කටුගස්තොට ජම්බුගහ පිටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පියා සහ දියණිය ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. මාර්ගයේ ගමන් කරමින් සිටි පිය සහ දියණිය ධාවනය වෙමින් තිබු වැන් රථයක ගැටී මෙම අනතුර සිදු වුනු බව කියයි. මොවුන් දෙදෙනා පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය . අනතුරින් මිය ගිය පියා 47 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දියණිය 14 හැවිරිදි අයෙකි .
සිද්ධිය සම්බන්ධයෙන් වැන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.














































