඳහා වැට් බද්ද අයකිරීම හරහා අනෙක්තු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බවත් තිස්ස අත්තනායක මහතා හෙතෙම සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ පැවැසීය.

    ‘‘2023 වසරේ ඇතිවුණ ආර්ථික පීඩනය සමඟ රට තිබෙන තත්ත්වය පිළිබඳව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අලුත්ම නිවේදනයේ පැහැදිලි වෙනවා.   රටේ සෑම ක්ශ්‍රේත්‍රයකම විශාල බිඳවැටීමක් සිදුවෙලා තිබෙනවා. අධ්‍යාපනය , සෞඛ්‍ය ඇතුළු ක්ශ්‍රේත්‍ර වලට ආර්ථික කඩාගෙන වැටීම බලපා තිබෙනවා.  නිදහසින් පසුව රට මුහුණ දුන්න දරුණුතම අර්බුදකාරී තත්ත්වයකට තමයි 2023 රට මුහුණ දෙමින් තිබෙන්නේ.  

    ශෘහස්ත පරිභෝජන හැකියාව සියයට සියකින් පහළ ගොස් තිබෙනවා. ආර්ථිකය කඩාගෙන වැටීම නිසා අධ්‍යාපනයට සියයට 54 ක බලපෑමක් සිදුවෙලා තිබෙනවා. ජනතාවගේ පාරිභෝජන හැකියාව සියයට 60 කින් වෙනස් කරගෙන තිබෙන බවත් වාර්තා වෙනවා. පෝෂ්‍යදායක දේවල් ආහාරයට නොගෙන කුමන හෝ දෙයක් ආහාරයට ගෙන සියයට 75 ක් රට තුළ ජීවත් වන බව වාර්තා වනවා.

    2024 අවුරුද්දේ මෙම තත්ත්වය මීට වඩා දරුණු වෙන්න ඉඩ තිබෙනවා. ආණ්ඩුව ජනතාව ගැන සොයා බලන්නේ නැතිව ආදායම් පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තිය මේ සඳහා සෘජුවම බලපානවා. වැට් බදු අය කිරිම හරහා 2024 දී රටේ ආර්ථික තත්ත්වය දරුණු වීමට ඉඩ තිබෙනවා. වැට් බදු වැඩි කිරීම සෘජුවම ජන ජීවිතයට බලපාන කරුණක්. ඉන්ධනවලට , ගෑස්වලට , විදුලියට වැට් බද්ද අයකිරීම හරහා අනෙක්තු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමට බලපානවා.

    2024 ආරම්භ වන්නේම දැඩි පීඩනකාරී තත්ත්වයක් හමුවේ සුබවාදි අදහසක් ඇති කරගන්න අමාරු බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අලුත්ම නිවේදනය අනුව පැහැදිලි වෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට ආණ්ඩුුවට උපායමාර්ගික වැඩිපිළිවලක් නැති බව පෙනී යනවා. රටේ අර්බුද හමුවේ ජනතාව කබලෙන් ලිපිට වැටිලා ඉවරයි. මෙම අර්බුදවලට විසඳුම් ලබාදෙන්න ආණ්ඩුව විකල්ප තීරණ ගැන සිතා නොමැතිවීම ගැන විපක්ෂයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්න කැමැතියි.

    සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ බිඳවැටීම සමඟ රටට නැවත වතාවක් අවදානම් කිහිපයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. යළිත් කොරෝනා රැල්ලක් පැතිරෙමින් තිබෙනවා. බස්නාහිර පළාතෙන් පසුගිය සතියේ කොවිඩ් මරණ කිහිපයක්ව වාර්තා වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ කොවිඩ් රැල්ල මඩින්න රජය කඩිනම් පියවරක් ගත යුතුයි. නමුත් තවම එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. මෙම තත්ත්වය වළක්වා නොගත්තොත් රටේ ආර්ථිකයට එය දැඩි බලපෑමක් එල්ල කරන්න පුලුවන්.

    සරම්ප රෝගයද නැවත ප්‍රචලිත වන බව වාර්තා වනවා. 2019 සහමුලින්ම නවතා දැමු සරම්ප රෝග ව්‍යාප්තිය නැවත ඇතිවෙලා තිබෙනවා මෙහි බලපෑම බස්නාහිර පළාතට දැඩි ලෙස බලපා තිබෙනවා. ඩෙංගු වසන්ගතයත් මාරාන්තික වසංගතයක් ලෙස පැතිර යමිත් තිබෙනවා. ජන ජීවිතයට සෞඛ්‍ය පද්ධතියෙන් එල්ලවන බලපෑම්ද දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. රෝහල්වල බෙහෙත් තාම අවමයි , බාල ඖෂධ ගෙන ඒමේදී තිබු අනතුරුදායක තත්ත්වය එලෙසම තිබෙනවා. අත්‍යාවශ්‍ය බෙහෙත් ලබාගත යුතු රෝගීන් තමන් බෙහෙත් ලබාගත යුතු වේල් ගණන පවා වෙනස් කරගෙන තිබෙනවා.

    2024 වසර මැතිවරණ වර්ශයක්. නීත්‍යානුකූල ලෙස ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. ඡන්ද අයිතිය උදුරගන්න ජනාධිපතිවරයාට ආණ්ඩුවට බෑ. ව්‍යවස්ථාවට අනුව නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතුයි. පළාත් පාලන මැතිවරණය සහ පලාත් සභා මැතිවරුණ තියන්නේ නැතුව හකුළුවලා තිබෙනවා. ජනාධිපතිවරණය අනිවාර්යෙන් 2024 සැප්තැම්බර් පැවැත්විය යුතුයි. ඒ සඳහා සමගි ජනබලවේගය සූදානම්. සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධායක් ගොඩ නැගීමේ කටයුුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

    ඉදිරි මාස දෙක ඇතුළත එම සන්ධානය නිර්මාණය කරන්න සියලු කටයුතු මේ වනවිට සුදානම් කරමින් පවතිනවා. රටට තිබෙන අවසාන බලාපොරොත්තුව තමයි සජිත් ප්‍රේමදාස. රට වැටිලා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සමගි ජනබලවේගය සුදානම්. හොරකම , වංචාව , දූෂණ පිටු දැකීම සඳහා අවශ්‍ය නීතිමය පදනම ශක්තිමත් කරලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට ගමන් කරන්න සමගි ජනබලවේග රජයක් තුළින් බලාපොරොත්තු වෙනවා. බිඳවැටි ඇති රට ගොඩගන්න ජාතික වැඩපිළිවෙලක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කිරිමටත් බලාපොරොත්තු වෙනවා.

    ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පෙර මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා ජනාධිපතිවරයා හිතනවානම් ඒ සඳහා ඉඩක් ව්‍යවස්ථාවේ තිබෙනවා. 2025 තමයි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ආණ්ඩුව තුළ අර්බුද ගනනාවක් තිබෙනවා. පොහොට්ටුවේ පිරිස කියනවා ජනතාව අධික බදු බරකින් පීඩා විඳිනවා එයින් ජනතාව බේරා ගත යුතුයි කියලා. ආණ්ඩුවේ ක්‍රියාකලාප වලට පොහොට්ටුවේ නායකයන් අභියෝග කරනවා. මෙම පීඩනය රනිල් වික්‍රසිංහ ඇතිකළ එකක් කියලා පොහොට්ටුවේ පිරිස අත පිසදා ගන්න උත්සහ කරනවා. ජනතාවට අපි කියනවා ඒ ඇස් බැන්දුම් වලට රැවටෙන්න එපා කියලා. පොහොට්ටුවේ සම්ප්‍රදායික නායකයන් ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. පොහොට්ටුව ගැන ජනතා ප්‍රසාදය විශාල ලෙස දැන් අඩු වෙලා තිබෙනවා. ඒ නිසා අලුත් කෙනෙක් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා දිනන්න පුලුවන් කියලා ඔවුන් හිතනවා. නමුත් එහෙම වෙන්නේ නෑ. රාජපක්ෂ කෙනෙක් වෙනුවට පෙරේරා කෙනෙක් ගෙනාවා කියලා පොහොට්ටු පාලනය වෙනස් වෙන්නේ නෑ.

    ආණ්ඩුව ආදායම් වැඩි කර ගන්න සිදුකරන්නේ බදු වැඩි කිරීම පමණයි. ආදායම් වැඩි කර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසු පසු ආණ්ඩුව සිදුකළේ වැට් බදු බර ජනතාවගේ හිස මත පැටවීම. ආදායම් සහ වියදම අතර පරතරය වැඩි වෙලා තිබෙන්නේ ජනතාවගේ වරදකින් නෙවෙයි අනවශ්‍ය වියදම් නිසා තමයි එහෙම සිදුවෙලා තිබෙන්නේ. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට බදු වැඩි කළයුතුම නෑ. වියදම් අවම කර ගැනීම හරහා ආදායම හා වියදම අතර පරතරය පියවා ගන්න පුලුවන්. ඒ සඳහා කඩිනම් රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙනවා.

    ඩොලර් අර්බුදය මැද රුපියල් අර්බුදයකට රට මුහුණ දි තිබෙනවා. ලංකාවට එය දැඩි ලෙස බලපා තිබෙනවා. රටේ නිෂ්පාදන වැඩි කරන්නේ නැතිව මුදල් හොයන්න බෑ. අපනයනය සහ සේවා මූලික වුණ වැඩපිළිවෙලකට යා යුතුව තිබෙනවා. 2024 වර්ශය රටට සහ රටේ ජනතාවට වැදගත් වර්ෂයක්. 2019 සිය පීඩාවට පත්වුණ රට පීඩාවෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙලකට සමගි ජනබලවේගය නායකත්වය දෙන්න සූදානම්. අලුත් බලවේගයක් ගොඩ නගමින් 2024 වර්ශය සුබවාදි වර්ශයක් බවට පත් කරන්න සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කරනවා.

    බොහෝ දෙනෙක් කරන්නේ විවේඡනය සහ දෝෂාරෝපණය විතරයි. නමුත් සමගි ජනබලවේගය විවේචනය දෝෂාරෝපණය එක්කම වැඩපිළිවෙලක් ගැනත් කතා කරනවා. ඉදිරි මැතිවරණ වලිදි මුලික කාරණා තුනක් ප්‍රධාන වෙනවා. නායකත්වය , ප්‍රතිපත්ති සහ කණ්ඩායම. මේ කරුණු තුනම සමගි ජනබලවේගය සතුව තිබෙන. ඕනෑම අභියෝගයක් පිලිගන්න සමගි ජනබලවේගය සූදානම්.‘‘

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version