රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ අකාරයෙන් කටයුතු නොකිරීමේ ප්‍රවනතාවයක් පොදුජන පෙරමුණ පක්ෂය තුලින් පෙන්නුම් කිරීම හේතුවෙන් වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දූරයෙන් ඉවත්වීම සිදු විය හැකි බව විවිධ වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසිභාවය ඉවත්කිරීම සදහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අකමැතිවීම සහ එයට විරුද්ධව විවිධ සාකච්චා පවත්වන බැවින්ද එය සිදු නොවීමට ඉඩ ඇතිබව පෙන්වා දෙයි. නමුත් ජනාධිපතිවරයා එය ඉවත් කිරීමට කැමති වුවත් ඔහුටද බලපෑම් තිබෙන්නේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීම ඇතුලත් නොකරන ලෙස බවද පෙන්වා දෙයි.
ඊයේ පෙරවරුවේ වාර්තා වුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති W තිලකරත්න මහතා එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානමාරුවක් ඉල්ලා ඇති බවයි. ඔහු 2008 වර්ෂයේද පොලිස් පරීක්ෂකවරයෙකුව (IP) සිටි බවද, විවිධ අනපනත් වෙනස් කරමින් ඔහුට උසස්වීම් ලබා දී ඇති බවටද , මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි හිතවතෙක් බවටද චෝදනා එල්ල වෙමින් පැවතුනි. ඔහු මීට පෙරද තානාධිපති කාර්‍යාලයක සිද්ධියක් නිසාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් වී වෙනත් ස්ථානයක ස්ථානමාරුවක් ලබාගෙන තිබුණි. කෙසේ වුවත් 9 වැනිදා සිද්ධිය පිලිබඳව පරීක්ෂණ වලින් ඉවත් වීමට ගත තීරණය ගත යුතුව තිබුනේ මුල් අවස්තාවේදීමය. ප්‍රමාද වී හෝ එම තීරණය ගැනීම ප්‍රඥා ගෝචර තීරණයකි.
කෙසේ හෝ ඊයේ හවස වන විට ඔහුගේ ස්තානමරුවීම් ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේඛම් විසින් පිළිගෙන තිබුණි. ඒ අනුව ඔහුගේ ස්ථානමාරුව මේ වන විටත් ක්‍රියාත්මක වී තිබේ. එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසිල් වුවත් , ඒ වෙත පැමිණීමට නියමිත නියෝජ්‍ය පොලිස්පතිවරයාද විවිධ රෝගාබාධවලට ලක්ව සිටින පුද්ගලයෙකි.
රටත් ගිනි අරගෙන, පාර්ලිමේන්තුවත් දේශපාලනයත් නැවත නැවත ගිනි ගනිද්දී, රටේ ජනතාවගේ පස්ස පැත්ත රත්වීම පටන් ගන්නේද අවුරුදු කිහිපයක සිටය. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට හොරුන් යයි ජනතාව චෝදනා කලද රාජ්‍ය පරිපාලන නිලධාරීන් ද මේ සදහා වග කිව යුතුය. විශ්‍රාම ගොස් තිබෙන රාජ්‍ය පරිපාලන නිලධාරීන් පවා තමන් වංචනිකව සතයක් හෝ වැටුපට අමතරව ලබා ගෙන තිබුනේ නම් ඔවුන්ද මේ විනාශයේ වග උත්තරකරුවන් වේ.














































