English
සිංහල
14:23 බදාදා, ඔක්තෝබර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය පරිපාලන ලේකම් නොදත් රාජ්‍ය පරිපාලන නීතිය සහ දේශපාලනය – රාජ්‍ය පරිපාලනය කොට උඩ යන දුෂිත ලේකම්ලගේ සෙල්ලම් කිහිපයක්!  

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඕනෑම රාජ්‍යක මෙන්ම ආයතනයක හෝ ප්‍රජාවක පරිපාලනය බිඳ වැටීම සිදු වන්නේ එහි පරිපාලන ප්‍රධානියා තම කොටස නොදන්නා කම නිසාය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ ඉහළින්ම තිබෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි අනෙකුත් සියළු අමාත්‍යාංශ පවතින්නේ එම ආයතනයට යටින් වන අතර, ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස ජනාධිපති ලේඛම්වරයාගෙන් පසුව සිටින්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේඛම්වරයා ය. ඔහුත් නීතිය නොදත් මෙන්ම පාලනයෙන් අකාර්යක්ෂම , අදක්ෂ  පුද්ගයෙක් නම් සමස්ථ රාජ්‍ය පරිපාලනයම බිඳ වැටේ.

    ඔහුගේ එවන් අකාර්යක්ෂම, අදක්ෂ නීතිවිරෝදී ක්‍රියා කිහිපයක්ම පසුගිය සති කිහිපයේ වාර්තා විය. ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් වී දිනවලින් ගත් විට හරියටම ඊයේට (04) දින 35 කි. එම දින 35 ට , ඔහුගේ අකටයුතු කම් 4 ක් වාර්තා වීම යනු රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කණ කොකා හැඬිම ආරම්භ වී ඇති බව ඇඟවීමකි. ඉන් කියවෙන ප්‍රධාන කරුණ නම්, ඔහුගෙන් උගත් සියළුම රාජ්‍ය පරිපාලන නිලධාරීන්ද ඔහුගේම පාරේම ගොස් ඇති බවත්, ඔවුන් නුගත්, අදක්ෂ, දුෂිතයන් බවත්, යහපත්, දක්ෂ නීතිගරුක නිලධාරීන්ට තම රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමට ඉහළින් සිටින නිළධාරීන් ඉඩ නොදෙන බවත්, නිසි ලෙස රාජකාරිය සිදු කරන නිලධාරීන්ට දැඩි පීඩනයකට ලක්වීමට සිදුවන බවත්ය.

    වර්තමාන රාජ්‍ය පරිපාලන ලේකම්ගේ පළමු අනාගැනිල්ල ආරම්භ වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දියවඩන නිළමේවරයාට, සහ රත්නපුර දිස්ත්‍රික් දේශපාලන නායකයෙකුගේ සහ නාමික භික්ෂූන් කිහිප දෙනෙකුගේ  අවශ්‍යතාවයට සරිලන ලෙස බොල්තුඹේ සමන් දේවාලයට බස්නායක නිළමේවරයා පත් නොකිරීමේ සිද්ධියයි. ඔවුන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා පත් නොකලහොත් රත්නපුර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරු මාරු කරන බව ඔවුන් ප්‍රකාශ කල බව අප එම කාලයේම වාර්ථා කලේය. කෙසේ නමුත් ඉදිරියේ පැවැත්වෙන රත්නපුර මහා සමන් දේවාලයේ නිලවරණයට ද එම කණ්ඩායම තම පුද්ගලයා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඡන්ද දෙකකි. එම ඡන්ද දෙක රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවත් කලවිට ඔවුන්ට ඉබේටම ජයග්‍රහණය ලැබේ. ඒ වෙනුවෙන් මේ වන විට එම ප්‍රාදේශීය ලේකම්වරු දෙදෙනාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට කැඳවා තිබේ. එම ලිපිය මේවන විට නිකුත් කර තිබේ.

    එම ස්ථාන මාරු දෙකද රාජ්‍ය පරිපාලන නීතීන් උල්ලංඝණය කරමින් නිකුත් කර තිබේ. ඒවා මොනවාදැයි යන්න ලිවීමට අප හදිසි නොවන්නේ එම ලේකම්වරු දෙදෙනාම යුක්තිය පතා අධිකරණයට ගොස් තිබෙන බැවින් සහ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට එරෙහිව ඔහුගේ නමට අලාභ ඉල්ලමින් නඩුවක් පැවැරීමට  කටයුතු සිදුවෙමින් පවතින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බැවිනි. එසේම මෙම ස්ථාන මාරුකිරීම් දේශපාලන පලිගැනීමක් ලෙස සිදුව තිබෙන බැවින් රත්නපුර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් ද එයට එරෙහි වෙමින් සිටී. ඊට අමතරව ගම්මාන කිහිපයක ජනතාව ද මහජන උද්ඝෝෂණයකට සුදානම් වෙමින් සිටී.

    ඉන් අනතුරුව ඔහු හොඳටම නා ගත්තේ මහනුවර උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරයාගේ ස්ථාන මාරුවයි. ඔහු එයින් ඇදගෙන නා ගත්තා පමණක් නොව අවසානයේ ස්ථාන මාරුව අවලංගු කරන ලදී. ඊටත් අමතරව එම ප්‍රාදේශීය ලේකම්වරිය ද මේ වන විටත් නඩුවක් පැවරීමට අවශ්‍ය කටයුතු සකසා තිබෙන බවද වාර්තා වේ.

    ඒ අතරතුර තවත් ප්‍රාදේශීය ලේකම්වරයෙක් සංචිතයට කැඳවා තිබේ. ඒ නාවලපිටිය පස්බාගේ ප්‍රාදේශීය ලේකම්වරයා ය. එයට එරෙහිවද මහජන උද්ඝෝෂණයක් පැවතුනේ පසුගිය සතියේය. ඔහුගේ ස්ථානයට පැමිණෙන ලේකම්වරයාට ඉඩ දී ඔහු යා යුතු වුවත්, ඔහුට ස්ථානයක් ලබා නොදී සංචිතයට කැඳවා අපහසුතාවයට ලක් කිරීම වරදකි. 

    රාජකාරිය බාරගෙන දින 35 ක් ඇතුලත ඔහුගේ අදක්ෂ බව, නීතිවිරෝදී බව, නීතිය පමණක් නොව ඔහුට අයත් ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි ආදියවත් නොදන්නා බව පෙන්වා තිබේ. එසේම රත්නපුර සිද්ධියෙන් මෙන්ම, මහනුවර උඩපලාතේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිද්ධි වලින්ද පෙනෙන්නේ, ඔහුද  දේශපාලනයට අවශ්‍ය ලෙස තම නඟුට වනන්නෙක් බවයි. පස්බාගේ සිද්ධියද දේශපාලන පලිගැනීමක් බව සැක පහල කරයි.

    ඒ අතරේ අප දිගින් දිගටම පෙන්වා දුන් සබරගමුවේ අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රධානතම දුෂිත ස්ථාන අතුරෙන් එකක්වන ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගැටළු විසදීමට සබරගමුව පළාත් ලේකම් හෝ අධ්‍යාපන ලේකම්වරුන් අසමත්ව තිබේ. අප මුල සිටම පෙන්වා දුන්නේ ඔවුන් කරන්නේ තම දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම පමණක්  බැව් මීට මාස කිහිපයකට පෙර සිටම පෙන්වා දුන්නේය. ඔවුන් නොකරන නිසා සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායකට සියල්ලම බැලීමට සිදුව තිබේ. ඔවුන්ගේ දේශාපලන සම්බන්ධකම් සහ කුමන්ත්‍රණ කෙතරම් සංකීර්ණද යන්න සොයා ගත හැකි හොදම ක්‍රමය නම් ඔවුන්ගේ දුරකථන ඇමතුම් පරික්ෂා කිරීමයි. අන්තර්ජාල ඇමතුම්ද දැන් පරික්ෂා කල හැකිය.

    කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් සතුව පැවැති දේශපාලන වන්දනාව නිසා වර්තමාන ජේෂ්ඨ පරිපාලන නිලධාරීන් ට තම න් කරන  මහජන රාජකාරිය අමතකව තිබේ. ඔවුන් ඉතාම හොඳින් ඉගෙන ගෙන තිබෙන්නේ වංචාව, දුෂණ ය මෙන්ම විවිධ ආකාරයෙන් මහජන මුදල් ගසාකන්නා ආකාරය සහ ඔවුන්ගේ ඊ ළඟ තනතුරු රැකගැනීම උදෙසා මහජන තනතුර අවභාවිතා කිරීමට  බව පැහැදිලිවම මතුවන්නේ මෙවැනි සිද්ධීන් වලිනි. අපගේ අත් දැකීමේ හැටියට නම්, දිස්ත්‍රික් ලේකම් තනතුරු ලබා ගැනීමට පවා රාජ්‍ය පරිපාලන නිලධාරීන් දේශපාලන බලාධිකාරීන් පසුපස වැඳ වැටෙන්නේය. අප සිටින්නේ එවන් රටකය. ඉන් අනතුරුව ඔවුන් රූකඩ සේ හැසිරෙන අතර මහජන පිඩා පසෙක දමා දේශපාලඥයන්ට අවශ්‍ය ලෙස පමණක් ඔවුන් කටයුතු කරන්නේය. එවැනි සිද්ධීන් ද ගණනාවක්ම අප වාර්තා කර තිබේ.

    එවන් රටක රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ දෙවැන්නා වන ( ඉහළින්ම සිටින්නේ ජනාධිපති ලේකම්වරයාය) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාද වැඩ බැරි ටාසන්වරයෙකු වීම, රටේ මහජනතාවගේ මෙන්ම කණිෂ්ඨ රාජ්‍ය සේවකයන්ගේ ද පැවැත්මේ තත්වය තව දුරටත් නින්දාසහගත සහ පිඩාකාරී තත්වයට පත්වනු ඇත.

    එබැවින් මෙවැනි නින්දා සහගත ලේකම්වරුන්ට එරෙහිව ගත යුතු නිසි ක්‍රියාමාර්ග නොගැනීම රාජ්‍ය සේවය තව දුරටත් නිශ්චිත ආකාරයට පවත්වාගෙන යාම දිනෙන් දින ගැටළු ඇති කරවනු ඇත. දේශපාලඥයන් වෙනස් කලත් රාජ්‍ය රාජ්‍ය නිලධාරීන් වෙනස් කල නොහැක. එබැවින් අප රටේ මෙම දුෂණකාරී, සහ නාස්තිකාරී තත්වයන් වෙනස් කිරීමට නම් රාජ්‍ය සේවයද ප්‍රතිනිර්මාණය විය යුතුමය.

    එවිට යහපත් රාජ්‍ය සේවකයන් ආරක්ෂා වන අතර දුෂිත ලෙස කටයුතු කරනා ජේෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ටත් රාජකාරිය නිසි ලෙසම ඉටුකරගත හැකිවනු ඇත. එසේ වූ විට අප ඉහතින් සදහන් කල, මේ වන විට අසාධාරණයට ලක්ව සිටින ඉහතින් සදහන් කල ප්‍රාදේශීය ලේඛම්වරුන්ට මෙන්ම එම කුලකයන්ට අයත් අනෙකුත් නිලධාරින්ට තම කටයුතු නිසි ලෙස කරගෙන යාමට හැකිවනු ඇත.

    Tags: ගවේෂණාත්මක පුවත්ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version