රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට නාඳුනන පිරිසක් පහරදීමක් සිදුකර ඇති බවට වාර්තා වේ.
පිටතින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ ප්‍රහාරයේ සරසවි සිසුන් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
ඔවුන්ගෙන් එක් අයෙක් මීගමුව රෝහල වෙත මාරු කර යැවූ බව ද පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරය සිදුකළ බවට සැකපිට පුද්ගලයින් කිහිපදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය ප්‍රකාශ කරයි.
















































