“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ උත්තර ලංකා සභාගය පවත්වනු ලබන දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවේ තෙවැන්න අද(29) සවස 2:30ට කුරුවිට සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව අප වෙත දන්වා තිබේ .
මෙම සම්මන්ත්‍රණයට කථිකයෝ ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ යන පක්ෂ නායකවරු හා ජාතික විධායක කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාද සහභාගී වීමට නියමිත ව තිබේ.














































