ඉදිරියේ පිහිටුවන ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකග නොවන්නේ නම් එය “සර්ව පාක්ෂික පාලනයක්” ලෙස තමන් යෝජනා කරන බවද, 1941 වසරේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධුරය දරන ගමන්ම අමාත්‍ය දුර බාරගෙන මුළු පාර්ලිමෙන්තුවම ආණ්ඩුවක් බවට පත කල බවද , එම සම්ප්‍රධායම අපටත් ක්‍රියාත්මක කරන්න පුළුවන් බවද රනිල් ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කලේ ඊයේ (05) සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය සමග ඊයේ පැවති සකච්ච්චාවේදීය.
මෙහිදී වැඩි දුරටත් සදහන් කල ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුව සදහා සමගි ජන බලවේගයට ආරාධනා කරන බවද, මේ ඔවුන් සියලුම දෙනා තමන් සමග වැඩකරපු අය බවද අපට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් බවද ප්‍රකාශ කරන ලදී.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ පෙරදින සිදුකල රාජාසන කතාවට තම කණ්ඩායම පැහැදුණු බවද, තමන්ගේ කණ්ඩායමේ අදහස්ද ඒ හා සමාන බවද එබැවින් මේ සදහා සහයෝගය දෙන බවයි.
 
	    	



























 
		    



















