අද රට වටේම තියෙන වෛද්‍ය පීඨ වල සිසුන් දෙතුන් දාහක් කොළඹට එනවා.
එන්නේ රට අල්ලන්න නෙමෙයි ඔවුන්ගේ උපාධිය පිළිගැනීමට ලක් නොවෙන හේතු කාරණා වලට උත්තර ඉල්ලලා.
රජරට වයඹ සබරගමුව මොරටුව වෛද්‍ය පීඨ ලෝක නිර්ණායකයන්ට අනුව අසාධුගත වෙන්න ඉතාම කිට්ටුයි .
එහෙම තියෙද්දිත් ඒවට පහසුකම් දෙන්නෙ නැතුව තවත් හොර උපාධි කඩවලට පාර කපන්න වත්මන් ආණ්ඩුව සූදානම් වෙනවා.
ඒකෙන් වෙන්නේ තවත් ළමුන් පිරිසක් අසරණ කිරීම පමණයි.
මෑතකදී විවෘත කරන ලද ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයට වෙන් කරලා තියෙන රුපියල් මිලියන දෙසීයක් එක බිල්ඩිමක් හදන්න පුළුවන්. මේ පාර ඒලෙවල් වලින් ගන්න තවත් පිරිසකට ඒ මගින් අසරණ කරනවා. පාන් බාන්න වගේ වෛද්‍යවරු බිහි කරන්න බෑ.
එනිසා ආණ්ඩුව අය මේවට tipar වෙන්න එපා. ලමුන්ගෙ ඉල්ලීම්වලට සාධාරනව ඇහුම්කන් දීලා සාකච්ඡාවක් දීලා ඔවුන්ට නැවත නිදහසේ ගෙදර එන්න අරින්න.
මේ එන්නේ රස්තියාදුකාරයෝ නෙමෙයි. අනාගතේ මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න ඉන්න ලංකාවෙ දක්ෂතම සිසුන් පිරිසක්.
කෙටියෙන් කිව්වොත් අනාගත ආචාර්ය මහාචාර්යවරු විශේෂඥ වෛද්‍යවරු වෙන්න ඉන්න රටේ උගත්ම පිරිස.
රට එක්සේසත් කළ නායකයා ට 2015 ගෙදර යන්න උනෙත් එක්සත් ජාතික පක්ෂයට 2019 එක ආසනයක් හිමි වුණේ මේ රටේ තක්කඩි කිහිප දෙනෙක්ගේ ලණු කාලා පිනවන්න ගිහින්.
තවත් උදාහරණයක් කියන්නම් මාලබේ sliit එක හරහා සයිටම් ගොඩ දාන්න හදපු හර්ෂ ද සිල්වා ඔහුගේ ආසනය පැරදුනා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයකදී. එතකොට කෝට්ටේ ආසනයේ ඉන්නේ නිදහස් අධ්‍යාපනය ගැන හිතන සල්ලි තියෙන උගත් මිනිස්සු නේද?
ගම්පහ ලයිසියම් එකේ අන්තර්ජාතික විභාග තියන්න බ්‍රිතාන්‍ය ඉඩ දුන්නේ නැහැ. ළමා අපචාර සිද්ධියක් නිසා අපේ රටේ නීතිය ක්‍රියාත්මක නොකෙරුවාට බ්‍රිතාන්‍යය තම ආයතනයේ ගෞරව රැකගන්න lyceum ආයතනයට දුන්න දඬුවම තමයි ඒ.
එතනදිත් අසරණ වුණේ මේ රටේ දරුවෝ පිරිසක්.
තමන්ගේ අධ්‍යාපන පුද්ගලික කඩයක ප්‍රමිතිය සහ ආරක්ෂාව රැකගන්න බැරි කණ්ඩායමකට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රකින්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මහත් බරපතළ විහිලුවක්.
මොකද මේ වෛද්‍ය පීඨ ශිෂ්‍යන් කියන්නේ මේ රටේ අස්සක් මුල්ලක් නෑර එකතුවකින් ආපු ළමුන් පිරිසක්.
මහජන මතය නියෝජනය වෙනවා විශාල ප්‍රමාණයකින්.
ඒක තේරුම් ගන්න එක මේ රටේ පාලකයන්ගේ අනාගත ජනාධිපති වරු වෙන්න ඉන්න අයගේ ඇඟට සෞඛ්‍යයට ගුණදායකයි.
ලෝකෙ වැඩිපුරම සිසුන් පිටරට යන ඉන්දියාවේ තමයි වැඩිපුරම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්නෙ.
අපේ රටේ දේශපාලඥයන් ඉහළින්ම ප්‍රතිකාර ගන්න යන සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෑ.
ඉන්දියාවේ බාල බෙහෙත් වගේ අපිටත් බාල දොස්තරලා බිහිකරන්න පුළුවන් වේවි.
ඒකට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණේ තියෙන්නේ රටේ පාලකයන්ගේ අතේ.
රටේ මිනිස්සු හොදින් ඉන්නවද හොඳ ජීවිතයක් ඕනද එහෙම නැත්තං බාල බෙහෙත් බාල දොස්තරලාගේ අතින් මැරෙන්න ඕනද කියලා කියල තීරණය කරන එක පාලකයන්ගේ අතේ තියෙන වගකිමක් වගේම ඊළඟට ගෙදර යන එකක් තියෙන්නේ මහජනතාව වන අපේ අතේ.
රෑ වැටුණ වළේ නැවත නැවතත් වැටෙන්න එපා කියන ඉල්ලීම කරනවා.
වසන්ත අල්විස්
මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය














































