English
සිංහල
15:58 සෙනසුරාදා, අගෝස්තු 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය ආරක්ෂක ඇමති මිහින්තලාවේ ඓතිහාසික වංශ කථාව විනාශ කිරීමේ පාපයට අත ගැසීම

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • මිහින්තලේ පුදබිමේ කාගෙද?


    • නියෝජ්‍ය අමාත්‍යවරයා බුදු දහමෙන් පළිගත්තාද?
    • පුරාවිද්‍යාත්මක ඉතිහාසය අනතුරේ.
    • පුදබිමේ විනාශයට ආරක්ෂක ඇමති වගකියනවාද?
    • සියල්ල විනාශ වීමෙන් පසු වගකිව යුත්තෝ සොයා පලක් තිබේද?.

    • ආරක්ෂක ඇමති ඒවා අරක්ෂා කළ යුතු නැතිද?.
    • වලවාහැංගුවේ හිමිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ
    .
    • මිහින්තලා පුදබිමේ ඓතිහාසික වංශ කථාව.


    ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් මිනිසුන් සහ සමාජයන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට සහ තේරුම් ගැන්වීමට අපට ඉඩ සලසයි.නිදසුනක් වශයෙන් , පෙර සිදුවීම් දෙස ආපසු හැරී බැලීමෙන්, ජාතියක් සාමයෙන් සිටින විට පවා යුද්ධය ඇගයීමට මෙන්ම විවේචනය කිරීමටද අපට හැකි වේ.


    ආතති සහගත, අවුල් සහගත කාලවලදී වෙිගයෙන් පැතිරයන කුමන්ත්‍රණ හඳුනාගැනීමට පහසුම සහ ලේසිම ක්‍රමය වන්නේ ඉතිහාසය අධ්‍යයනය කිරීමයි. එම ඉතිහාසගත කරුණු පරීක්ෂා නොකළ විට කුමන්ත්‍රණ න්‍යායන්ගෙන් ජනතාවට දැඩි විපාකවලට මුහුණදීමට සිදුවන අතර ඉන් සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වේ. එසේම ඉතිහාසය ඕනෑම දෙයක අනන්‍යතාවයට වැදගත් වේ. ජාතීන්ට විශාල ඓතිහාසික සිදුවීම් සහ චරිත හඳුනාගැනීම සඳහා කාලය මෙන්ම කැමැත්තද තිබේ .

    මිනිසුන් පවසන කතන්දර ඔවුන්ගේ සංස්කෘතික හෝ ජාතික අනන්‍යතාවය පිළිබඳ ඔවුන්ගේ දැක්ම හැඩගස්වා, ඔවුන් වර්තමානයේ හැසිරෙන ආකාරය දන්වයි. ඉතිහාසය කොතරම් වැදගත්ද යන්න නායකයින් වටහාගෙන ඇති අතර එය මිනිසුන්ට ආස්වාදයක් ලබා දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන සෑම විටම එය ඉදිරියට යොමු කරයි. ඉතිහාසය කෙතරම් වැදගත්ද යන්න නම්, එය වෙනමම උගත යුතු වැදගත්ම පාඩමකි.


    ඉතිහාසය එතරම්ම වැදගත් වන විට මාස කිහිපයක සිට විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත්කළ මිහින්තලා පුදබිමේ විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි හිමි මීට දින කිහිපයකට පෙර සිදුකළ ප්‍රකාශයක් නිසා එම පිංබිමෙහි හමුදා නිලධාරීන් සම්පුර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු කළබව රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යාවරයා, මෙම හිමි නම සහ මෙම ස්ථානයේ තිබෙන වටිනාකම් හඳුනාගෙන නැති බව පැහැදිලිවම පෙනී යයි. හිමිනමක් යම් ප්‍රකාශයක් කල පමණින් ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ වැදගත්ම ස්ථානය විනාශ වන ආකාරයෙන් තීරණයක් ගැනීමෙන් පෙනී යන්නේ එම හිමිගේ ප්‍රකාශය නිසා මිහින්තලාවේ විනාශය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ එකම ඉලක්කය බවයි. ඉන් දැනෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයා තම වගකීම හඳුනාගෙන නැති බවයි. කෙසේ වුවත් මෙම ස්ථානයට යොමුකර තිබු පොලිස් ආරක්ෂාව එලෙසම පවතින බවද පොලීසිය ප්‍රකාශ කළේය.


    තමන් පාර්ලිමේන්තුවට යැවු ජනතාව නිසා රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව සිටින බවත්, තමන් නියෝජනය කරන්නේ මෙරට මහජනතාව බවත්, තමන් කටයුතු කළ යුත්තේ මහජන අභිලාෂයන්ට සරිලන ලෙස බවත් තේරුම් ගැනීමට තරම් දැනුමක් මෙම මහජන නියෝජිතයන්ට නැති බව පෙන්වීමෙන්ම මෙරට ඡන්ද දායකයාගේ දැනුම කෙතරම්ද යන්න තේරුම් ගැනීම පහසුය. ඒ අනුව පෙනී යන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා බුදු දහමෙන් පළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 (1) වගන්තිය කඩා දමා තිබෙන බවයි.


    ඒ අනුව මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන සියල්ලම විනාශයට ලක්වීම ඉක්මනින්ම සිදුවන අතර අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ සහ දේවානම්පියතිස්ස රජුගේ ඉතිහාසය ස්මාරක සමඟම රටට අහිමි වනු ඇත. ඒ සියල්ල එසේ සිදුවන විට මෙම විනාශයට වර්තමාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සියයට සියයක්ම වගකිව යුතුය. නමුත් සියල්ල වැනසීගිය පසු වගකිව යුත්තන් සොයා පලක් නැත. ඉන් විනාශය නැවත සැකසීමට නොහැක.


    රටේ තිබෙන සියලුම ස්ථාන සමඟ වටිනා කියන සියලු ස්ථානද ආරක්ෂා කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යවරයා විසිනි. කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් වර්තමාන මැති ඇමතිවරුන්ට තම නායකයාවත් ආරක්ෂා කරගැනීමට අවශ්‍යතාවයක් නොතිබූ බව අප දුටුවෙමි.එවන් මහජන නියෝජිතයන් සමූහයකට මෙරට ඉතිහාසයෙන් පලක් නැති බව මෙම සිදුවීමෙන්ම පෙන්නුම් කරයි.


    වලවාහැංගුවේ හිමි මෑතකදී කළ පළමු ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ මහනුවර ශ්‍රී දන්ත දාතුන් වහන්සේගේ ගිහි භාරකරු වන දියවඩන නිළමේවරයාට එරෙහිව ප්‍රකාශ ගණනාවක් සිදු කිරීමයි. ඉන් රට වැසි බෞද්ධ හිතකාමී ජනතාව මහත් අමන්දානන්දයට පත්විය.


    ඉන් අනතුරුව නව දේශපාලන ප්‍රවාහ ඇති කිරීම දක්වා විවිධ කටයුතු සහ ප්‍රකාශ ගණනාවක් කළ අතර මීට දින කිහිපයකට ප්‍රථම දේශබන්දු තෙන්නනකොන් මහතාට පොලිස්පතිකම දිය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමඟම උන්වහන්සේට තිබු මහජන හිතවාදීත්වය හීන වී ගියේය.


    රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක්ද සිදුකළේය. එහිදී හමුදාව දෙස සානුකම්පික දෑසින් බැලීමටද ඔහු අමතක නොකළේය. නමුත් හමුදාවට වැටුප් ගෙවන්නේ මෙරට මහජනතාවය. රජයේ වගකීම වන්නේ මෙම වටිනා කියන ස්ථාන ආරක්ෂා කිරීමයි. හමුදාව ඉවත්කිරීමට ගත් තීරණය සමඟ මෙම ස්ථානය විනාශ වන නිසා එයට මෙරටට ආදරය කරනා කිසිම හමුදා හෝ පොලිස් නිලධාරියෙක් කැමති වන්නේ නැත. ජාතික දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් නිරන්තරයෙන්ම කටයුතු කරනුයේ ඉතාම ලෙන්ගතු සිතිනි.


    ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බංඩාර තෙන්නනකොන් මහතා කටයුතු කර තිබෙන්නේ හාමුදුරුවන් වහන්සේගෙන් පළිගැනීම උදෙසා බෞද්ධ පුදබිම විනාශ වන ආකාරයේ තීරණයකි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මෙම රජයේ සියලුම මැති ඇමතිවරුන් වහ වහා මෙම තීරණය වෙනස් කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොකළහොත් එය මේ මව් බිමේ තවත් මහා විනාශ ගණනාවක ආරම්භයට තවත් හේතුවක් ලෙස මෙය එකතු වනු ඇත.


    මිහින්තලා පුදබිමේ වංශ කථාව.

    විජයාවතරණයෙන් පසුව මෙරට සිදුවන සුවිශේෂිතම ඓතිහාසික කාර්ය වන්නේ මහින්දාගමනයයි. දුමින්දාගමනය හා වාම දන්ත ධාතුව අපට ලැබෙන්නේ ඊට ද අනතුරුවය. අනුරාධ ග්‍රාමය අනුරාධපුර නගරය ලෙස නිර්මාණය වන්නේ පණ්‌ඩුකාභය රජු සමයේදීය. (ක්‍රි. පු. 247-207) දේවානම්පියතිස්‌ස රාජ්‍ය සමය සිංහල රාජ්‍ය වංශ කතාවේ අග්‍රගණ්‍යම සන්ධිස්‌ථානය හා කඩඉම සලකුණු කරයි. ඒ මහින්දාගමනය සිදුවීමයි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික සහ සැලසුම් සහගත ධර්මදූත පිරිස දේවානම්පියතිස්‌ස රජු හමුවීම සහ ධර්ම ප්‍රචාරක කටයුත්ත ආරම්භ වන්නේ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමිනි.

    කිසියම් ප්‍රාථමික, ප්‍රාකෘත සහ ප්‍රාදේශීය මට්‌ටමකින් ද චූල සාම්ප්‍රදායික මට්‌ටමකින් ද එතෙක්‌ පැවැති ගෝත්‍රික හෝ ආදිවාසී ශ්‍රී ලාංකීය සංස්‌කෘතිකමය ජන විඤ්ඤාණය වෙනත් දිශානතියකට හසු වී බෞද්ධ ශිෂ්ඨාචාරයක් සහ සභ්‍යත්වයක්‌ බවට පත් වීමත්, ඉදිරියට සංවර්ධනය වෙමින් විකාශනය වීමේදීත් කේන්ද්‍රීය පුණ්‍ය භූමිය වන්නේ මිහින්තලාවයි.

    වර්තමාන මිහින්තලය සහ මිස්‌සක පව්ව යන්නට ඉපැරණි හැඳින්වීම වන්නේ ෙච්තියගිරි හෙවත් සෑගිරි යනුවෙනි. එහි සරල ව්‍යවහාරික නිරුක්‌තිය වන්නේ ස්‌ථූප කන්ද යනුවෙනි. මේ අනුව ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්‌ථූප විශාල සංඛ්‍යාවක්‌ මෙහි පිහිටා තිබූ බව පෙනේ. මහාවංශයට අනුව මෙය මිශ්‍රක පව්ව ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනේ. (මහාවංශ පරිච්ඡේදය 13 ගාථාව 20) තෙවැනි සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස දැනට සියවස්‌ 23 කට පමණ පෙර (ක්‍රි. පූ. 247 පමණය) පොසොන් පුරපසළොස්‌වක පොහොය දින බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 236 කට පසු තවත් ගිහි පැවිදි හයදෙනකු ද සමඟ මහා මහින්ද මහරහතන් වහන්සේ දේවානම්පියතිස්‌ස රජු මුණගැසෙන්නේ අහඹු හමුවීමක්‌ ලෙස නොවන පෙර සූදානම් කරගත් සැලැස්‌මකට අනුව බව අනුමාන කළ හැකිය. ඉතා කෙටි පරිසරය හා ගැඹුරු බුද්ධි පරීක්‌ෂණයකින් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහස්‌ථිපදොaපම සුත්‍රය දේශනා කර ඇත.

    මිහිඳු හිමි ඇතුළු සංඝයා වහන්සේ මුල්ම වස්‌ කාලය ගත කරන්නේ මිහින්තලයේදීය. වංශකතා අනුව මිහිඳු හිමියන් සමඟ පැමිණි භණ්‌ඩුක උපාසක තෙමේ පැවිදි වී උපසම්පදාවද ලබා රහත් බවට ද පත් වන්නේ මෙම මිහින්තලාවේදීය. ශ්‍රී ලංකාවේදී ගිහියකු පැවිදි බවට පත් වන ප්‍රථම අවස්‌ථාව මෙය වේ. (මහාවංශය පරිච්ඡේදය 14 ගාථා 26, 31, 33), අෂ්ඨපල රුහ බෝධීන් වහන්සේ නමක්‌ ද මිහින්තලයේදී රෝපණය කර ඇත. (මහාවංශය පරිච්ඡේදය 19 ගාථාව 62) මහා අරිට්‌ඨ අමාත්‍යවරයා ඇතුළු පනස්‌ දෙදෙනකු සසුන්ගත වන්නේ ද මෙම පුණ්‍ය භූමියේදීය. දේවානම්පියතිස්‌ස රජතුමා සංඝයා වහන්සේ උදෙසා ලෙන් 68 ක්‌ පූජා කරන්නේ ද මිහින්තලේදීය. මෙම ලෙන් ආදිවාසී මානවයා විසින් ඊට පෙර භාවිතයට ගන්නට ඇත. ථුපාරාමයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරන සර්වඥ ධාතුන් වහන්සේ මුලින්ම තැන්පත් කරන්නේ ද මිහින්තලේය. එතැන් සිට මෙම පුදබිම සෑගිරිය ලෙස හැඳින්වූ බව වංශකතා සඳහන් කර ඇත. වර්ෂ 48 ක්‌ ලක්‌බිම වැඩ විසූ මිහිඳු හිමියන් වහන්සේ අවසන් වස්‌කාලය ද ගත කර පිරිනිවන්පාන්නේ ද මිහින්තලේදීය. දේවානම්පියතිස්‌ස රජතුමා මිහිඳු හිමියන්ට අනුරාධපුරයට වඩින ලෙස ආරාධනා කළ ද උන්වහන්සේ ප්‍රථම රැය ගත කළේ මිහින්තලයේමය. (මහාවංශය පරිච්ඡේදය 14 ගාථාව 12) එළාර රජුද සෑගිරියට (මිහින්තලයට) ගොස්‌ භික්‌ෂු සංඝයා වහන්සේ හමුවී සුවදුක්‌ සොයා බලා කටයුතු කර ඇත. ෆාහියන් හිමියන්ගේ වාර්තාවලට අනුව එකල මිහින්තලේ භික්‌ෂූන් වහන්සේ දෙදහසක්‌ පමණ වාසය කර ඇත. අවුරුදු 1500 ක්‌ පමණ කාලයක්‌ අනුරාධපුර යුගය (රජවරු 100 ක්‌ පමණ පාලනය කළ) පැවතුණ අතර මේ කාලයේදී රජවරු බහුතරයක්‌ම මිහින්තලා පුදබිමේ තහවුරු කිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා දායක වී ඇත.

    වංශකතාවලට අනුව මිහින්තලය මහින්දාගමනයට පෙර පැවැති ප්‍රාග් බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ බවට තහවුරු වී ඇත. මේ බව පුරාවිද්‍යාත්මක විමර්ශනවලින් ද සනාථ වී ඇත. මිහින්තලය කඳුගැට කීපයකින් සමන්විතව ඇත. මිහින්තලා කන්ද, ඇත්වෙහෙර කන්ද, අලි පැටියා කන්ද, රාජගිරි ලෙන කන්ද, කණ්‌ඨක සෑය, අටසැටලෙන් පිහිටි කන්ද සහ ගිරිභණ්‌ඩ සෑය කන්ද වශයෙන් මේවා නම් කර ඇත. මෙම කඳුගැට සහ තැනිතලා සමස්‌ත භූමිය පුරාම ඉපැරණි කලාත්මක ආගමික හා පූජනීය අවශේෂයන් දක්‌නට ඇත. මිහින්තලේ පුරාවිද්‍යා කටුගෙය ඉපැරණි තොරතුරු රැසක්‌ හෙළි කරන හා සනාථ කරන ස්‌ථානයකි. මිහින්තලය (සෑගිරිය) ස්‌ථුප, දැවැන්ත භික්‌ෂු ආරාම, කටාරම් කෙටූ ගල්ලෙන්, සෙල්මුවා ස්‌ථම්භ, සෙල්මුවා සෝපාන, පොකුණු, පිළිම ගෙවල්, ඝණ්‌ඨාඝර, උපෝසථඝර, සීමා මාලක සහ සක්‌මන් මළු ආදියෙන් ඉපැරණි ආරාම සංකීර්ණයක මහරහත් විභූතියක්‌ සහ පරිසරයක්‌ නිර්මාණය කර ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ හෙළ සංස්‌කෘතියේ නිර්මාණශීලීත්වය, නිපුණතාව, පරිණත බව, රසිකත්වය සහ කෞශල්‍ය මිහින්තලයේ පූජා භූමියෙන් විශද කර පෙන්වයි.

    මිහින්තලේ (සෑගිරියෙහි) සුවිශේෂිත ස්‌ථාන)

    බෙහෙත් ගෙය (පුරාණ රෝහල)

    මහාවංශයේ තොරතුරුවලට අනුව ක්‍රි. ව. 8 පමණ කාලයේදී දෙවන සේන රජු විසින් ෙච්තියගිරියෙහි වෙදහලක්‌ ඉදිකර ඇත. මෙය එවකට වැඩ විසූ භික්‌ෂූන් වහන්සේලාට සහ ගිහි අයට බාහිරව සහ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වූ රෝහලකි. මෙය ඉතා විධිමත්ව නිර්මාණය කර ඇත. එම නටබුන් දැනට මිහින්තලේදී දැකගත හැකිය. මිහින්තලා පුවරු ලිපියක සඳහන් වන පරිදි මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ද සේවය කර ඇති බව සඳහන් වේ. වාට්‌ටු කාමර 31 ක පමණ රෝගීන් හැට දෙනකුට නේවාසිකව ප්‍රතිකාර මෙහිදී ලබාගත හැකි වී ඇත. ශිලාමය බෙහෙත් ඔරුවක්‌ සෙල්මුවා වංගෙඩියක්‌ ද හමුවී ඇත.

    කණ්‌ඨක සෑය

    කලාත්මක හා නිර්මාණාත්මක අතින් සුවිශේෂී ස්‌ථානයකි. වාස්‌තු විද්‍යාත්මක ඉදිකිරීම්, කලාත්මක ගල් කැටයම් හා සිතුවම්වලින් මෙය සමන්විතය. කෞතුකාගාරයක්‌ බඳුය. මහාචාර්ය පරණවිතාන සූරීන් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක්‌ සිදුකර ඇත. වංශකතා අනුව මහා අරිට්‌ඨ හිමි ඇතුළු හිමිවරුන්ට හැටඅටක්‌ ලෙන් සූදානම් කරන්නේ මෙම ෙච්තිය අවටය. මෙම ලෙන් භාවිතයට ගෙන ඇත්තේ මෙම ෙච්තිය ඉදිකිරීමට ද පෙරය. මේ ලෙන්වල බ්‍රාහ්මීය අක්‌ෂරවලින් යුතු ලෙන් ලිපි ද දක්‌නට ඇත. මෙම චෛත්‍ය වටා ශෛලමය කංචුqකයක්‌ තැනවූ බවට ද මහාවංශය කරුණු දක්‌වා ඇත. (මහාවංශය පරිච්ඡේදය 33 ගාථාව 25) අනුරාධපුර අරාජික වීමත් සමග මෙම ස්‌ථානය සොරුන් විසින් මංකොල්ල කා ඇත. මෙම ගරා වැටුණු චෛත්‍ය පෙදෙස 1934 වර්ෂයේදී හඳුන්වා ඇත්තේ කිරිබඩ පව්ව ලෙසිනි. 1935 වර්ෂයේදී මෙම ස්‌ථානය කටක ෙච්තිය ලෙස හඳුනාගෙන ඇත. පේසාවන් 03 ක හා වාහල්කඩ එකක අවශේෂ සොයාගෙන ඇත. මෙය මෙරට ඉදිවූ පුරාණතම ස්‌ථූපයකි.

    ආරාධනාගල

    මහාවංශය පවසන පරිදි (පරිච්ඡේද 13 ගාථාව 20) මිහිඳු හිමි ඇතුළු ධර්මදූත පිරිස දෙවනපෑතිස්‌ රජු හමුවීමේ අපේක්‌ෂාවෙන් රැඳී සිටි ගිරි ශීර්ෂයයි. අඹතලය ලෙස වංශකතාව මෙය දක්‌වයි. මිහිඳු හිමියන්ගේ බණ දේශනාව ඇසීමට පැමිණෙන ලෙස ආරාධනා කළ ස්‌ථානය මෙය බවට ද තොරතුරු පවතී.

    නාගපොකුණ

    (අම්බස්‌තලය දාගැබට බටහිර දෙසින් නාග පොකුණ පිහිටා ඇත. ක්‍රිස්‌තු වර්ෂ 575 – 608 කාලයේ)

    පැරණි මූලාශ්‍රවල මෙය හඳුන්වා ඇත්තේ නාගසොන්ඩි පොකුණ ලෙසය. ස්‌වභාවික පර්වතයක නිර්මිත මෙම පොකුණ බැම්මකින් සහ පෙණ 5 ක්‌ සහිත විශාල නාග රුවක්‌ (ගල් මුහුණ මත අර්ධ උන්නතව) සහිත වූ මෙම පොකුණ මිහිඳු හිමියන් විසින් පරිහරණය කර ඇත. දෙවනපෑතිස්‌ රජු මෙම ස්‌ථානයේ සිට දිවා ආහාරය ද ලබාගෙන ඇත. මිහිඳු හිමියන් තම වස්‌ කාලයේදී මෙම පොකුණ ප්‍රයෝජනයට ගෙන ඇත. මෙය වර්තමානයේදී මැද මළුව ලෙස හඳුන්වන පෙදෙසේ දක්‌නට හැකිය.

    සේල චෛත්‍ය

    මිහිඳු හිමියන් මිහින්තලයේදී සමවත් සුවයෙන් වැඩසිටි ස්‌ථානයේ මෙම ස්‌ථූපය ඉදිකර ඇත. මිහිඳු හිමි සහ දේවානම්පියතිස්‌ස රජු අතර ප්‍රථම සාකච්ඡාව සිදුවන්නේ ද මෙම ස්‌ථානයේදී බව සඳහන් වේ. වටදාගෙයක්‌ තිබූ බවට ද අවශේෂයන් ඇත. මෙම ශිලාෙච්තිය පිළිබඳ තොරතුරක්‌ හබරණ දිග්ගල් සන්නසේ සඳහන්ව ඇත.

    මිහිඳු ගුහාව

    මහා වංශයට අනුව මිහිඳු හිමියන් වාසය කළ ගුහාවන් මිහිඳු ගුහා ලෙස හඳුන්වා ඇත. මිහින්තලේ මිහිඳු හිමි වැඩ වාසය කළ ගල්ලෙන් කුටිය මේ නමින් ප්‍රචලිතව ඇත.

    මිහින්තලා මහා සෑය

    වංශ කතා අනුව මහාදාඨික මහානාගරජු විසින් (ක්‍රි. ව. 7 -19 රජ කළ) පර්වතය මත අම්බස්‌තල මහා සෑය ඉදිකර ඇත. මහාචාර්ය පරණවිතානයන් ප්‍රකාශ කරන පරිදි රුවන්වැලිය සහ ඡේතවනය වැනි විශාල ස්‌ථූප ඉදිකිරීමට වඩා වැඩි වියදමක්‌ හා පරිශ්‍රමයක්‌ මෙම ස්‌ථූපය ඉදිකිරීමට වැය කර ඇත. චෛත්‍ය ඉදිකිරීමට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය මෙම ස්‌ථානයට සපයා ගැනීම විශ්මයජනකය. වංශ කතා අනුව (මහාවංශය පරිච්ඡේදය 35 ගාථා 70 -74) සෑය ඉදිකිරීමේදී අත්තිවාරම බිඳ වැටී ඇත. රජුගේ සත්‍යයක්‌ ක්‍රියාවකින් එම බිඳවැටීම නතර වී ඇත. රනින් හා රුවනින් වාහල්කඩ 4 ක්‌ ඉදිකර ඇත. මැණික්‌ කංචුකයක්‌ පූජ කර ඇත. රන් බුබුළු පළ¹ ඇත. මෙම සෑයට කළ විශ්මිත මහා පූජාවන් රැසක්‌ ගැන ද සඳහන් වේ.

    මිහිඳු සෑය

    මහාතූප සලපතළ මළුව ඉදිරියේ පිහිටි ගරාවැටුණු කුඩා ස්‌ථූපයකි. මෙය මිහිඳු හිමියන්ගේ ධාතූන් වහන්සේ තැන්පත් කරමින් කරන ලද්දක්‌ බව ප්‍රකාශව ඇත.

    කළුදිය පොකුණ

    ඇත්වෙහෙර කන්ද සහ ආනෛකුට්‌ටි කන්ද අතර පිහිටා ඇති කළුදිය පොකුණ පරිසර සුන්දරත්වයේ හා චමත්කාරයෙන් යුතු මිහින්තලේ ඇති විශිෂ්ටතම ස්‌ථානයකි. පුරාණ ලංකාවේ වාස්‌තුවිද්‍යාත්මක විස්‌කම් දැකගත හැකිය. මේ සමීපයේ ඇති අනෛයිකුට්‌ටි කන්ද අදටත් යෝගාවචර වූ බවුන්වඩන යතිවරයන්ට කදිම ක්‍ෂේම භූමියකි. මේ සමීපයේ ඇති සද්ධාතිස්‌ස රජු පෙහෙවස්‌ සමාදන් වූවා යෑයි සැලකෙන රජගිරිලෙන කන්ද හමුවේ කන්ද පුරාම ගල්ලෙන් පිහිටා ඇත. පාමුල විහාර අංග රැසක්‌ ද ඇත.

    දාන ශාලාව

    වත්මන් මිහින්තලා මැදමළුවේ ඇති දාන ශාලාව (බත්ගෙය) අභයගිරි විහාරයේ ඇති ධානශාලාවට බෙහෙවින් සමානකම් දක්‌වයි. බත් සහ කැඳ තැබීම සඳහා භාවිත කළ ගලින් කළ බත් ඔරුවක්‌ ද දක්‌නට ඇත. මෙවැනිම බත්ඔරු අනුරාධපුර පැරණි දාන ශාලාව අසලින්ද හමුවී ඇත.

    මිහින්තලේ සෙල්ලිපි

    මිහින්තලයේ ඇති විවිධ සෙල් ලිපි පිළිබඳව එච්. සී. පී. බෙල්, ඒ. එම්. හොර්කාට්‌, හෙන්රි පාකර් සහ සෙනරත් පරණවිතාන ආදි දෙස්‌ විදෙස්‌ ප්‍රාමාණික විද්වතුන්ගේ සුවිශේෂී අවධානයක්‌ සහ විධිමත් විමර්ශනයක්‌ යොමුවී ඇත. යථෝක්‌ත සෙල් ලිපිවලින් හෙළිකරන තොරතුරු අනුව ඓතිහාසික වූ ජාතික වැදගත් කරුණු රැසක්‌ අනාවරණය වේ. තත්කාලීන පාලන විවිධක්‍රම විහාරාරාමවල ආදායම් සහ පරිපාලනය වැටුප් සහ වේතන ක්‍රම නියම කිරීම විධිමත් ගිහි පැවිදි සමාජ සම්බන්ධතා සහ සමකාලීන සමාජ ආර්ථික ආගමික සංස්‌කෘතික සහ දේශපාලන තොරතුරු නිවැරැදි ලෙස දැනගත හැකිය. ඉදිකටු සෑය ප්‍රදේශයෙන් හමුවූ තඹ පත්තිරුවලින්ද තත්කාලීන තොරතුරු රැසක්‌ හෙළිදරව් වේ.

    මැදමළුවේ ඇති පුවරු ලිපි 2

    මිහින්තලේ මැදමළුවේ පිහිටි කදිම නිමාවක්‌ පෙන්වන පුවරු ලිපි දෙක ක්‍රි. ව. නමයේදී පමණ (ක්‍රි. ව. 956-972) හතරවැනි මිහිඳු රජු විසින් කරන ලද්දකි. භික්‍ෂූන් වහන්සේ පැවතිය යුතු ආකාරය සහ ආරාමවල විධිමත් පාලන ක්‍රමවේදයන් පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ මෙහිදී සපයයි. මෙය එවකට රටේ පාලකයා සහ භික්‍ෂූන් වහන්සේ අතර පැවැති සුහද හා නම්‍යශීලී පොදු එකඟතා සහ කථිකාවතක්‌ පැවැති බවට කදිම නිදසුනකි. ඒ අසල භික්‍ෂූන් වහන්සේ එක්‌රැස්‌ වූ රැස්‌වීම් ශාලාව ද (සන්නිපාත ශාලාව) දක්‌නට ඇත (එස්‌.එම්.සිරිවර්ධන – මහව
    Divaina- වාර්තාවකි)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version