English
සිංහල
02:14 බදාදා, ඔක්තෝබර් 29, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍යයි.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් වෙන් කර අවසන්.

    2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බව පවසමින් විවිධ පාර්ශ්වයන් චෝදනා එල්ල කරමින් පවතී.

    මේ පිළිබඳව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතනවලින් කළ විමසීමේදී පහත තොරතුරු අනාවරණය විය.

    1963 වර්ෂයේ දී රංජිත් විජේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව එවකට ලේක්හවුස් සමාගම විසින් සිය ආගමික හා සමාජ මෙහෙවර වෙනුවෙන් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කර ඇත. එතැන් සිට වාර්ෂිකව පුරා වසර 59ක් ආලෝක පූජාවට, සති පිරිතට, පෙරහරට සහ චෛත්‍ය පින්තාරු කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම සිදු කර තිබේ.

    2020 / 2021 කොවිඩ් කාල සීමාවේදී සහ 2022 වර්ෂයේ දී ද පිළිවෙළින් රුපියල් මිලියන 4.6ක්, රුපියල් මිලියන 2.3ක් හා රුපියල් මිලියන 2.9ක් වශයෙන් ආධාර ලබාදී ඇත. ලේක්හවුස් ආයතනය 2018 වර්ෂයේ සිට අඛණ්ඩ පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර, 2022 වර්ෂයේ මූල්‍ය අලාභය රුපියල් මිලියන 192කි.
    ලේක්හවුස් ආයතනය පාඩු ලැබීම හේතුවෙන් මෙවන් වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමේ හැකියාවක් මේ වර්ෂයේ නොපවතින බව කළමනාකාරිත්වය විසින් මිහින්තලා පොසොන් කමිටුව දැනුවත් කොට ඇත.

    මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලා පොසොන් පෙරහර සඳහා පමණක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් රුපියල් ලක්ෂ 170ක ඇස්තමේන්තුවක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබිණි.

    නමුත් අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ රටේ පැවති ආර්ථික දුෂ්කරතා හමුවේ පනවනු ලැබූ නව මූල්‍ය රෙගුලාසි අනුව එතරම් විශාල මුදලක් වෙන් කිරීමට නොහැකි බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්මත වැය ශීර්ෂයට අනුව 2023 පොසොන් මිහිඳු පෙරහර සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවත්ය.

    එසේම 2019 වසරේ සිට 2023 වසර දක්වා මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවති පොසොන් මිහිඳු පෙරහර සඳහා අමාත්‍යාංශය විසින් දරණ ලද වියදම් වාර්තාවක් ද ලේකම්වරයා විසින් ඉදිරිපත් කළේය. ඊට අනුව 2019 වසර සඳහා රුපියල් හතළිස් අට ලක්ෂ දස දහසක මුදලක් ද (4,810,000), 2020 වසර සඳහා රුපියල් තුන්ලක්ෂ අසූ දහසක මුදලක්ද (380,000), 2021 වසර සඳහා නව ලක්ෂ හතළිස් දහසක මුදලක් (940,000), 2022 වසර සඳහා රුපියල් විසි එක් ලක්ෂ පනස්දහසක මුදලක් ද (2,150,000) අමාත්‍යාංශ්‍ය විසින් මිහින්තලා රජමහා විහාරස්ථානයේ පොසොන් මිහිඳු මහා පෙරහර සඳහා ලබා දී ඇත.

    තවද සියලු අමාත්‍යාංශවල අනුමත වැය ශීර්ෂවලින් 6%ක මුදලක් අඩු කොට වියදම් දැරීම සඳහා කැබිනට් තීන්දුවක් පවතින මොහොතක එය මෙම වැඩසටහන සඳහා බල නොපවත්වන පදනමින් ක්‍රියා කිරීමට කටයුතු කර ඇති බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා සඳහන් කර සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවයේ වියදම් දැරීම සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිදහස් කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.

    ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය එකඟත්වය පළ කර ඇත. එහිදී පොම්ප සවි කිරීම, දන්සැල් කලාප සඳහා ජල නළ දීර්ඝ කිරීම, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල කරාම 400ක් ස්ථාපනය, ජල බවුසර් මගින් ජලය සැපයීම, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන තාවකාලික වැසිකිළි පද්ධති සඳහා ජල නළ දීර්ඝ කර ජලය සැපයීම, බැතිමතුන් සහ සිල්සමාදන් වන සැදැහැවතුන් එකතුවන ස්ථාන සඳහා ජල ටැංකි සහ කරාම පද්ධති ස්ථාපිත කිරීම හා මිහිඳු පෙරහරෙහි ගමන් කරන අලි ඇතුන් සඳහා පෙරහර මාර්ගයේ ඇති යකඩ ටැංකි සඳහා ජලය සැපයීම ආදී කාර්යයක් වෙනුවෙන් වැට් රහිතව රුපියල් ලක්ෂ 157ක මුදලක් ආයතනිකව දැරීමට කටයුතු කරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා තහවුරු කළේය.

    එමෙන්ම මිහින්තලය, තන්තිරිමලේ, සඳ හිරු සෑය ඇතුළත් අනුරාධපුර පොසොන් කලාපය ඉදි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජූනි 02 වන දිනට යෝජිත මිහින්තලා පෙරහර සඳහා සෙබළුන් සහ නිලධාරීන් 384 දෙනෙකු අනුයුක්ත කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

    එසේම 2023 අප්‍රේල් 18 වන දින සිට මැයි 31 වන දින දක්වා මිහින්තලා පුද බිමේ විවිධ කටයුතු සඳහා යුද හමුදා සෙබළුන් 146 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබළුන් 30 දෙනෙකු යොදවා ඇත.

    තවද මැයි මස 22 වන දින සිට 28 දින දක්වා යුද හමුදාවේ සෙබළුන් 410 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් 525 දෙනෙකු මිහින්තලා පූජා භූමියේ සංවර්ධන කටයුතු සහ පොසොන් වැඩසටහනේ සෙසු කාර්යයන් සඳහා යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මහතා සඳහන් කර සිටින්නේ 2023 මැයි 24 වන දින මිහින්තලා රජ මහා විහාරස්ථාන මැද මළුවේදී සහ 2023-05-25 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලද පොසොන් කමිටු රැස්වීමේ දී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් කාර්යයන් රැසක් ඉටු කිරීමට එකඟත්වය පළ කළ බවයි.

    ඒ අනුව උඩ මළුවේ සහ මිහින්තලය පුද බිමේ සිල් සමාදන්වන 60,000ක් පමණ වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් දහවල් දානය පිරිනැමීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල දායක කරගෙන සිදු කරනු ලැබේ.

    එසේම සිල් සමාදන් වූ සැදැහැවතුන් සඳහා සවස ගිලන් පස ලබාදීම ලංකා බැංකුව සිදු කරනු ලබයි.

    පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුව වෙනුවෙන් අනුරාධපුර මහ නගර සභාවේ සම්පූර්ණ දායකත්වයෙන් තාවකාලික වැසිකිළි 350ක් ඉදිකිරීමටත්, මිහින්තලේ ප්‍රාදේශීය සභාව විසින් තාවකාලික වැසිකිළි 80ක් මිහින්තලා පුදබිම අවට ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

    මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය සභාව සනීපාරක්ෂක සේවා සැපයීම සඳහා කටයුතු කරයි. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂකගේ මැදිහත්විමෙන් හදිසි අවස්ථාවලදී ප්‍රතිකාර ලබාදීම සඳහා සියලු රජයේ රෝහල් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමටත්, පැරණි නගරයේ රෝහල පැය 24 පුරා සක්‍රියව පවත්වාගෙන යාමටත් කටයුතු කරනු ඇත.

    ජීවිතාරක්ෂක සේවා සහ ආපදා අවම කර ගැනීම සදහා පොසොන් සතිය පුරා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 150 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 15 දෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 40 දෙනෙකු, ස්වේච්ඡා ආයතනය නියෝජනය කරමින් 140 දෙනෙකු ජීවිතාරක්ෂක සේවා කටයුතුවල නිරත වේ.

    මීට අමතරව ශ්‍රී ලංකා පොලිසීයේ මැදිහත්වීමෙන් අනුරාධපුරය ආශ්‍රිතව පිහිටි වැව් 26ක් ආවරණය කරමින් එක් ස්ථානයකට පොලිස් නිලධාරින් 05 දෙනෙකු බැගින් මුර සංචාරක වැඩපිළිවෙළක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු යෙදවීමට ද කටයුතු කර ඇත.

    බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ මිහින්තලය පොලිස් ස්ථානාධිපතිගෙන් සැදුම්ලත් විශේෂ ආරක්ෂක කමිටුවක් ද පත් කර ඇත.

    පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා පොසොන් සතිය පුරා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇත. ඒ අනුව අතිරේක දුම්රිය 10ක් යෙදවීමට කටයුතු කර ඇති අතර, දුම්රිය ධාවන ගමන්වාර වැඩි කිරීම සඳහා ද පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරයි.

    තවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් පවසයි.

    මේ අනුව පෙනී යන්නේ රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් මිලියන 28.8ක මුදලක් (රුපියල් ලක්ෂ 288ක්) මිහින්තලා පොසොන් වැඩසටහන් වෙනුවෙන් ලබා දී ඇති බවයි.

    ඊට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ නගර සභා, ප්‍රාදේශීය සභා මගින් තවත් කාර්යයන් රැසකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සහ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දීමට මේ වන විටත් පියවර ගෙන ඇත.

    එවැනි පසුබිමක 2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින්ම සාවද්‍ය සහ පදනම් විරහිත බව තහවුරු වේ.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version