ශ්‍රී ලංකාවේ පෝලිම් වල සිටින ජනතාවගේ පවා මේ දිනවල් අවධානයට යොමුව තිබෙන්නේ නව ජනාධිපති සහ අගමැති වනු ඇත්තේ කවුද යන්නයි. එම තරගය පිලිබදව බොහෝ දෙනෙකු විවිධ කට කතා පවසති. විවිධ අදහස් ප්‍රකාශ කරති. ඒකත් හරියට නිමි නිමි පත්තු වන විදුලි බුබුලක් වැනිය.
ජනතාවද රනිල්ට අකමැති බව පෙනේ . ඒ පුරුද්දකට , රැල්ලට කියන්නා සේය. “ ඔයා කාටද කතිරේ ගැහුවේ” යන ප්‍රශ්නයට යමෙක් පිළිතුරු ලෙස “ ගෝඨාභයට” කියයි. “ ඊ ලග පාර චන්දෙදි ගෝඨාභයට චන්දය ඉල්ලුවොත් ආයෙත් දෙනවා?”. පිළිතුර ලෙස එක නම් සුවර් නෑ යන පිළිතුර ලබා දෙයි. “ රනිල් ඔක්කොම ප්‍රශ්න විසදලා රට නැවත ගොඩ නැගුවොත් රනිල්ට චන්දය දෙනවද?.”, පිළිතුර, “ එකත් කියන්න බෑ, හිත පිළිගන්න කැමති නෑනේ”, “ අනේ මන්දා කොච්චර කලත් රනිල් කෙරුවා කියලා පිළිගන්න හිත පිළිගන්නේ නැනේ”. “ මහින්ද හොරා කියල පිළිගන්නවද?.”, “ඒක පිලිගන්නවා” , “ ආයේ චන්දෙ ඉල්ලුවොත් දෙනවාද?” , පිළිතුර “ කොච්චර හොරකම් කලත් දෙනවා”. ඒ අපගේ ගවේෂණයකදී ලැබුණු පිලිතුරුය.
මින් පහැදිලි වන්නේ කාලාන්තරයක් තිස්සේ ජනතාවගේ ඔලුවට දමා තිබෙන හරි හෝ වැරදි දේ හිතින් අයින් කරගැනීමට හෝ සත්‍ය තේරුම් ගැනීමට හෝ පිළිගැනීමට හිත් පිලි නොගන්නා බවයි.
කෙසේ වෙතත් මහා බැංකු හොරා යන නමින් ජනතාව පවසන රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පවතින ජනාධිපති තරගයට ඉදිරිපත්වන බව තවමත් නිල වශයෙන් නිවෙදනය කර නැත. “ රනිල් කපටියාය”, “ අනිවාර්යෙන්ම ජනාධිපති වෙනවා” ජනතාව කියයි. “රනිල් මොලකාරයාය”, ජනතාව කියයි. ඒ අතරේම රනිල්ට බැන වදින ජනතාවද “ රනිල් කොහොම හරි රට ගොඩ ගනීවි”. එහෙමත් කියති. කෙසේ වුවත් මේ වන විට බැන බැන රනිල් ගැන යම් විශ්වාසයක් ඇති කරගෙන තිබෙන්නේ යටි හිතටද එරෙහිවය.
රනිල් ජනාධිපති ලෙස පත් වීමට ඉදිරිපත් වන බවක් තවමත් නොකළ අවධියක වුවද, රනිල්ට එරෙහිව ජනතාව නගා සිටුවීමට දැඩි උත්සාහයක් ගන්නා බවද පෙනේ. නමුත් දිය වි ඇති සැබැ අරගලයේ දැන් සිටින්නේ බෙදී ගිය ජනතාවකි. 20 වැනිදා වන විට ඉන්ධන පෝලිම් ටිකත් අවසන් කර පෙට්‍රලුත් රුපියල් 100 කින් විතර පහල දැමුවහොත් දැනට අරගලයේ දී සිටින ජනතාවද අරගලයෙන් ඉවත් වනු ඇත.
















































